Fuel Full Tank

MEngineer

Active member
  • Full Tank ගහන එක හොදයිද ?

    හැමෝම දැකලා ඇති ඉන්ධනහල් වලට ගියාම සමහරු වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්‍රල් ගහනවා.

    අපි හැමෝම දන්න දෙයක් දමයි පෙට්‍රල් ඉතා ඉක්මනින් වාෂ්ප වෙනවා කියන එක. ඉතිං ඕනම ද්‍රව්‍යයක් වාෂ්ප බවට පත්වෙනකොට එහි පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට ටැංකිය තුල පීඩනය වැඩි වෙනවා . අධික උෂ්ණ දේශගුනික තත්ව වලදී ආරක්ෂාකාරී තත්වයක් නෙමෙයි මේ. මේක ඉතිං හැමෝම දන්න දෙයක්නෙ..

    මීට අමතරවව Full Tank පෙට්‍රල් ගැසීමේ අවාසි තමයි මේ...
    පෙට්‍රල් ගහනවිට උපරිම මට්ටමට පැමිනීමෙන් පසු ස්වංක්‍රීයව නවතින ක්‍රමයක් තියන බව අපි හැමෝම දන්නවා.
    මෙතනදී වැඩිපුර පැමිණි පෙට්‍රල් ප්‍රමාණයට නැවත හරවා යවන නලය ඔස්සෙ නැවත භූගත ඉන්ධන ගබඩාවට යනවා. නමුත් මතක තබාගන්න මේ ඉන්ධන දැනටමත් ප්‍රධාන මීටරය හරහා ගොස් අවසන්ය..
    එනම් ඔබ මේ ඉන්ධන සදහා මුදල් ගෙවා ඇත. ඇත්තටම ඔබ නොදැනුවත්වම ඉන්ධනහල් හිමිකරුට ඉන්ධන වලින්ම ආධාර කර ඇත.

    2. තෙල් ගහන්න වෙලාවක් තියනවද ?

    හැකිතාක් උදේ වරුවෙ තෙල් ගහන්න. මොකද උදේ වරුවට පොලොව රත්වී නොමැති නිසා භුගත ගබඩා වල පවතින් ඉන්ධන වල ඝනත්වය නියම මට්ටමේ පවතී.. නමුත් උෂ්නත්වය වැඩිවීමටත් සමග ද්‍රව ප්‍රසාරනය නිසා ඔබට ලැබෙන්නේ සැබෑම ලීටරයක් නොවේ..
    අඩු ඝනත්වය නිසා ඔබට ලීටරයක් මිලට ලැබෙන්නේ ලීටරයකට අඩු ඉන්ධන ප්‍රමාණයකි.

    3. ඉක්මනට තෙල් ටික ගහමුද ?

    හැමෝම හොදින් දැකලා ඇති ඉන්ධන සපයන කරාමයේ ඉන්ධන මුදාහරින වේගය පාලනය කරන්න පුලුවන්. නැවත මතක් කර ගත්තොතින් පෙට්‍රල් කියන්නෙ ඉතා ඉක්මනින් වාෂ්ප වන දුවයක් කියන එක ඔයාලටම තේරේවි ඉන්ධන මුදා හරින වේගය වැඩි වෙනකොට වාෂ්ප බවට පත්වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩී..
    ඔබ වේගයෙන් පෙට්‍රල් මුදාහරින විට මුදල් ගෙවන ලද පෙට්‍රල් වලින් ප්‍රමාඉණයක් ඔබට නොදැනීම වායුගොලයට එක්වී හමාරය.
    හැකි තරම් සෙමින් ඉන්න මුදාහැරීම සුදුසුය..

    4. බවුසරයෙන් ආපු අලුත්ම තෙල් ගහමුද ?

    ඕනෑම ඉන්ධනහලක ගබඩා කරලා තියෙන්නෙ භූගත ටැංකි වලය. ඔය ටැංකි වලට බවුසර වලින් ඉන්ධන ගෙනත් පුරවනවත් දැකලා ඇතිනෙ..
    හෙන්න මේ වගේ අවස්ථාවක ඉන්ධනහලට ගියොත් ඉන්ධන නොගසන එක තමයි වඩාත් හොද. මොකද ඉන්ධන ටැංකි වලට පිරවීමේදී ටැංකි වල තැන්පත්ව ඇති කුණුරොඩු කැළඹීමට පත්වෙනවා. මේ වගේ වෙලාවක ඉන්ධන ලබාගත්තොත් ඔබටත් නොමිලේම මේ කුණුරොඩු ඔබේ ඇන්ඩිමටද ලබාගැනීමට හැකියාවක් තියනවා..

