Forex_Ichimoku_Trading_System

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    step-1-new.png
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Ichimuko Guide

    Forex කරන Forex පටන් ගන්න අයට support එකක් වෙන්නත් එක්ක Forex වල trading වලට පාවිච්චි කරන හොදට system එකක් කියල දෙන්නම් .. මන් මේ system එකේ expert කෙනෙක් නම් නෙවේ ඒ හින්ද අඩුපාඩු තියෙන්න පුළුවන්.. ඒවලට සමාවෙන්න කියල ඉල්ලන ගමන් එහෙනම් වැඩේ පටන් ගමුකො.

    මන් අද කියල දෙන්න යන්නේ Ichimoku Kinko Hyo trading system එක ගැන .. "Ichimoku Kinko Hyo" කියන්නේ one glance equilibrium chart නැත්නම් instant look at the balance chart. ඒ කියන්නේ එකබැල්මෙන් market එක මොන වගේද කියල තේරුම් ගන්න පුළුවන් කියන එක වගේ දෙයක්..

    History

    1930 දී Goichi Hosoda කියන Japanese journalist එය යටතේ හිටපු අනික් අයයි එකතු වෙලා තමයි develop කරන්න පටන් ගන්නේ අවුරුදු 30 විතර develop & testing කරාට පස්සේ 1960 හෝ 1968 දී public එකට මේ system එක හදුන්වා දෙනවා. එදා ඉදන් ටිකෙන් ටික අද වෙද්දී Japanese trading rooms බහුතරයක මේ system එක පාවිච්චි කරනවා.


    MT4 වල default එන indicator එකක් තම Ichimoku කියන්නේ..මුලින්ම දැක්ක ගමන් complicated chart view එකක් උනත් පොඩ්ඩක් තේරුම් ගනිද්දී සරලයි කියල තේරෙනව.

    step-2---new.png
    Ichimoku මුලික කොටස් 5 ක් තියනවා.
    1) Tenkan-sen (conversion line)
    2) Kijun-sen (base line)
    3) Senkou Span A
    4) Senkou Span B
    5) Chikou Span


    step-3--Tenkan-sen-new.png

    Tenkan-sen
    මේක fast moving average එකක් වගේ ගොඩක්ම 9 moving average වලට ලගින් යන line එකක්. මේකේ value එක calculate වෙලා තියෙන්නේ current candle එකේ ඉදන් පිටිපස්සට candle 9 අරන් ඒ සෙට් එකේ higher price value එකයි lower price value එකයි එකතු කරලා දෙකෙන් බෙදුවහම.

    advance - වැදගත් කාරණයක් කියන්නම් fibo ratio එක දන්න අය ඉන්නවා නම් මේ එන value එක fibo 50% ratio එකට සමානයි. හිතන්න impulse wave එකක් තියනව කියල උය candle 9 න් හැදිලා එකට හැදෙන correction wave එක ගොඩක් දුරට උය කියල තියන 50% වලට ඒ කියන්නේ ඔය price එකට ලන් වෙන්න පුළුවන්.


    step-4---Kijun-sen-new.png

    Kijun-sen
    මේකත් කලින් වගේම තමා moving average එකක් වගේ වැඩ කරන line එකක් . කලින් විදිහටම candle 26 අරන් ඒ සෙට් එකේ higher price value එකයි lower price value එකයි එකතු කරලා දෙකෙන් බෙදුවහම එන value එක තම ගන්නේ .. මේක Ichimoku වල තියන වැදගත්ම line එකක්.

    advance - වැදගත් වෙන්නේ මොකද කියනව නම් අපි Forex වල දකින impulse wave ගොඩක් ඔය කියන candle 26 range එක ඇතුලේ තියෙන්නේ ඉතින් ඊළගට එකට අනුව ඇතිවෙන correction wave එක ඔය කියන fibo 50% level එකේ ඒ කියන්නේ ඔය line එකේ direction එකට ඇතිවෙන්න පුළුවන් trend එකේ strong එක මත එකකේ ඔය line එක cross කරගෙන යන්න පුළුවන් නැත්නම් ඊට කලින් fibo 50% හෝ 32% වගේ ගිහිල්ල ඊලග impulse wave එක ඇතිවෙන්න පුළුවන් ... ඉතින් ඒ හේතු නිසා මේ ඇදෙන line එක current market price value එකට magnet එකක් වගේ වැඩ කරනවා ගොඩක් දුරට..තව දෙයක් තමයි මේ line එක support or resistance line එකක් විදිහටත් වැඩ කරනවා chart එක තුල.

