!!FLOOD WARNING:-ඉදිරි පැය 48

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මේ විඳින්නේ සැලසුමක් නොමැති ගොඩකිරීම්, නාගරීකරණය සහ පරිසර විනාශයේ ප්‍රතිඵලයි.ලංකාවේ කිසිදු දේශපාලඤයෙකුට රටේ අනාගතය ගැන දැක්මක් හෝ කැක්කුමක් නැහැ. මුදල් ලැබෙනවා නම් ඕනෑම තෙත්බිමක් ගොඩකිරීමට,
ඕනෑම පරිසරයක් විනාශකිරීමට ඉඩදීමට ඔවුන් සූදානම්. ඒවායේ ප්‍රථිපල භුක්ති විඳින්න සිද්ද වෙන්නේ සාමාන්‍ය ජනතාවට.

ලංකාවේ සාමාන්‍ය ජනතාව කියන උනුත් පව් නැති කාලකණ්නි පිරිසක් (බහුතරය)එහෙම කියන්න
හේතුව අංක 01
උඩ කියපු දේශපාලඥයන්ව පාර්ලිමේන්තුව කියන උත්තරීතර ආයතනයට යවලා ඒක කෝලම් මඩුවක් බවට පත්කරන්න උදව්කරන ප්‍රධාන සාධකය රටේ මීහරක් ජහමනයා.

හේතුව අංක 02

රටේ මහජනයාගේ ආකල්ප හරි නැහැ. පරිසරය ගැන උන්ටත් කැක්කුමක් නැහැ.සල්ලි ලැබෙනවා නම් දහජරා වැඩක් කිරීමට උන් සූදානම්. පරිසරයට හානියක් සිදුවන විට පක්ෂ පාට බේධයක් නැතිව එක්සත්ව පරිසරය වෙනුවෙන් පෙනී සිටින්න රටේ බහුතරය නැහැ.

තැනක් නොතැන බලලා කෙල ගහන, ටොපිකොලේ, ෂොපින් එක වටපිට බලලා පාරටම නැත්නම් කාපු තැනම විසිකරලා දාන, මහ රෑ තමන්ගෙ ගෙදර කුණු කොහාට හරි හොරෙන් ගිහිල්ලා දාන කාලකණ්නි ඉන්න රටක් මේක.

ශ්‍රී පාද කාලය ඉවර උනාම බැතිමත්තු කියලා ආපු කාලකණ්නි විසිකරලා දාපු පොලිතින් කන්ද දැක්කාම දෙවි කෙනෙක්වත් ශ්‍රී පාදේ ඉන්නෙ නෑ.

දිය ඇල්ලක්, ගංගාවක්, ලස්සන පරිසරයක් තියන තැනක අපද්‍රව්‍ය, බියර් කෑන්, කුඩු කරපු බෝතල් වල නිමාවක් නෑ.

ඉතිං එහෙව් කාලකණ්නින්ට මූණ දෙන්න වෙන්නේ උන් වපුරපු දේවල් වලම ප්‍රථිපල. හේතු සහිතවමයි ඵල ඇතිවෙන්නේ. කරුමෙ කියන්නේ රටේ ඉන්න ටික දෙනෙක් වෙච්චි හොඳ මිනිස්සුන්ටත් ඒවගේ විපාක විඳින්න වෙන එක.

කැලෑවක් තියෙන්න දෙන්නෙ නෑ පායන කාලෙට හොරෙන් ගිනිතියලා දානවා කැලෑ මායිමේ තියන තමන්ගේ ඉඩමේ මායිම වැඩිකරගන්න.
කන්දක් තියෙන්න දෙන්නෙ නෑ අනවසරයෙන් සුද්ද බුද්ද කරලා එලවලු හදන්න ගන්නවා. ඊට පස්සෙ වැහැල කන්ද නායගිහිල්ලා යට උනාම මොර දෙනවා “අනේ දෙයියනේ අපිට ඇයි මෙහෙම උනේ කියලා“.

ඔයක් , ගඟක් තියෙන්න දෙන්නෙ නෑ වැලි ගන්නවා. ඔයවල් වල වතුරමට්ටම් පහල ගියාම වටේම ළිං හිඳෙනවා.ඊට පස්සෙ දෙයියන්ට දොස් කියනවා ලිං වල වතුර නෑ කියලා. ඉවුරු හූරගන වැලිගත්තාම ඊළඟ මහවැස්සෙන් ඉවුරුකඩාගන ගිහිං ඉඩමෙන් භාගයක් ගියාම ආයෙ දෙයියන්ට කියනවා.

මේ විඳින්නේ අපිම වපුරපු දේවල් වල ප්‍රථිපල

ou2l3m.jpg
 

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,806
    30,943
    113
    ඇත්ත නැත්ත නං හරියටම කියන්න දන්නෑ බුකියේ පෝස්ට් වගයක් යනවා දැක්කා ගංගා උතුරලා කිබුල්ලු එලියට ඇවිල්ලා කියලා....ගංවතුරට අහුවෙලා ඉන්න එවුන් වතුරට බහිද්දී බලාගෙන:shocked:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,154
    8,849
    113
    Dubai
    මහ වැස්සෙන් 91ක් මිය යති-110ක් අතුරුදන්

    අධික වර්ෂාව නිසා ඇතිවූ ගංවතුර හා නායයෑම් තත්ත්වයෙන් මේ වන විට 91 දෙනකු මියගොස් 110ක් අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය කියයි.

    පව් අහිංසක මිනිස්සු.... හැම දෙයක්ම වෙන්නේ අහිංසක මනුස්සයාටමයි. මේ ගංවතුර පාර්ලිමේන්තුව තියෙන දවසක දියවන්නාවට ගහන්නේ නෑනේ
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Flood watch... 2017-05-27 / 02:50am

    කැළණි ගඟේ වේල්ල (බන්ට් එක) අවධානම්.!

    කැළණිය ප්‍රදේශයට නැවතත් වැසි ඇද හැලේ...
    කැළණි ගං වේල්ල මත කූඩාරම් අටවාගෙන රැඳී සිටින පිරිස් වහාම ඒවායින් ඉවත්වීමට කටයුතු කරන්න..