FOURTH EPISODE - ප්‍රාර්ථනා පියමන්....

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    FOURTH EPISODE - ප්‍රාර්ථනා පියමන්....

    [FONT=&quot]ප්‍රාර්ථනා පියමන්
    ප්‍රථම කොටස
    දෙවන කොටස
    [/FONT]
    [FONT=&quot][FONT=&quot]තෙවන කොටස

    [/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]සිවුවන කොටස…..
    [/FONT]
    [/FONT]
    [/FONT]

    [/FONT]
    [/FONT]
    [FONT=&quot]
    couple-in-love_3178628c.jpg

    [/FONT]
    [FONT=&quot]
    එක්වරම සිදු වූ දෙය නිසා පුදුමයට පත්වූ මම දිවගොස් කාරයේ පිටුපසට ගොඩවිය..[/FONT]
    [FONT=&quot]ගුඩ් මෝර්නින් අශේන් අයියේ.[/FONT]
    [FONT=&quot]හදවතේ ගැඹුරුම තැනක් රිදුම් දෙන්නට විය…. ඒ අයේශාය….[/FONT]
    [FONT=&quot]ගුඩ් මෝර්නින් නංගි.[/FONT]
    [FONT=&quot]සැබවින්ම ඇය මේ උදෑසන පමණක් නොව මාගේ මුළු දවසම එළිය කලාය.[/FONT]
    [FONT=&quot]දෛවයද මා සමග සෙල්ලම් කරන්නාක් මෙනි. උදෑසනම සුපිපුන රෝස කුසුමක් බදු වූ සොදුරු යුවතිය දීප්තිමත් දෑස් දල්වා මා හා හිනැහුනාය. මා මේ දකින්නේ සිහිහිනයක්මදැයි මා සිතන්නට විය. ඇයත් මමත් පිටුපස පේළියේ එක ලග අසුන් ගෙන සිටි අතර ඇගේ නැගණිය පියා අසලින් වාඩිවී සිටියාය.[/FONT]
    [FONT=&quot]පුතා හැමදාමත් යන්නේ මේ වෙලාවටද….????[/FONT]
    [FONT=&quot]ඔව් අන්කල් කොහොමත් 6.30 වෙද්දී පාරට එනවා.[/FONT]
    [FONT=&quot]අද මේ අපේ දෙවනිගේ ස්කූල් පේරන්ට්ස් මීටින්. ඒ නිසා දෙන්නත් එක්ක කාර් එකේම යනවා. [/FONT]
    [FONT=&quot]අන්කල් සැකෙවින් සියල්ල පහදා දිණි.[/FONT]
    [FONT=&quot]එතකොට අද අන්කල් නිමාඩුද..????[/FONT]
    [FONT=&quot]මා නැවත අන්කල් හා සංවාදයේ පැටලෙමින් හොරැහින් අයේශා දෙස බැලීමි. සුදු ගවුම හැද නිල් පාට ඉරි වැටුණු ටයි පටිය පැළදගෙන සිටි අයේශා තුලින් දගකාර අහිංසක බවක් විද්‍යාමාන වූවාය. පිරුණු පපුවට මදක් ඉහලින් ඇයගේ නිවාසයේ ලා කොල පාට ලාංජනය පැළදගෙන සිටි ඇය ඒ අසලිනම පාසල් ශිෂ්‍යනායිකා ලාංජනයද පැළද සිටියාය.[/FONT]
    [FONT=&quot]ඔව් මේ වැඩත් එක්ක අද නිමාඩු දාන්න උනා. ආන්ටි ගියා ලොකූ එක්ක එයාගේ වැඩකට.[/FONT]
    [FONT=&quot]අන්කල් ගයේශා අක්කව ලොකූ ලෙසින් ඇමතූ අතර අයේශාව දෙවනි ලෙසින් ඇමතුවේය.[/FONT]
    [FONT=&quot]පුතා මේ සැරේ නේද එක්සෑම් කරන්නේ..????[/FONT]
    [FONT=&quot]ඔව් අන්කල්.[/FONT]
    [FONT=&quot]මා කෙටි පිළිතුරක් සැපයූවෙමි.[/FONT]
    [FONT=&quot]හතර දෙනෙක් යන කාරයේ අන්කලුත් මමත් පමණක් කතාබහේ නිරත වූ අතර මුලින්ම ගුඩ් මෝර්නින් කියා මා පිළිගත් අයේශා ඇගේ සුපුරුදු අහංකාර බව නැවතත් ආරූඩ කරගෙන සිටියාය. කාරය ටිකෙන් ටික ඉදිරියට ඇදී යන්නට වීමත් සමගම අන්කල් හා මා අතර වූ කතාබහද ඇණසිට තිබිණි. පසුගිය ටිකේම මගේ හද විළ කළඹවූ යුවතිය අද මා අසලින්ම වාඩිවී සිටියාය.. මම ඇගේ සොදුරු ශ්‍රියාව හොරැහින් රසවිදිමින් උන්නෙමි. මේ කාල සීමාව තුලදී එක් අවස්තාවක පමණක් අපගේ නෙත් යාවූ අතර තත්පර කිහිපයකදීම යා වූ නෙත් රැහැන් බිද දැමීමට අප වගබලාගත්තෝය.[/FONT]
    [FONT=&quot]ගම් නගර සිසාරා කුරුණෑගල දෙසට ඇදෙන කාරය, සාරගම වැව පසුකරනවාත් සමගම, ඇතුගල මත වැඩහිදින සමාධි බුදු පිළිම වහන්සේ ශ්වේත වලාකුළු අතරින් මතුවී පෙනෙන්නට විය. ටිකෙන් ටික කාරය ඉදිරියට ඇදෙනවාත් සමගින් ඇතුගලත් බුදුපිළිම වහන්සේත් දර්ෂන පථයෙන් ඉවත්වෙමින් නැවත ඇතුළුවෙමින් දර්ෂනය වන්නට විය. යන්තම්පලාව පසුකරමින් කුරුණෑගලට පිවිසි විට ඉතා පැහැදිළිවම ඇතුගල මත වැඩහිදින සමාධි බුදු පිළිම වහන්සේ දර්ෂනය වූයෙන් මට හැගීගියේ මා සිතා සිටිය තරම්ම ඇතුගලට දුර නැතැයි කියාය.[/FONT]
    [FONT=&quot]පුතා ඉස්සරහින් නේද බහින්නේ.[/FONT]
    [FONT=&quot]අන්කල් මගේ පාසල ආසන්න වනවාත් සමගම ඇසුවේය.[/FONT]
    [FONT=&quot]ඔව් අන්කල් ඉස්සරහින් මාව දාලා යන්න.[/FONT]
    [FONT=&quot]කාරය හෙමිහිට පාරෙන් ඉවතට කර නැවැත්වීය.[/FONT]
    [FONT=&quot]එහෙනම් මන් යන්නම් අන්කල්. ගොඩක් ස්තූතියි.[/FONT]
    [FONT=&quot]කාරයෙන් බිමට බැසීමට සැරසෙනවාත් සමගම අයේශාගේ කොන්ඩ පටියක් මාගේ බෑගයේ පැටලී මා සමගම ඇදී ගියේය..[/FONT]
    [FONT=&quot]**********[/FONT]
    [FONT=&quot]ඒ මචන් අද මාර වැඩක්නේ උනේ…. අද මම ඉස්කෝලේ ආවේ අයේශත් එක්කනේ.[/FONT]
    [FONT=&quot]මම පංතියට ගිය වහාම, මගේ හොදම මිතුරා වූ වනෝජ් සමග සිදුවූ සියල්ල පැවසුවෙමි[/FONT]