    Interesting Facts - මේ 26 candle ගන්න හේතු විදිහට සමහර අය කියල තියනව මේක හැදුව Japaneses ල නිසා එයාලගේ month එකක් තුල trading day 26 තියනව එකයි මේ 26 කියන්නේ කියල .ඇත්තටම එහෙම කතාවක් නැ මේ system testing කරද්දී එයාලට ආපු optimum value වලින් එකක් ඕක.මේ කාරණය ගැන මන් වැඩිය හොයන්න ගියේ නම් නැ.

    step-5---Senkou-Span-A-new.png

    Senkou Span A
    Tenkan-sen value එකයි Kijun-sen value එකයි එකට එකතු කරලා දෙකට බෙදුවහම එන value එක current candle එකේ ඉදන් candle 26 ඉස්සරහින් display කරන එක තමා කරන්නේ.
    මේ නිසා තමයි Ichimoku වලින් future market එක predict කරන්න පුළුවන් කියන්නේ. මෙහෙම market එක design වෙන්න පුළුවන් කියල කියනව system එකෙන් graphically view කරලා පෙන්නනවා.

    step-6---Senkou-Span-B-new.png

    Senkou Span B
    Ichimoku වල තවත් වැදගත්ම line එකක් තමයි මේක , මේකේ value එක calculate වෙලා තියෙන්නේ current candle එකේ ඉදන් පිටිපස්සට candle 52 range එක අරන් ඒ සෙට් එකේ higher price value එකයි lower price value එකයි එකතු කරලා දෙකෙන් බෙදුවහම. long-term support or resistance line එකක් විදිහට වැඩ කරනවා ..

    advance - මේකත් magnet එකක් වගේ වැඩ කරනවා ගොඩක් දුරට.. ඒ වගේම long-term price එකේ momentum එක අඩු වෙද්දී මේ line එක flat වෙන්න පටන් ගන්නවා.

    step-7---Chikou-Span-new.png

    Chikou Span
    Ichimoku වල අඩුවෙන්ම බලන line එක වෙන කිසිම දෙයක් නෙවේ. forex chart වල line chart එක තියෙන්නේ එක current candle එකේ ඉදන් candle 26 පිටිපස්සට අරන් display කරල තියෙන්නේ .. support & resistance බලද්දී ගොඩක් වැදගත් වෙන line එකක් මේක.
    step-8---cloud(kumo)-new.png

    Cloud ( Kumo )
    Senkou Span A එකෙනුයි Senkou Span B එකෙනුයි cover වෙන area එක තියෙන්නේ අන්න එකට cloud එක කියනව. මේ cloud එක ඇතුලේ ගොඩක් දුරට trade කරන්නේ නැ.

    advance - Ichimoku වල base theory එක මුලික වෙන්නේ cloud එකත් එක්ක. උදාහරණයක් - හිතන්න අහසේ වලාකුළු තියන වෙලාවක ඒ දිහා බලන් ඉන්න කෙනෙක් ට අහසේ පියාබන් කුරුල්ලෝ එහෙම පැහැදිලිව පෙන්නේ එකකේ වලාකුළු වලට උඩින් හරි යටින් හරි පියාබද්දී.
    නැත්නම් මෙහෙම කිවොත් ගුවන් යානයක් එලවන පයිලට් කෙනෙක් ට තමන් යන මාර්ගය පැහැදිලිව පෙන්න වලාකුළු වලට උඩින් යන්න ඕනේ නැත්නම් පහලින් යන්න ඕනේ.
    අන්න ඒ වගේ Ichimoku වල cloud එක safe area එක්ක විදිහට ගන්නේ නැ.. ඉතින් cloud එක ඇතුලේ trade කරන්නේ නැ .. market එක unpredictable කියල කියනව cloud එක ඇතුලේ.


