Game of Thrones S06E01 - Sinhala Review

ghtvnath

Member
Apr 14, 2008
258
26
0


බොහෝ දෙනෙක්ව පුදුමයට පත් කරමින් Game of Thrones 6වෙනි කතා මාලාවේ පලවෙනි කොටස නිමා වුණේ ආලෝකයට අධිපති දෙවියන් අදහන මැලිසැන්ඩ්රාගෙ හරි වයස අපි හිතපු වගේ නෙවෙයි කියල පෙන්නුම් කරලා. ඒ ගැන විවිධ මත තියෙනවා. මේ වයස පෙන්නුම් කිරීම සහ ජෝන් ස්නෝ අතර සම්බන්ධයක් තියද කියලත් සමහර අය කල්පනා කරා. අපි බලාපොරොත්තු වුණා නම් ජෝන් ස්නෝ සම්බන්ධ දෙයක් මේ කොටසෙදි වෙයි කියල, එහෙම වුණේ නෑ. එයින් කතාවෙ අනිත් සිදුවීම් වලට වැඩි අවධානයක් පවා ලැබුණා. බොහෝ දුරට මේ සිදු වීම් කාන්තාවන් වටා තමයි සිදු වුනේ. මේ වීඩියෝ විවරණයේදී මම මැලිසැන්ඩ්රා ගැනත්, සන්සා සහ බ්රියැන් හමුවීම ගැනත් කතා කරනවා. මේ කොටස පිලිබඳ තවත් විවරණයක් මේ සතිය ඇතුලතම බලාපොරොත්තු වෙන්න පුළුවන්.