රට යනවනම් Foreign Ministry ගැන දැනගනිමු
Study වලට රට යනවනම් නැත්තම් රැකියාවකට රට යනවනම් වගේ ගොඩ දෙනෙක්ට යන්න වෙන තැනැක් තමා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා අංශය කියන්නේ.
මෙතනදි ඔයාලට පුලුවන් ඔයාලගේ ලිපි ලේඛන සහතික කර ගැනීමේ කටයුතු කරගන්න.මම කතා කරන්නේ බලාපොරොත්තු වන්නේ Study වලට රට යන අයගේ ලිපි ලේඛන සහතික කර ගැනීමේ කටයුතු විතරයි.
ඉස්සෙල්ලම අපි බලමු මේක කොහෙද තියෙන්නේ කියලා.
කොළඹ 01, ශ්‍රී‍්‍රමත් බාරොන් ජයතිලක මාවතේ, අංක 14 දරණ ස්ථානයේ පිහිටි ආයෝජන මණ්ඩල ගොඩනැගිල්ලේ 5 වැනි මහලේ හා 3 වැනි මහලේ.
ඒ කිව්වේ කාගිල්ස් බිල්ඩින් එකේ කෙළවරේම.
මෙතෙන්ට යන්න කලින් කරගන්න තව වැඩ තියෙනවා.ඔබ යන්න බලාපොරොත්තු වෙන රටේ Embassy එකෙන් ලබා ගත්තු වීසා අයදුම් පත.එකේ තියෙනවා සහතික කල යුතු ලිපි ලේඛන මොනවද කියලා.
ගොඩක් වෙලාවට ඉල්ලන්නේ O/L & A/L සහතික පාසල හැර යාමේ සහතිකය සහ උප්පැන්න සහතිකය.
O/L & A/L සහතික
ඔයාලට යන්න වෙනවා බත්තරමුල්ල ඉසුරුපායේ Department of Examination අංශයට. එතනින් Application Forum එකක් අරගෙන Fill කරලා
(මතක ඇතුව O/L & A/L විභාග අංක සහ වර්ෂයන් මතක තියාගෙන යන්න) පලවෙනි කවුන්ටරයට බාර දෙන්න,ඊට පස්සේ දෙවැනි කවුන්ටරයට යවයි.මෙතනදි සල්ලි ගෙවන්න වෙයි (500*2 = 1000)
තුන්වැනි කවුන්ටරෙන් කාඩ් දෙකක් දෙයි ඒ දෙක අරගන්න.
දැං අපි යමු අධිකරණයේ දිවුරුම් දුන් භාෂා පරිවර්තකයකු මුණ ගැහෙන්න. අපේ උප්පැන්න සහතිකයයි පාසල හැර යාමේ සහතිකයයි English වලට Translate කරලා සහතික කරගන්න.
මෙතනදී පොඩි මුදලක් තමා ගන්නේ.ඊට පස්සේ Translate කරපු පාසල හැර යාමේ සහතිකය අරගෙන පලාත් අධ්‍යාපන කාර්යාලයට ගිහින් ඒක සහතික කරගන්න ඕනේ.Free Of Charge
මේ ටික කරගෙන දවසකට හරි දවස් දෙකකට පස්සේ හරි අපි යමු විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා අංශයට.මතක ඇතුව මේ සේරම අරගෙන යමු.
උදේ 6 ඉදලා අයදුම්පත්‍ර නිකුත් කරනවා.6 වෙනි තට්‍ටුවේ තමා තියෙන්නේ.ID එකයි Original Document එකයි පෙන්නලා Application Forum එක ගන්න පුලුවන්.
ඒකත් එක්ක අපිට Token Number එකක් හම්බ වෙනවා.
Application Forum එකත් Fill කරලා අපි යමු 3 වැනි තට්‍ටුවට.දැං අපිට ඉදගෙන ඉන්න වෙනවා අපේ Token Number එක එනකන්. එතකං අපි අපේ O/L & A/L සහතික ටික ගමු.
එතන කොනේම තියෙනවා තනි කවුන්ටරයක් එතනට ගිහින් අර ඉසුරුපායෙන් හම්බ වෙච්ච කාඩ් ටික දීලා සහතික ටික ගන්න පුලුවන්.එතෙන්ට 500ක් දෙන්න ඕනේ.එතකොට ඒ වැඩේ හරි.
දැං අපේ ටෝකන් නම්බරේ ඇවිල්ලත් ඇති.එතන TV වල අපේ Token Number එකට අදාල කවුන්ටර් Number එක වැටිලා ඇති.
දැං අපේ Application Forum එකයි සහතික ටිකයි දීලා සල්ලිත් ගෙවලා රිසිට් එක ගන්න ඕනේ.එක සහතිකේකට 500ක් ගන්නවා.
මේ වැඩ වලට උදේම යනවනම් හොදයි.ඒත් වැඩි වෙනසක් නෑ.1 ඉදලා 100 වෙනකන් Token Number එකක් ගන්න පුලුවන් උනොත් හරි නැත්තම් ඉතින් පැය 4ක් වගේ ඉන්න වෙනවා.
දැං එතනට වැඩ ඉවරයි දැං යමු 5 වැනි තට්‍ටුවට ආයේ.මෙතන තමා පැය ගානක් කට්ට වෙන්නේ අපේ සහතික ටික සහතික කරලා එනකම්. 10 AM ඉදලා තමා නිකුත් කරන්නේ.එතනම පොඩි කඩේකුත් තියෙනවා මොනා හරි කනවනම් බොනවනම්
මෙතනනත් අර වගේම token Number ටික වැටෙනවා TV වල.
අපේ Token Number එක ආපු ගමන් එතන කවුන්ටර් එකට ගිහින් සහතික ටික ගන්න තියෙන්නේ.
හුගක් මහන්සි වෙලා කෙටුවේ. වැදගත් උනා නම් සලකලා යන්න.

- ජාතික හැදුනුම්පත
- ඉසුරුපායෙන් හම්බ වෙච්ච කාඩ් දෙක
- Translate කරපුවා Translate කරපු නැති ඒවා
- පෑනක්

ජර්මන් යනවනම් ඔයාලට ඕන වෙනවා Dutch Bank එකේ Private Account එකක් Open කරන්න.ඒ ගැන දැන ගන්න ඕනේ නම් කියන්න.
Dutch Bank එකේ Private Account එකක් Open කරන්න ගියපු කට්ටිය දන්නවා ඇතිනේ මොකද සිද්ද උනේ කියලා

Last edited: