Galaxy S4

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචංලා, ඔන්න මමත් Galaxy S4 club එකට සෙට් උනා. තව S4 පාවිච්චි කරන අය ඉන්නවා නම් සෙට් වෙලා ගුණ අගුණ කතා කරමු. තව ගන්න අය ඉන්නවා නම් වැදගත් වේවි.

    කලින් පාවිච්චි කලේ galaxy note 1 & 2 නිසා, මේක ටිකක් අතට සහ සාක්කුවට පහසුයි... මම ගත්තේ GT-I9500 කියන එක... මේකේ තියන අනිත් ප්‍රසිද්ධ model එක තමා, GT-I9505 එක. ඔය දෙකම ලංකාවේ ගන්න තියෙනවා.. ඔය ෆෝන් දෙකේ පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා... මිලෙත් පොඩි වෙනසක් තියෙනවා.

    GT-I9500 හෙවත් Exynos 5 Octa කියන එකේ,
    ප්‍රොසෙසර් දෙකක් තියෙනවා - Quad-core 1.6 GHz Cortex-A15 & Quad-core 1.2 GHz Cortex-A7
    GPU - PowerVR SGX 544Mhz
    LTE - නැත.
    RAM - 2GB

    GT-I9505 හෙවත් Snapdragon 600 කියන එකේ,
    ප්‍රොසෙසර් එකයි - Quad-core 1.9 GHz Krait 300
    GPU - Adreno 320
    LTE - ඇත
    RAM - 2GB

    මේ දෙකම තරමක් එක වගේ උනත් , Exynos 5 එක Octa core නිසා තරමක් වේගවත්.. ඒ වගේම, බලය අවශ්‍ය පරිදි ප්‍රොසෙසර් දෙක පාවිච්චියට ගන්න නිසා, Battery life එකත් වැඩි. තව GPU power එකත් වැඩි.
    ඒත් Snapdragon 600 එකේ තියෙන විශේෂත්වය තමා LTE තියෙන එක , ඒ නිසා ඒකත් සෑහෙන්න ජනප්‍රියයි.

    S4 එකේ අලුතින් ආපු featurs පැත්ත ගැන මම කතා කරන්නේ නෑ... මොකද ඒ තරමට අලුත් දේවල් එකතු වෙලා තියෙනවා... ඉඩක් ලැබුනොත් වෙන පෝස්ට් එකක දාන්නම්...

    මේකේ මම දැකපු නරක දේවල් තමා, memory usage එක සෑහෙන්න වැඩි එක. කිසිම app එකක් දුවන්නේ නැතුව ( background apps ඇර ) , 1.1GB ( 1.82GB වලින් ) විතර කොහොමත් පාවිච්චි වෙනවා.. හැබැයි ඒක බය වෙන්න කාරණයක් නම් නෙමේ, අනිත් apps වලට අවශ්‍ය වෙලාවට ඉඩ ඕනේ තරම් ලැබෙනවා....
    දෙවනි නරක දේ තමා, 16GB storage එකෙන්, අපිට පාවිච්චියට ඉතුරු කරලා දීලා තියෙන්නේ 9GB විතර. Samsung පුරවපු ලට්ට ලොට්ට සෑහෙන්න වැඩි.

    කොහොම උනත්, S4 එකේ මිල තාම තියෙන්නේ බහින කලාවේ.... ඉවසලා ඉන්න පුළුවන් නම්, 70K ( gray market ) විතර වෙනකල් මිල අඩු වේවි.

    ඒ වගේම්, Galaxy S4 Active එකත් දැන් release කරලා තියෙන්නේ. කැමති අය ඕනේ නම් ඒක එනකල් ඉඳලා, ඒක ගන්නත් පුළුවන්. ඒකේ තියන වාසි තමා, වතුරෙන් , දූවිල්ලෙන් හානියක් නැති එක සහ වතුර යට ෆොටෝ ගන්න, වැඩ කරන්න පුළුවන් විදියට හදලා තියෙන එක. ඒත්, ඒ පැත්තෙන් Active එක හොඳ උනාට, display එක සහ camera එක ටිකක් S4 තරම් හොඳ නෑ.

    තව ප්‍රශ්ණ එහෙම තියේ නම්, අහන්න... මම දන්න දේ කියන්නම්...

    phone එකේ ෆොටෝ කෑලි දෙක තුනකුත් දාන්නම්කෝ... කියන්න දෙයක් නෑ, ගන්නවා නම් හොඳම ෆෝන් එකක් තමා S4 කියන්නේ...

    20130607105757.jpg

    20130607105954.jpg

    20130607105906.jpg


     
    Last edited:

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මම පෞද්ගලිකව කැමති.. s4 එකට වඩා HTC one එකටයි.. Google nexus 4 එකයි. මගේ යාලුවෙල් ලඟ තියෙනව. nexus 4 එක. සුපිරි අනම් මනම් නෑ.. colour නම් s4 එකේ තරම් තිවෟර නෑ.. :yes:
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Battery life eka gena nam agree wenna be macho, Octa eke battery life eka adui S600 ekata wada check GSMARENA blog, phn eka nam ela,
     
    • Like
    Reactions: vpsupun

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම පෞද්ගලිකව කැමති.. s4 එකට වඩා HTC one එකටයි.. Google nexus 4 එකයි. මගේ යාලුවෙල් ලඟ තියෙනව. nexus 4 එක. සුපිරි අනම් මනම් නෑ.. colour නම් s4 එකේ තරම් තිවෟර නෑ.. :yes:



    :yes:

    TWF21RygkFpkU-vKhdAxub1mF6L9xxoqc7aD1F6tD8ElCQFES4Ljn3yuUqcM1iZxC5A=w346



    11.gif
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    එළකිරි මාත් සෙට් උනා ඔන්න. හැබැයි තාමා මම S4 නෙමෙයි. :confused: ලගදීම S4 වෙන්න හීන දකින කෙනෙක් :D
     
    • Like
    Reactions: vpsupun

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,816
    1,238
    113
    Mars
    Apinan ACEII...Eth S4 tama asama...Kauru mona qwath s4 (i9500) eke speed ekata gahanna ekak na danata..Battery life improved kiala aranchie...Habai eke plastic design eka tama aula :( :(
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,816
    1,238
    113
    Mars
    S4 LTE tkak ganna honda thenak kiyannako danna kenek..
    price kohamada ?

    LTE eka aran wadak nane ban mehe hariyata LTE nathuwa... :/ Anika Samsung LTE nati ratawal walata LTE phones dan ewanneth nahalu..LTE thiyana ratakinma thama ganna wenne..mehe un karanne import karana eka eewage ratakin :angry:
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    පට්ට මචන්..:D:yes:

    මම galaxy s duos :P
    එල මචෝ ...

    ela machan... :)
    ape S2
    තෑන්ක්ස් මචං

    මම පෞද්ගලිකව කැමති.. s4 එකට වඩා HTC one එකටයි.. Google nexus 4 එකයි. මගේ යාලුවෙල් ලඟ තියෙනව. nexus 4 එක. සුපිරි අනම් මනම් නෑ.. colour නම් s4 එකේ තරම් තිවෟර නෑ.. :yes:
    ඔවු ඔවු .. එක එක කෙනාගේ කැමැත්ත වෙනස්... HTC One එකේ නම් build quality එක නියමයි. මමත් මුලින් ගන්න හිතුවා. ඒත් මම ෆෝන් එකක් අවුරුද්දකට වඩා තියා ගන්නේ නෑ. ඒ නිසා, පිට ඔපේ ගැන වැඩිය බැලුවේ නෑ මචං... performance & features තමා බැලුවේ.

    s4 1kada HTC one 1kada machan vada hoda...?
    කලින් කිවුවා වගේ, කැමැත්ත අනුව තමා ගන්න ඕනේ...


    තෑන්ක්ස්

    Battery life eka gena nam agree wenna be macho, Octa eke battery life eka adui S600 ekata wada check GSMARENA blog, phn eka nam ela,
    මචං මමත් ෆෝන් එක ගත්තා විතරයි.. තාම හරියට කියන්න බෑ බැටරිය ගැන. හැබැය මචෝ, ඔය GSMArena blog එක වැඩිය පිලිගන්න එපා. සමහර අය Chinese කුණු ගොඩවල් අරන්, රත් වෙනවා, බැටරි බහිනවා කියලා කෑ ගහනවා... මම දැං දවස් දෙකක් පාවිච්චි කලා... දවසෙම ඔබ ඔබා ඉන්නවා... ඒත් බැටරි එක තාම බැස්සේ නෑ. මම හරියටම usage එක දාන්නම්.
    Octa core ගැන කිව්වම, මචං.. මේක octa core කිව්වට, cores 8ම හැම වෙලේම වැඩ නෑ. on-demand තමා වැඩ කරන්නේ.. processor දෙකෙන් එකක් නිතරම off. quad core CPU දෙකක් ආව එක හේතුවක් තමා බැටරිය ආරක්ෂා කර ගන්න එක. මාත් මේ පොර වගේ කියන්නේ, ෆෝන් එක ගන්න කලින් internet එකේ කරක් ගහලා හොයා ගත්ත දේවල් තමා... :)



    Eka depend wenawa machan umbata one de anuwa, S4 eke performance HTC one ekata wada wedi, HTC Once eke build quality eka nam itin S4 ekata wada supiriyata tiyanawa.

    http://www.gsmarena.com/samsung_galaxy_s4_vs_htc_one-review-913.php

    Check this for more info
    YES :yes:

    Welcome to S4 club !!
    :) තෑන්ක්ස්