    මෙම ලිපියෙන් මොනයම් දෙයක් හරි අලුතින් ඉගෙනගත්තා නම්.. ලිපිය හොදයි නම් bump කරලා අනිත් යාලුවන්ටත් පෙන්නන්න අමතක කරන්න එපා

    Copied by Facebook
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔබ වේගයෙන් පෙට්‍රල් මුදාහරින විට මුදල් ගෙවන ලද පෙට්‍රල් වලින් ප්‍රමාඉණයක් ඔබට නොදැනීම වායුගොලයට එක්වී හමාරය.
    හැකි තරම් සෙමින් ඉන්න මුදාහැරීම සුදුසුය..

    meka nam koaranna amarui byk ekata petrol gahuwahama age idan petrol :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක මටමතක විදිහට එලකිරියෙම සාමාජිකයෙක්ගේ ත්‍රෙඩ් එකක් තමයි. ආයි වටයක් ගිහින් මෙතනටම ඇවිල්ලා :lol:

    ---------------------
    පසු සටහන‍
    මේ තියන්නේ ඔරිජිනල් ත්‍රෙඩ් එක. මේවා එක එක්කෙනා කොපි කරලා ලැජ්ජ නැතුව තමන්ගේ ලිපි වගේ බ්ලොග් වල, ෆේස් බුක් එකේ දානවා. හැබැයි ආයි කවදහරි කැරකිලා මේකටම එනවා :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1546533
     
    Last edited:

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    මේක මටමතක විදිහට එලකිරියෙම සාමාජිකයෙක්ගේ ත්‍රෙඩ් එකක් තමයි. ආයි වටයක් ගිහින් මෙතනටම ඇවිල්ලා :lol:

    ---------------------
    පසු සටහන‍
    මේ තියන්නේ ඔරිජිනල් ත්‍රෙඩ් එක. මේවා එක එක්කෙනා කොපි කරලා ලැජ්ජ නැතුව තමන්ගේ ලිපි වගේ බ්ලොග් වල, ෆේස් බුක් එකේ දානවා. හැබැයි ආයි කවදහරි කැරකිලා මේකටම එනවා :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1546533

    sirawatma:yes::yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109

    අයියෝ සල්ලි :D

    කියලා වැඩක් නෑ බන්, ෆේස් බුක් එකේ දාන්නෙ උන් ලිව්ව වගේ ගොඩක් එවුන්:angry:කොහෙන් හරි උස්සලා

    මු පේජ් එක දාල නෑ නෙ බන් බලපන්කො
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අයියෝ සල්ලි :D

    කියලා වැඩක් නෑ බන්, ෆේස් බුක් එකේ දාන්නෙ උන් ලිව්ව වගේ ගොඩක් එවුන්:angry:කොහෙන් හරි උස්සලා

    මු පේජ් එක දාල නෑ නෙ බන් බලපන්කො

    අන්තිමට කිරියේ ත්‍රෙඩ් කැරකිලා කිරියටම එනවා. මෙහෙම කීයක් වෙලා තියනවද මචං. ඉතිං උස්සලා ෆේස් බුක් එකට දාගන්න එව්න්ටත් හරි ලේසීනෙ මොකද අකුරක් වත් ටයිප් කරන්න ඕනි එකක් ඇයි. ඉතිං උං ඕව දාලා හෙන පොරවල් වෙනවා. :eek: මහන්සිවෙලා ලියපු එකා පැත්තක කමෙනට් ටිකක්, රෙප් ටිකක් අරං සද්දෙ නැතුව ඉන්නවා.
     
    MEngineer

    Active member
  • මේක මටමතක විදිහට එලකිරියෙම සාමාජිකයෙක්ගේ ත්‍රෙඩ් එකක් තමයි. ආයි වටයක් ගිහින් මෙතනටම ඇවිල්ලා :lol:

    ---------------------
    පසු සටහන‍
    මේ තියන්නේ ඔරිජිනල් ත්‍රෙඩ් එක. මේවා එක එක්කෙනා කොපි කරලා ලැජ්ජ නැතුව තමන්ගේ ලිපි වගේ බ්ලොග් වල, ෆේස් බුක් එකේ දානවා. හැබැයි ආයි කවදහරි කැරකිලා මේකටම එනවා :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1546533

    sirawatma:yes::yes:

    අයියෝ සල්ලි :D

    කියලා වැඩක් නෑ බන්, ෆේස් බුක් එකේ දාන්නෙ උන් ලිව්ව වගේ ගොඩක් එවුන්:angry:කොහෙන් හරි උස්සලා

    මු පේජ් එක දාල නෑ නෙ බන් බලපන්කො

    අන්තිමට කිරියේ ත්‍රෙඩ් කැරකිලා කිරියටම එනවා. මෙහෙම කීයක් වෙලා තියනවද මචං. ඉතිං උස්සලා ෆේස් බුක් එකට දාගන්න එව්න්ටත් හරි ලේසීනෙ මොකද අකුරක් වත් ටයිප් කරන්න ඕනි එකක් ඇයි. ඉතිං උං ඕව දාලා හෙන පොරවල් වෙනවා. :eek: මහන්සිවෙලා ලියපු එකා පැත්තක කමෙනට් ටිකක්, රෙප් ටිකක් අරං සද්දෙ නැතුව ඉන්නවා.

    :(:(:(very sorry මචන්ලා....:no::no::no::no: මම දැනගෙන හිටියේ නෑ මේක එලකිරියේම ගිය එකක් කියලා... :rolleyes::rolleyes::rolleyes:FB එකේ දැකලා, වැදගත් වෙයි කියලා හිතුන නිසයි දැම්මේ... බුද්ධිමය දේපල හොරකන් කළා නෙවෙයි...
    D ran Senior සහෝදරයා.... ඔබට සිත් තව්ලක් ඇති වූවානම් sorry මචන්..
    total credit goes to "D ran":nerd::nerd::nerd:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,785
    113
    රජයේ රෝහල
    F=ma
    අනුව පැහැදිලියි ස්කන්ධය වැඩි වෙද්දි ඒ සඳහා යොදන්න ඕන බලය වැඩියි කියලා..මොකද ෆුල් ටෑන්ක් ගැහුවම තෙල්වල බරත් එකතු වෙන නිසා එන්ජින් එකෙන් වැඩි බලයක් සපයන්න ඕන නිසා...
    මේ නිසා අනවශ්‍ය පරිදි තෙල් ගැසීම සුදුසු නොවේ භාගයක් විතර තියාගත්තට අවුලක් නැත....
    :rolleyes::rolleyes::love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක මටමතක විදිහට එලකිරියෙම සාමාජිකයෙක්ගේ ත්‍රෙඩ් එකක් තමයි. ආයි වටයක් ගිහින් මෙතනටම ඇවිල්ලා :lol:

    ---------------------
    පසු සටහන‍
    මේ තියන්නේ ඔරිජිනල් ත්‍රෙඩ් එක. මේවා එක එක්කෙනා කොපි කරලා ලැජ්ජ නැතුව තමන්ගේ ලිපි වගේ බ්ලොග් වල, ෆේස් බුක් එකේ දානවා. හැබැයි ආයි කවදහරි කැරකිලා මේකටම එනවා :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1546533

    ඔන්න සාමාන්‍ය මනුස්සයෙක් මොකක් හරි දෙයක් ලියල හුදී ජනයාගේ හිත සුව පිණිස කොතන හරි පල කරනවා.. ඒක කියවන සුපර් මෑන්ස් කෙනෙක් ඒක එලකිරියට දානවා . ඕක දකින ස්පයිඩර් මෑන්ස් ල එලකිරියෙන් කොපි කරලා FB එකට දානව ..ඕක දකින බැට් මෑන් ඕක FB එකෙන් කොපි කරලා එලකිරියට දානව .. තවත් සමහර සුපර් මෑන්ස් ල බ්ලොග් වලින් කොපි කරලා එලකිරියට දානවා.. අයෙත් බැට් මෑන්ස් ල ඒක උස්සල FB එකේ දානවා.. කොහොම හරි සිද්ද වෙන්නේ මොන දේ උනත් ලියල පල කරන කෙනාගේ පරමාර්ථය ඉෂ්ට වෙන එක උනත් කොපි පේස්ට් කලාව ඉදිරියට කරගෙන යාමේදී කර්තෘ ගැන සඳහනක් කිරීම තමයි වටින්නෙ