    ඔන්න මුලික දේවල් ටික කියල දුන්න තේරෙන විදිහට හොදේ...

     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    දැන් බලමු trading කරන්නේ කොහොමද කියල .
    trade එකකට enter වෙන්න මුලික confirmation කිහිපයක් පාවිච්චි කරනවා.​
    step-8--A---Kijun-sen-%26-market-new.png

    1) Kijun-sen & market
    Kijun-sen line එක cross කරලා ඊට උඩින් candle එක close වෙනව නම් buy signal එකක් විදිහටත් cross කරලා ඊට පහලින් candle එක close වෙනව නම් sell signal එකක් විදිහටත් ගන්නවා.
    step-9---TK-cross-new.png

    2) TK Cross
    Tenkan-Sen line එක Kijun-Sen line එක cross කරනවා කියන එක තමයි මේකෙන් කියන්නේ.
    මේක තම මුලිකම trading සිග්නල් එක Ichimoku වලින් trade කරද්දී පාවිච්චි කරන.
    වැදගත්ම confirm එක trade එකක් enter වෙන්න.

    වැදගත් තව කාරණයක් කියන්නම් මේ method ( TK Cross ) එක විතරක් පාවිච්චි කරල trade කරනවා.
    මේ ලින්ක් එකේ බලන්නකෝ Tenkan-Sen line (conversion line) එක Kijun-Sen line (base line) එක cross එකට trade කරපු back-testing වලට result එක ගැන කතා කරලා තියෙන්නේ.
    https://www.babypips.com/learn/forex/what-is-the-most-profitable-indicator

    advance - coming soon


    step-11---trading-with-cloud-new.png

    3) Cloud & market price
    හැම වෙලේම cloud එකට උඩින් market price එක ඒ කියන්නේ candle design වෙලා close වෙලා තියනවා නම් buy signal එකක් විදිහටත් cloud එකට යටින් candle design වෙලා close වෙලා තියනවා නම් sell signal එකක් විදිහටත් ගන්නවා.
    step-12---Chikou-Span-Trading-new.png

    4) Chikou Span & market price

    Chikou Span එක candle වලට උඩින් නම් තියෙන්නේ buy signal එකක් විදිහටත් candle වලට පහලින් නම් තියෙන්නේ sell signal එකක් විදිහටත් candle ඇතුලේ තියනව නම් neutral signal එකක් හැටියටත්. ඒ වගේම cloud එක ඇතුලේ තියනවා නම් එකත් neutral signal විදිහට සලකනවා.

    step-10---kumo-twist-new.png

    5) Kumo Twist

    Senkou Span A line එක Senkou Span B line එක cross කරලා cloud එක change වෙන එක තමයි මේකෙන් කියන්නේ.ඒ වගේම මේ twist එකෙන් පෙන්නන්නේ future market එක change වෙන්න යනවා කියන එක.
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අපි බලමු මේ confirmation කිහිපය එකතු කරලා කොහොමද trade entry එකකට යන්නේ කියල.
    step-14---buy-trade-entry-new.png

    Buy trade entry
    1) Kijun-sen & market - Kijun-sen line එක cross කරලා ඊට උඩින් candle එක close වෙලා තියෙන්න ඕනේ
    2) TK Cross - Tenkan-Sen line එක Kijun-Sen line එක cross කරල උඩට ඇවිල්ල තියෙන්න ඕනේ. ඒ වගේම ඒ වෙලාවේ design වෙලා තියන candle එක line දෙකම cross කරගෙන උඩට ඇවිල්ල close වෙලා තියෙන්න ඕනේ
    3) Cloud & market price - market price එක cloud එකට උඩින් තියෙන්න ඕනේ ඒ වෙද්දී.
    4) Chikou Span & market price -Chikou Span line එක candle වලට වඩා උඩින් තියෙන්න ඕනේ
    5) future cloud එක Bullish cloud එකද්ද කියලත් බලන්න.
    මේ ටික සම්පුර්න නම් close වෙලා තියන candle එකෙන් Buy entry එකකට යන්න පුලුවන්.


