forex කරලත් ඉවරයි - Central Bank of Sri Lanka
Central Bank of Sri Lanka
අවසර නොලත් විදේශ විනිමය වෙළෙඳාම
FOREX TRADING
අසීමිත ප්රතිලාභ ලැබිය හැකි බවට සහතික දෙමින් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය, සමාජ මාධ්‍ය, අන්තර් ජාලය සහ විද්‍යුත් පණිවුඩ භාවිතා කරමින් සමහර සමාගම් විසින් කරනු ලබන ප්‍රචාරණ දැන්වීම් මගින් ජනතාව අවසර නොලත් සහ නීත්‍යානුකූල නොවන විදේශ මුදල් වෙළෙඳාම් කිරීමේ ව්‍යාපාර වෙත පෙළඹවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.
මෑත කාලයේදී, සමහර පුද්ගලයින් සහ සමාගම් විසින් සිදු කරන ලද මෙවැනි ප්‍රචාරණයන් හේතුවෙන් එයට සම්බන්ධ වූ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ මුදල් අහිමි වූ අවස්ථා පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණිලි ලැබී ඇත.
පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් මහජනතාවගේ අවධානය යොමු කරවීම මෙම නිවේදනයේ අරමුණ වේ.
• 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ ප්රතිපාදනයන් ප්‍රකාරව නිකුත් කරන ලද රෙගුලාසි සහ නියමයන්ට යටත්ව අවසරලත් වෙළෙඳුන් ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකුවලට ජංගම සහ ප්‍රාග්ධන ගනුදෙනු සඳහා විදේශ විනිමය භාවිතා කොට ගනුදෙනු කිරීම සඳහා අවසර ලබා දී ඇත.
• ඒ අනුව, ශ්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි වෙනත් ඕනෑම පුද්ගලයෙකුට විදේශ විනිමය වෙළෙඳාම් කිරීමේ ගනුදෙනුවල නිරතවීමට හෝ එවැනි ගනුදෙනු සදහා ශ්‍රී ලංකාවෙන් පිටතට මුදල් පේ‍්‍රෂණය කිරීමට සහ විදේශ විනිමය වෙළෙඳාමෙන් උපයන ලද ආදායම් හෝ ලාභ ලබා ගැනීමට අවසර ලබා දී නැත.
• ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, ශ්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි පුද්ගලයෙකු වෙනුවෙන් විදේශ විනිමය වෙළෙඳාම සදහා පහසුකම් සැලසීමට හෝ විදේශ විනිමය වෙළෙදාමට සම්බන්ධ ගනුදෙනු කිරීමට බලයලත් වෙළෙඳුන් හට කිසිදු අවසර ලබා දී නොමැත.
• එබැවින්, ශ්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි පුද්ගලයෙකු විසින් විදේශ විනිමය වෙළෙඳාමේ නිරතවීම විදේශ විනිමය පනතේ ප්රතිපාදනයන් උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලැබේ.
• විදේශ විනිමය පනතේ ප්රතිපාදනයන් ප්‍රකාරව, එවැනි විදේශ විනිමය වෙළෙඳාම් ගනුදෙනු කිරීම සඳහා මහජනතාව දිරිමත් කරන පාර්ශවයන් සහ එවැනි ගනුදෙනුවල නිරත වන පුද්ගලයින් යන දෙපාර්ශවයටම එරෙහිව නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාවක් ඇත.
ඉහත කරුණු සහ මුදල් අහිමිවීමට ඇති අවධානම සැළකිල්ලට ගනිමින්, එවැනි අවසර නොලත් විදේශ විනිමය ගනුදෙනුවල නිරත වීමෙන් වළකින ලෙස මහජනතාව වෙත තරයේ අවවාද කරනු ලැබේ.
එවැනි අවසර නොලත් විදේශ විනිමය වෙළෙඳාමේ නිරත ව්‍යාපාර හෝ ගනුදෙනුකරුවන් පිළිබඳ කිසියම් තොරතුරක් හෝ පැමිණිල්ලක් ඇතොත්, විදේශ විනිමය පනතේ ප්රතිපාදනයන් ප්‍රකාරව අවශ්‍ය පියවර ගැනීම සඳහා එකී තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ වෙත යොමු කළහැකිය.
Central Bank of Sri Lanka
facebook.com/cbsrilanka

ketha weda thama