    [FONT=&quot]මට නම් පේන්නේ දෑවැද්දක් නැතිවම මාමා උබට දුව දෙන්නයි හදන්නේ.[/FONT]
    [FONT=&quot]වනෝජ්ගේ කතාවෙන් අප දෙදෙනාම හඩ නගා සිනාසුන අතර එය ඇසුනු පංතියේ අනෙක් පිරිමි ළමුන් අප දෙස හැරී බැලූහ.[/FONT]
    [FONT=&quot]හොදයි හොදයි ඔහොම හිනාවෙයල්ලකෝ. තව ටික දවසකින් අඩන්න තමා වෙන්නේ අන්න බයෝ මැඩම් කීවා ලගදිම අපෙත් පේරන්ට්ස් මීටිමක් ගන්නවා කියලා…[/FONT]
    [FONT=&quot]පංතියේ මිතුරෙක් කී කතාවෙන් අප සිත් ගැස්සී ගියෝය.[/FONT]
    [FONT=&quot]**********[/FONT]
    [FONT=&quot]පංතියේ ළමුන්ට ලංගමය මගින් නිකුත් කරන මාසික වාර ප්‍රවේශ පත්‍ර (සීසන් එක) ලබාදීම මට බාරව තිබිණි. එහෙත් අදාල දිනයේ මා පාසලට නොපැමිණිය නිසාත් පංතියේ බොහෝ ළමුන් එදින රිවිෂන් පංති ගොස් සිටි නිසාත් අද ඩිපෝවටම ගොස් සීසන් ටික රැගෙන ඒමට මට සිදුවිය. ඉතිං පාසල නිමවීවෙන් පසුව මමත් වනෝජුත් නුවර පාරේ පිහිටි කුරුණෑගල දකුණ ඩිපෝව වෙත පියමං කලෝය. ඒ යන අතරතුර දී එක්වරම ඉම්පීරියල් සිනමා ශාලාව අසලදී මා අයේශාව දිටීමි.[/FONT]
    [FONT=&quot]ඒ බං අර බලපන්කෝ අයේශා ඉන්නවා.[/FONT]
    [FONT=&quot]වික්ෂිප්තව ගිය මම වනෝජ්ට කීමි.[/FONT]
    [FONT=&quot]කොහෙද බන්.[/FONT]
    [FONT=&quot]අර ෆිල්ම් හෝල් එක ලග.. තව ගෑණු ලමයි දෙන්නෙක් එක්ක ඉන්නේ. යන්ද මචන් ඒ පැත්තට.[/FONT]
    [FONT=&quot]මා වනෝජ්වත් ඇදගෙන ඉම්පීරියල් එක දෙසට ඇදුනෙමි.[/FONT]
    [FONT=&quot]ඈත තියාම අපව දුටු අයේශා සිනහවකින් අපට සංග්‍රහකලාය.[/FONT]
    [FONT=&quot]ඇයි නංගි මෙතන..??[/FONT]
    [FONT=&quot]මම හිතේ පැසවමින් තිබුන ප්‍රශ්නය මතුකලෙමි.[/FONT]
    [FONT=&quot]ඈ අසල වූ ඇගේ මිතුරියන් දෙදෙනා දෑස් විශාල කරමින් අප දෙදෙනා දෙස බැලුවෝය.[/FONT]
    [FONT=&quot]මගේ යාළුවෙක් එයාගේ තාත්තාව මීට් වෙන්න කොමර්ශල් බෑංක් එකට ගියා. එයා එනකන් ඉන්නේ අයියේ..[/FONT]
    [FONT=&quot]ඉතිං අද ස්කූල් වෑන් එකේ නෙමෙයිද යන්නේ. මෙතන ඉන්න එපා. එක්කෝ බස් ස්ටෑන්ඩ් එකටවත් යන්න.[/FONT]
    [FONT=&quot]මම අවවාදාත්මක ස්වරයෙන් ඇයට කීමී.[/FONT]
    [FONT=&quot]නෑ අශේන් අයියේ ලබන සතියේ අපේ ස්කූල් කොමර්ස් ඩේ එක. එකේ වැඩ වගයක් තියනවා කරගන්න. ඒකට ආපු ගමන් තමා මෙතනට ආවේ. යාළුවා ආපු ගමන් අපි ආපහු යනවා..[/FONT]
    [FONT=&quot]අයේශා මගේ කීමට අවනත වූ බවක් පෙන්නුවාය..[/FONT]
    [FONT=&quot]එතකොට අද බස් එකේද යන්නේ..????[/FONT]
    [FONT=&quot]ඔව් අයියේ.[/FONT]
    [FONT=&quot]අපි එහෙනම් යන්නම්. ඔයා මෙතන ඉන්නවා දැකල ආවේ. [/FONT]
    [FONT=&quot]මමත් වනෝජුත් ඔවුන්ගෙන් සමුගත්තෝය.[/FONT]
    [FONT=&quot]ඉම්පීරියල් හෝල් එකට එපිටින් කුරුණෑගල පුරවරයටම අභිමානයක් ලබාදෙන ඇතුගල විරාජමානව නැගීසිටිටියි. උදෑසන දුටුවාටත් වඩා ඇතුගල දැන් ඉතාමත් කිට්ටුවෙන් පෙනෙයි..[/FONT]
    [FONT=&quot]අයේශාගෙන් සමුගත්තද මගේ සිත තවමත් ඇයට සමුදී නොමැත. මමත් වනෝජුත් ටික දුරක් නුවර පාරේ ඉදිරියට ඇවිද ගියෝය.[/FONT]
    [FONT=&quot]උබට පිස්සුද බන්…. ඇයි උබ ඒකිට එතන ඉන්නේ නැතිව යන්න කීවේ. ඒකිගේ යාළුවෝ එකී ගැන මොනා හිතුවද දන්නෑ..[/FONT]
    [FONT=&quot]මොනා හිතන්නද..???? මට ඒකී ගැන අයිඩියා එකක් තියන්වා කියලා හිතන්න ඇති. උන් එහෙම හිතුවනම් හොදයි බන්.[/FONT]
    [FONT=&quot]මම වනෝජ්ට කීමි.[/FONT]
    [FONT=&quot]ඒක නෙමෙයි මචන්. අපි මේ සීසන් වැඩේ පස්සට දාලා යමුද ස්ටෑන්ඩ් එකට.[/FONT]
    [FONT=&quot]මම එකවරම කීමී.[/FONT]
    [FONT=&quot]අඩෝ අද හතර වෙනිදා, හෙටින් පස්සේ සීසන් ඉසූ කරන්නෙත් නෑ පුතේ….. [/FONT]
    [FONT=&quot]අනේ බන්. එහෙනම් ඉතිං හෙටත් පුළුවන්නේ.. අපි ආපහු යන්.[/FONT]
    [FONT=&quot]අප ආපසු හැරී බස් ස්ටෑන්ඩ් එක වෙත පියනගන්නට පටන්ගත්තෝය.[/FONT]
    [FONT=&quot]අර යන්නේ උන් උසාවිය ගාව.[/FONT]
    [FONT=&quot]මටත් පෙර ඒ ගහැණු ළමුන් හතර දෙනාව වනෝජ් හදුනාගත්තේය.[/FONT]
    [FONT=&quot]උසාවිය අසල ඇති උමග තුලින් බැස ඔවුන් බස් නැවතුම්පොළට ඇතුලත් වූවෝය. මාත් වනෝජුත් ශොපින් කම්ප්ලෙක්ස් එක හරහා බස් නැවතුම්පොළට ඇතුළු වීය.[/FONT]
    [FONT=&quot]ඇගේ මිතුරියන් ඇයට සමුදී පිටත්ව ගිය පසු ඇය අසල වූ බසයට ගොඩවූවාය.[/FONT]
    [FONT=&quot]යමන් මචෝ. [/FONT]
