#අගති රහිතයි
පුද්ගලික කාර් රථයක් අඩුවියදමින් ලංකාවට ගෙන්වා ගැනීම.
කාර් නෙඩ් ඩී පැසේජ්
ගොඩක් අය දන්නව මේ කියන ක්‍රමය ගැන නමුත් එතරම් දැනුවත් නෑ. කොටින්ම පාරෙදි ඕනතරම් දැකල ඇති පිටරට නොම්මර වලින් චන්ඩි වගේ ලංකාවෙ දුවන වාහන. ඒව එහඅ දුවන්නෙ ලයිසන් ඉන්ශූරන්ස් ඇතිව තාවකාලික පදනමින් ගෙනල්ලා ආපහු ගෙනියන්න තියෙන හින්ද කියල ගොඩක් අය දන්නවත් ඇති නොදන්නවත් ඇති.
හැබැයි ඕකේ සුබවාදී පැත්ත තමයි මේ වෙලාවේ මූල්‍ය නොවන (Non Forign Exchange ) ආනයන විදිහට වාහනයක් ගේන්න තියෙන එකම ක්‍රමයත් වෙක නිසා.
වාහන ආනයන තහනම ගැන කියන්න දෙයක් තිබ්බේ කාලයක සිටය. නමුත් විවිධ හේතු නිසා නොකියා ඉන්නටත් තීරණය කොට අවසානයේ කීමට සිතා ගත්තෙමි.
අතේ සල්ලි ටිකක් ඇතිනම් කාර් එකක් ගැනීම කාගේත් ආසාවකි. ඒවා අහිංසක යකඩ හීනය. නමුත් විනිමය අර්බුදය මැද කළු කඩ ජාවාරමක් රජයේ ආශීර්වාදය ඇතිව හෝ නැතිව ක්‍රියාත්මක වීම උගහටය. රේගුවේ ලියාපදිංචි ආනයනකරුවකු ලෙස , රජයේ බදු ගෙවන්නකු ලෙස දන්නා දෙයක් මෙහි ලියා තැබීම වරදක් ලෙස නොදකිමි. නීතිමය ගැටළු ඇතිවීම වලක්වනු පිණිස අගති රහිතයි යන්න දක්වමි.
ජාත්‍යන්තර නීතී කෙටුම්පත් වල දේශ සීමා වලින් මායිම් වන රටවල් සදහා නිදහසේ වාහනයකින් යාමට ඒමට විශේශිත වූ ක්‍රමවේදයක් ඇත. ඒ දේශසීමාවේ දිී පුද්ගලයා සතු සියළු වත්කම් අනික් රටට ආනයනයක් වන නිසාය. ගොඩබිම් රටවල් මෙයට අනුගතව සම්මුතියක් ඇති කරගත් අතර දූපත් රාජ්‍යක් වූ ලංකාවත් එම සම්මුතියට වැරදීමකින් හෝ අත්සන් කර ඇත. එනම් කිසියම් රටක අයකුට තම වාහනය රැගෙන ලංකාවට පැමිණ ආපසු බැහැර ගෙනයාමට ප්‍රතිපාදන තිබේ.
වසර කීපයකට පෙර සංවිධානාත්මකව මාෆියාවක් ලෙස මෙය ක්‍රියාත්මක වූ අතර මේ ලියන මාද රේගුවේ විශේෂ විමර්ශන ඒකකයේ අත්ඩංගුවට පත්ව ප්‍රකාශයක් ලබාදීමට සිදුවිය. ඒ නිසා මෙහි අන්තිම බිංදුව දක්වා මා පුද්ගලිකව සියළු තැන් දන්නා නිසා උද්ගතව ඇති තත්වයෙන් යම් සහනයක් අපේක්ෂා කරන අයෙක් වේනම් (ව්‍යාපාරික අරමුණු වලින් බැහැරව) එය භාවිතා කල හැකි බව දන්වා සිටිමි.
දකුණින් වාහන එලවන හෝ වාහන විකිණිමට ඇති රටක(ඩුබායි - නෙදර්ලන්තය) පාස්පෝට් සහිත පුරවැසියන්ට මේ සඳහා ඉඩකඩ ඇත.