    step-13---sell-trade-entry-new.png
    Sell trade entry
    1) Kijun-sen & market - Kijun-sen line එක cross කරලා ඊට පහලින් candle එක close වෙලා තියෙන්න ඕනේ
    2) TK Cross - Tenkan-Sen line එක Kijun-Sen line එක cross කරල පහලට ඇවිල්ල තියෙන්න ඕනේ. ඒ වගේම ඒ වෙලාවේ design වෙලා තියන candle එක line දෙකම cross කරගෙන පහලට ඇවිල්ල close වෙලා තියෙන්න ඕනේ
    3) Cloud & market price - market price එක cloud එකට පහලින් තියෙන්න ඕනේ ඒ වෙද්දී.
    4) Chikou Span & market price -Chikou Span line එක candle වලට වඩා පහලින් තියෙන්න ඕනේ
    5) future cloud එක Bearish cloud එකද්ද කියලත් බලන්න.
    මේ ටික සම්පුර්න නම් close වෙලා තියන candle එකෙන් Sell entry එකකට යන්න පුලුවන්.
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    extra details

    Ichimoku වල advance theory 3 තියනව ... ඒවා ගැන වැඩිය විස්තරයක් google එකේ නැ එක article එකක් තියනව එක මටත් තේරෙන්නේ නැ හරියට .. මොකද කියනවා නම් Ichimoku advance theory western world එකට හරියට ඇවිල්ල නැ ගොඩක්ම මුලික කරුණු ටික විතරයි ඇවිල්ල තියෙන්නේ ... Goichi Hosoda ලියපු පොතවත් හරියට western world එකට ඇවිල්ල නැ .. එක Japanese bank එකක් තියල තියනවා කියල විතරයි දන්නේ .. එකෙන් Ichimoku trade කරන එකට ලොකු බලපෑමක් නැ ..අපිට මුලික theory ටික ඇති හොද trade එකකට යන්න.

    තව වැදගත් කාරණයක් Ichimoku පාවිච්චි කරලා අපි trade එකක් කරන්න යද්දී අපිට හරියටම reversal point වලින්ම trade එකට enter වෙන්න බැරි වෙයි. ඒවගේම trade එකේ take profit එක trend එක ඉවර වෙන තැනට කලින් සෙට් වෙයි ..එහෙම බැලුවහම trend එකේ total pips ගානම අපිට set වෙන්නේ නැ .. ඒ උනත් අප ගන්න trade වල success rate එක ගොඩක්ම වැඩි. අනික Ichimoku non repainting indi එකක් history උනත් බලන්න පුළුවන් trade කොහොමද ගිහිල්ල තියෙන්නේ කියල.

    Ichimoku වලටත් බැරි අනික් ගොඩක් technical indi වලටත් බැරි දෙයක් තියනවා එක තමයි හරියට ranging market එකක් detect කරන එක .. හැබැයි trade කරන්න කරන්න එක කොහොමද detect කරගන්නේ කියල පොඩි Ichimoku tricks ටිකක් කියල දෙන්නම් ඉස්සරහට.

    තව ගොඩ දේවල් තියනව පුළුවන් ඉක්මනට update කරන්නම්. අඩුපාඩු තියනව නම් කියන්න ඒවගේම තව මාත් නොදන්න දේවල් තියනව නම් කියන්න එක හැමෝටම වටිනවා.


    Next Update
    Golden cross
    How identify Support & resistance using Ichimoku
    Identify reversal using chikou span
     
    Last edited: