Forex වලින් මාසෙකට කීයක් හොයන්න පුළුවන්ද?
Forex ඉගෙන ගන්න හදන ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේකෙන් කීයක් හොයන්න පුළුවන්ද කියන එක. (හරි ඉස්සෙල්ලාම Forex කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අය http://forexinsinhala.blogspot.com/2011/01/forex.html එකට ගිහිල්ලා අදහසක් ගන්න.) සමහර අය කියනවා මේකෙන් මාසයකට රු 20,000, 30,000ක් පුළුවන් කියලා. තවත් සමහර අය කියනවා මේකෙන් රු 100,000කට වැඩිය හොයන්න පුළුවන් කියලා. තවත් සමහර අය කියනවා මේකෙන් සල්ලි හොයන්න බෑ කියලා. කව්ද ඇත්ත කියන්නේ?
ඒවගේම සමහර අය කියනවා මේක පටන් ගන්න ලොකු සල්ලියක් ඕනෙ කියලා. තවත් අය කියනවා $1කිනුත් පටන් ගන්න පුළුවන් කියලා. සමහර අය කියනවා Forex කියන්නේ scam එකක් කියලා. මොකක්ද මේකේ ඇත්ත?
මෙහෙමයි. Forex කියන්නේ Internet වලින් සල්ලි හොයන ක්‍රමයක් නෙවෙයි. ඒ වගේම Forex කියන්නේ Get rich scheme එකක් එහෙමත් නැතිනම් "ඉක්මනින් පොහොසත් වෙන" ක්‍රමයකුත් නෙවෙයි. Forex කියන්නේ Stock market, real estate market වගේ මුදල් ආයෝජනය කරන ක්‍රමයක්. කොටින්ම කියනවා නම් මේක Business එකක්. Business එකක් කරද්දී අපි ඒක serious අරගෙන කරේ නැතිනම් මොකද වෙන්නේ කියලා හිතාගන්න පුළුවන්නේ, ඒ දේම තමයි හරියට study කරන්නේ නැතුව Forex කරොත් වෙන්නෙත්. මම කිව්වනේ Forex කියන්නේ Internet වලින් සල්ලි හම්බ කරන ක්‍රමයක් නෙවෙයි කියලා. හැබැයි Internet එක නිසා මේ Forex business එක සෑහෙන්න නැඟලා ගියා. ඉස්සරම මේක කරද්දී හැමවෙලේම Brokerට call කරන්න වුනා. දැන් Internet තියෙන නිසා Software එකක් පාවිච්චි කරලා අපිටම trades දාන්න close කරන්න පුළුවන් වුනා. ඒ වගේම ඉස්සර මේ Forex trade කරන්න බොහොම ලොකු මුදලක් අවශ්‍ය වුනා. නමුත් දැන් ඉන්න broker ලා අපිට $1කින් වුනත් account එකක් open කරන්න දෙනවා. (හැබැයි $1කින් account එකක් open කරන එක තේරුමක් නැති වැඩක්)
දැන් අපේ ප්‍රශ්නෙ වුනේ මේකෙන් කීයක් හොයන්න පුළුවන්ද කියන එකනේ. හැබැයි මේකට නිශ්චිත උත්තරයක් නෑ. හොයන්න පුළුවන් ගණන තනිකරම එක් එක් tradersලා trade කරන system එක, එයාලගේ experience එක, එයාලා භාවිතා කරන money management system එක ආදී ගොඩක් කරුණු නිසා වෙනස් වෙනවා. මම දැකලා තියෙනවා FXCM කියන brokerගේ competition එකක් තියෙනවා . ඒකේ top 3 traders ලා හැමවෙලේම එයාල invest කරන මුදලින් අඩුම ගණනේ 1000%ක් මාසයක් ඇතුලතදී හොයනවා. ඒ කියන්නේ රු 100,000කින් පටන් ගත්තා නම් මාසේ අන්තිමට ඒක රු 1,100,000ක් වෙලා. හැබැයි මේ traders ලා ලොකු risk එකක් ගන්නවා ඒ වගේ ගණනක් හම්බ කරන්න. එයාලට ඕනෙ competition එක දිනන්න විතරයි. පොඩි mistake එකකින් එයාලගේ සල්ලි ඔක්කොම නැති වෙන්න පුළුවන්.
කවුරු කොහෝම කිව්වත් මේ Forex වලින් කීයක් මාසයකට හොයන්න පුළුවන්ද කියලා කාටවත් කියන්න බෑ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපිට පුළුවන් අපි මෙච්චර ගණනක් හොයනවා කියලා target එකක් හදාගන්න. හොඳම විදිහ තමයි අපේ capital එකෙන් percentage එකක් හොයන්න target එකක් හදාගන්න එක. අපිට පුළුවන් මාසයකට අපේ capital එකෙන් 5%ක් හොයනවා කියලා target එකක් හදාගන්න. අනිත් එක Forex මාසෙකින්, 2කින් ඉගෙන ගෙන ඒ 5% හොයන්න පුළුවන් කියලත් හිතන්න එපා. හොඳම විදිහ තමයි ඔයාල කරන job එක හරි, ඔයාලා කරන අනිත් මොනා හරි business අතරේ Forex ටික ටික ඉගෙන ගන්න එක. Forex වලින් සල්ලි හොයන එක long term project එකක් විදිහට තියාගන්න.
මම පොඩි Excel worksheet එකක් හදලා තියෙනවා අපි මාසයකට රු. 10,000/= ගානේ අපේ Forex account එකට එකතු කරලා හැම මාසේම අපේ account balance එකෙන් 5%ක් හෙව්වොත් අවුරුදි 10ක් යද්දී අපිට කීයක් හොයන්න පුළුවන්ද කියලා. ඔයාලා මේකේ කහපාට කොටුවල තියෙන variables වෙනස් කරලා බලන්න. එතකොට තේරෙයි 5% වලින් කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා. දැන් සමහර අය කියන්න පුළුවන් මම දවල් හීන දකිනවා කියලා හැබැයි මෙතන තියෙන්නේ වෙන මොනවත් නෙවෙයි, තනිකරම maths. හොඳ උනන්දුවක් තියෙනවා නම් මේක කරන්න පුළුවන්, සමහර අයට මීට වඩා දෙයක් කරන්න පුළුවන්.
Excel worksheet එක මෙතනින් download කරගන්න.
Forex earning estimate.xlsx
ඔයාලත් Forex ගැන හරියට ඉගෙන ගන්න කැමති නම් මගේ blog එකට පොඩි visit පාරක් දාලා බලන්න.
http://forexinsinhala.blogspot.com
Forex වල හිටපු Elite trader කෙනෙක් එක පාරක් Forex ගැන කියලා තියෙනවා "how many years would you go to college if you knew for a fact that there was a million dollars a year job at the end of it?" (මට මේක කියලා තියෙන traderගේ නම නම් මතක නෑ.) මේකේ තේරුම තමයි, "ඔබ දන්නවා නම් ඔබ ඔබේ අධ්‍යාපනය අවසන් කරාට පස්සේ අනිවාර්්‍යයෙන්ම අවුරුද්දකට $1,000,000 ලැබෙන job එකක් හම්බ වෙනවා කියලා, ඔයා කොච්චර කාලයක් මහන්සි වෙලා ඒ course එක කරනවද?"
එහෙනම් කට්ටියටම ජයවේවා!