මේකේ නීතිමය තත්වය මගේ අර්ථකතනයේ හැටියට මෙහෙමයි. කලින් තිබුන 1953 Exchange Control Act එකේ 5(1) සහ 7(a) වගන්ති වල හැටියට පැහැදිලිව මහ බැංකුවේ අවසරයකින් තොරව forex trading කරන්න කිසිම හැකියාවක් නැහැ . මේ ගැන මහජනයාට අවවාද කරලා Centrel Bank එකෙන් 2012 මැයි වල notice එකකුත් දාල තිබුනා. හැබැයි මේ පනත දැන් වලංගු නැහැ. දැන් තියෙන්නේ 2017 Foreign Exchange Act එක. මේකේ කලින් තිබුණු ගොඩක් restrictions අයින් කරලා තියෙනවා. හැබැයි forex trading ගැන කෙලින්ම සඳහනක් නැහැ (කලින් තිබුනේත් නැහැ). හැබැයි අලුත් පනතේ 5 වන වගන්තියේ හැටියට ඕනෑම කෙනෙකුට තමන්ට විදේශ මුදල් ලංකාවේ බැංකුවක හෝ පිටරට තියෙනවනම් ඒවා භාවිතා කරලා ඕනම ජංගම හෝ ප්රාග්දන වියදමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන් උපයපු විදේශ මුදල් භාවිතා කරලා forex trading කරන්න තහනමක් මට නම් පෙන්නේ නැහැ.
හැබැයි කෙනෙක් කුමන හෝ ක්‍රමයකට LKR convert කරලා forex trading කරන්න යනවනම්, එතනදී නීතිමය තත්වය ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන්. මොකද මෙතැනදී බැංකුවට පුළුවන් customer ගේ අවශ්‍යතාවය සලකා බලල ඒවගේ ගනුදෙනුවක් කරනවද නැද්ද කියන එක තීරණය කරන්න. Forex Trading වලට කරන ගෙවීම ජංගම වියදමක් ද ප්රාග්දන වියදමක් ද කියල මෙතැනදී තීරණය කරන්න වෙන බවයි මගේ අදහස. කව්රු හරි දීර්ග කාලීන ආයෝජනයක් හැටියට කරනවානම් මේක ප්රාග්දන වියදමක් හැටියට සලකල බැංකුවකට පුළුවන් එවැනි ගනුදෙනුවක් ප්‍රතික්ෂේප කරන්න (අදාළ අවසරයන් නැත්නම්). ජංගම වියදමක් හැටියට අරගෙන එම ගනුදෙනුව කරන්නත් බැරි කමකුත් නැහැ. credit card වලින් forex වලට ගෙවන එවාත් ප්රාග්දන වියදමක් හැටියට සලකල block කරන්නත් බැංකුවට පුළුවන් මොකද ප්රාග්දන ස්වභාවයේ ගනුදෙනු වලට credit card භාවිතා කිරීමට අනුබල දෙන්න බැංකුවලට තහනම්. දැන්නම් ගොඩක් බැංකු credit card වලින් forex, binary වලට ගෙවන එක block කරලා තියෙන්නේ.
හැබැයි මේකේ හොඳකුත් තියෙනවා. මොකද ඔය forex/binary referral marketing කරන අය ඔවා market කරන්නේ ලේසියෙන්ම පෝසත් වෙන්න, නිකම් ඉදන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම හැටියට. මේවට රැවටිලා ගොඩක් අය අතේ තියෙන ගානටත් කෙලවගන්නවා.