මචන්ලා මෙහෙමයි සීන් එක මම දෑන් මාස තුනකට කිට්ටු වෙන්න ඩේමෝ එකකින් ට්‍රේඩ් කර කර ප්‍රෑක්ටිස් පාරක් දෑම්මා.. මේ මාසේ මම දාපු ට්‍රේඩ් 21න් 16ක්ම ප්‍රොෆිට් උනා මචන්.. මට දෑනගන්න ඔනේ මම දෑන් රියල් එකකට මාරු වෙලා පොඩි පොඩි ලොට්ස් වලින් ට්‍රේඩ් දාන්න පටන් ගන්නද කියලයි..
1. එහෙම පටන් ගන්නවනම් මම රියල් එකකට මාරු වෙලා සල්ලි ඩිපොසිට් කරන්න හොදම මෙතොඩ් එක මොකක්ද ? (ස්ක්‍රිල් ගෑන දන්නවා එක හොදයිද එහෙම නෑතිනම් වෙන මෙතොඩ්ස් තියනවද?)
2. දෑන්ම රියල් එකකට ශිෆ්ට් වෙන්න එපා නම් තව ප්‍රෑක්ටිස් කරන්න ඔනේ නම් මොන වගේ එවාද ෆ්ලොව් කරන්න ඔනේ?
*උබලගේ දෑනගෑනීම පිණිස මම දෑනට
ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ යුරෝ යුස්ඩී සහා යුස්ඩී යෙන්
ටයිම් ෆ්‍රේම් එක විදියට මට ගොඩක් සෙට් උනේ 4H
ගොඩාක් වෙලාවට මිනි ලොට් වලින් තමා ට්‍රේඩ් කරන්නේ (ලොකු මුව්මන්ට් එකක් තියනවා කියල හිතුනොත්
ලොට් වලින් දාලත් තියනවා)
ස්ටොප් ලොස් සහා ටෙක් ප්‍රොෆිට් නම් තාම ලොකුවට පාවිච්චි කරේ නෑ
මනි මෑනෙජ්මන්ට් සහා ඈනලිටික්ස් තාම හදාරන මට්ටමේ
ෆීල්ඩ් එකේ දෑනට වෑඩ කරන ප්‍රවීනයන්ගේ හොද උපදෙසක් බලාපොරොත්තු වෙනවා සිහලුනේ 

මම අවුරුදු 3ක් demo කලා. Trades දාන්න ඇති බර ගානක්. Trade 21 නම් ගොඩක් මදි. Stoploss නැතිවනම් එ trades 21 ම දැම්මේ, ආයෙත් මුල ඉදලා demo කරන්න stoploss දාලා. ඔයාට Live කරන්න ඔනෙනම් මම කියන්නම් self assessment එකක් කරගන්න. මෙකෙදි වැඩක් නැ ඔයා කොච්චර profit කලාද loss උනද කියලා.මෙන්න මේකයි target එක.
අලුතෙන් demo account එකක් හදන්න. Live ගිහින් කරන්න හිතාගෙන ඉන්න ගාන එකක්. ඩොලර් 500ක් කියමුකො. අඩුම trade 40ක්වත් කරන්න ඔන. යන කාලය වැදගත් නැ. දෙනලද වෙලාවක ඔයා දාලා තියෙන trades ඔක්කොගේම lot එකතුව 0.03 ට වඩා වැඩි වෙන්න බැ. එ මදි නම් 5000ක account එකක් හදලා 0.3 ලොට් වලට අඩුවෙන් කරන්න. එක trade එකකට ඔයා යට කරන්න පුලුවන් උපරිම stoploss වටිනාකම මුලු account එකෙන් 1.5% යි. Trade 40 ඉවර උනාට පස්සෙ ඔයගෙ account එකෙ drawdown එක 5% ට වඩා වැඩි වෙන්න බැ. Profit එක 7.5% ට වැඩි වෙන්න ඔන.
ඔය දුන්න target එක ඔයාට කරන්න පුලුවන් නම් කෙලින්ම Live කරන්න පටන් ගන්න. කරන්න බැරි උනොත් Live කරන්න එපා. අලුතෙන් ඩෙමො එකක් හදලා ආයෙ try කරන්න. පුලුවන් උන දවසක Live කරන්න ගන්න. ඔයා trade කරන style එක මොකක් උනත් වැඩක් නැ මම කියපු දෙ කරන්න බැරිනම් ඔයා මානසිකව Forex කරන්න ready නැ.
Good Luck!