    [FONT=&quot]අප දෙදෙනාද බසයට ගොඩවිය. බසයේ ඇති තරම් සීට් හිස්ව තිබිණි. එහෙත් මමත් වනෝජුත් ගොස් ඇය සිටි ආසනයට පිටුපසින්ම වාඩි විය.[/FONT]
    [FONT=&quot]ඇය මාව නොදැක්කාය. හිස ජනේලය පැත්තට ඇලකරගත් ඕ කල්පනාවකට වැටුණාය. ඇයට අප තරම් බස් ගමන් හුරු නැත. ඇය පාසල් ආවේත් ගියේත් ස්කූල් වෑන් එකකින්‍ය. ටියුෂන් යාමේදී පමණක් මගී බසයකට ගොඩවන ඇය බොහෝවිට ඒ සදහා පැමිණෙන්නේත් සිය මව සමගය. එනිසා මේ වෙලාවේ ඇයට තනිකමක් දැනෙනෙවා විය හැකිය.[/FONT]
    [FONT=&quot]බසයේ ඉදිරිපස සවිකර ඇති තිරයෙන් මිල්ටන් මල්ලවාරච්චිගේ සුමිහිරි ගීතයක් ඇසෙන්නට විය. [/FONT]
    [FONT=&quot]සුළගේ පාවී ඈ වෙත යාවී [/FONT]
    [FONT=&quot]මා සිතූ සිතුම්…….[/FONT]
    [FONT=&quot]සිහින විමානෙන් ගෙනා මා පැතූ පැතුම්[/FONT]
    [FONT=&quot]සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්[/FONT]
    [FONT=&quot]ඒ සොදුරූ ගීතය සවන්පත් මත වැටෙද්දී මා හදවතින්ම එම ගීතය රස වින්දේය. ඉතිං ඒ සොදුරු ගීතය මම මටම ආදේශ කරගන්නට උත්සහ කලෙමි….[/FONT]
    [FONT=&quot]බසය සෙමින් සෙමින් ධාවනය වන්නට විය. අයේශා ඇගේ පාඩුවේ කල්පනාබරව සිටියාය. මා ගීතයට සවන් දෙමින් අයේශා දෙස බලා සිටියේය. බසය සෙමින් සෙමින් ඉදිරියට ඇදෙමින් විත් ප්‍රධාන පාරට වැටුණි..[/FONT]
    [FONT=&quot]ටිකට් ගන්න අය ටිකට් ඉල්ලගන්න.[/FONT]
    [FONT=&quot]කොන්දොස්තර මහතාගේ විධානයත් සමගම අයේශා පිටුපස හැරී බැලුවාය.[/FONT]
    [FONT=&quot]ඒ වන විටත් මගේ අවධානය ඈ වෙත නතුව තිබිණි. ඇගේත් මගේත් දෑස් නැවතත් පැටලී ගියේය. ආයාසයකින් තොරවම අප දෙදෙනා තත්පර කිහිපයක් එලෙස සිටින්නට ඇත. එකවරම වනොජ් මගේ බාහුවට ගැසුවේය.[/FONT]
    [FONT=&quot]ඒයි ඕන් ටිකට් ගන්නලු...[/FONT]
    [FONT=&quot]**********[/FONT]
    [FONT=&quot]පැල්ලන්දෙනියෙන් වනෝජ් බැස ගිය පසු ඈ සිටි ආසනය මෙන්ම මගේ ආසනයත් හිස්ව තිබිණි.. මට අයේශා සිටින අසනයට යාමට සිතුනද මා සිතුවිලි පාළනය කරගතිමි….[/FONT]
    [FONT=&quot]යන්දෝ…. නොයන්දෝ…. ඒ මේ මොහොතේ මගේ හද ගැහෙනා රාවය වන්නට පිළිවන.[/FONT]
    [FONT=&quot]අයේශා නන්ගී….[/FONT]
    [FONT=&quot]මම ඇය ඇමතුවෙමු………[/FONT]
     
    Last edited: