Full Face හෙල්මට් අද සිට තහනම්
ෆුල් ෆේස් හෙල්මට් නීතිය අද සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.ඒ අනුව එම නීතිය කඩ කරන්නන්ට දඩ කොළ නිකුත් කිරීමටද පොලීසිය පියවර ගන්නා බවයි වාර්තා වෙන්නේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේ එම නීතිය කඩ කරන්නන් දඩ කොළයක් මගින් රුපියල් පන්සියයක (500) මුදලකට යටත් කෙරෙන බවය.
කෙසේවෙතත් ෆුල් ෆේස් හෙල්මට් තහනමට එරෙහි යතුරු පැදිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් පවසන්නේ තමන් තවදුරටත් ෆුල් ෆේස් හෙල්මට් පළදින බවයි. එම සංගමයේ සාමාජික දමිත් චතුරංග මහතා ප්‍රකාශ කළේ මෙම කරුණ ජාත්‍යන්තරයට වුවද ගෙන යාමට සූදානම් බවයි.
මේ අතර අදාළ තහනමට එරෙහිව ෆුල් ෆේස් හෙල්මට් පළදින යතුරු පැදිකරුවෙකු අභියාචනාධිකරණයට පෙත්සමක් ද ගොණුකර තිබෙනවා. එමෙන්ම මාතර දිස්ති‍්‍රක් තරුණ බෞද්ධ සංගමය සහ මාධ්‍යවේදීන් පිරිසක් ෆුල් ෆේස් තහනමට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවේ මාතර කාර්යාලයට ඊයේ පැමිණිල්ලක් භාර දුන්නා.

අනිවා මැරෙන්න බලාගෙන තමයි යන්න වෙන්නෙ බයික් එකක යනව නම් අද කාලෙ පාරෙ තොටේ.