වාහනයේ නිශ්පාදිත වර්ශය මේ අනුව තහනමක් නැත . ඕනෑම වර්ශයක වාහනයක් මේ යටතේ මිලදීගෙන එම පාස්පෝට් හිමියා නමින් ඒ රටේ ලියාපදිංචි කිරීම සිදුකල යුතුය.ඉන් අනතුරුව ඒ රටේ රෝයල් ඔටෝමොබයිල් සංගමය(Automobile Association) මාර්ගයෙන් ලංකාවට එම වාහනය රැගෙන යාම සදහා අනුමැතිය හා අදාල රක්ශණය ලබාගත යුතුය. බොහෝවිට වාහනයේ මිල අනුව යම් තැම්පතු මුදලක් එහි තැම්පත් කිරීමට සිදුවෙන අතර එය ආපසු ලබාගැනීමට හැකිය.
ඉන් අනතුරුව වාහනය නැව් ගත කොට වාහන හිමියා ලංකාවට පැමිණ රේගුවට අදාල වාහනයේ ලේඛන හා වීසා බලපත්‍ර (මාස තුනකට අවම) පෙන්වා මුදාගත හැකිය. ගෙවිය යුතු ගාස්තුව රුපියල් 550කි (රජයේ ගාස්තු)
මාසතුනකට බදු නොමැතිව වාහනය රට තුල භාවිතයට අවසර ලැබෙන අතර ඒ කාලය තුල රේගුව හා මුදල් අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය මගින් අදාල බදු ගෙවා ලියාපදිංචිය කරගැනීමට ප්‍රතිපාදන ඇත.
මෙම ක්‍රියාවලිය මගින් මේ කොරෝනා අවස්ථාවේ රජයට වාහන බදු හා සංචාරක ව්‍යාපාරය කෙරෙහි සුභවාදී වාසියක් ද ඉටුවේ.
වාහනය ගෙන්වීම සඳහා රටේ විදේශ විනිමය භාවිතා නොවේ.ඒ නිසා රජයට වන බලපෑමක් නැත. කළුකඩේ මිලට් නම් කෙලවෙනු ඇත.
කොටින්ම ඩොලර් 7000 කට විදේශයෙන් ගන්නා 2010-2015 ප්‍රිමියෝ එකක මිල බදු සමගම ආසන්නව ලක්ශ 30-40 අතර මිලකට මෙමගින් ගෙන ඒමට හැකිය.
රක්ශණය(AA) නැව්ගාස්තු, ගුවන් ටිකට්පත්, වාප්පු ගාස්තු, හෝටල් වියදම් ඕනෑනම් තව ලක්ශ 5 ක් වියදම් වනු ඇත.
ලංකාවට එන්න කැමති ඕනෑම විදේශ රටක පාස්පෝට් සහිත පුරවැසිභාවය හිමි (ශ්‍රීලාංකික හෝ නොවන) ඕනෑම කෙනෙකුට මෙය භාවිතා කල හැක.ශ්‍රීලාංකික පාස්පොට් සහිත ද්විත්ව පුරවැසියන් සඳහා අවසර නැත.
අවශ්‍ය එකම දේ නියමිත කාලය තුල බදු ගෙවීමය. ඒ සඳහා විදේශිකයා විසින් වාහනය ලංකාවේ අයෙකුට හෝ සමාගමකට වාහනය පවරාදීම ප්‍රමාණවත් වේ. බදු නොගෙවා වාහනය අතුරුදන් කිරීමෙන් අනවශ්‍යය ගැටළු වල පැටලී මේ අවස්ථාව නැති කර නොගන්නා මෙන් ඉලා සිටිමි.
එංගලන්තයේ , නවසීලතයේ, ඩුබායි, දකුණු අප්‍රිකාවේ , යුරෝපයේ, ජපානයේ, සිංගප්පූරුවේ , ඉන්දියාවේ, ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සහිත නෑදෑ හිතමිතුරන් ඇතිනම් උත්සහ කලාට කම් නැත.
කළුකඩේ මිලට වඩා අඩුවෙන් වාහනයක් මෙමගින් ගත හැක. රජයට ගෙවන බදු ගැන කීය වුනත් විස්සෝප නොවන්න. කළුකඩේට ගෙවනවාට වඩා එය යහපතක් ය. ඉන් අඩුම තරමේ ඉස්පිරිතාලෙ බේත් හෝ එන්නතක් සඳහා හො ගෙවනවායැයි සිත පහදවා ගත හැක.
විස්තර ලින්ක් එකෙන්
https://www.carnetdepassage.org/