ධම්ම්ක පැණිය වංචාවක්.. ප්‍රෝඩාවක්.. වට්ටෝරුවක් කියන්නෑ.. මතුරනවාලු.. අපට වගකියන්න බෑ..- ආයුර්වේද වෛද්‍ය සභාපති
December 20, 2020 at 10:40 am | lanka C news
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසයට හඳුන්වා දී ඇති ඖෂධය රැවටිල්ලක් සහ ප්‍රොඩාවක් බව ශ‍්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති ප්‍රසාද හෙන්දවිතාරණ මහතා පෙන්වා දෙන්නේ මීට වගකිව යුත්තේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඇතුළු දේශපාලන බල අධිකාරිය විසින් බවයි.
මෙවන් කටයුතු හේතුවෙන් දේශීය හෙළ වෙදකම ආයුර්වේද වෙදකම බරපතල අවදානමකට ලක්ව ඇති බවත් මෙය දේශීය වෙදකම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් බවත් ඔහු පෙන්වා දෙයි.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව මී පැණි උණු කිරීමට නොහැකි බවත් සාදික්කාවල අනතුරුදායක තත්ත්වයක් ඇති බවත් ඔහු පවසයි.
ධම්මික බණ්ඩාර මහතාගේ වට්ටෝරුවේ ඇත්තේ මොනවාදැයි නොකියන බවත් එවිට අංග සම්පූර්ණ පරීක්ෂණයක් කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.
මෙරට සිටින පාරම්පරික වෛද්‍යවරුන් ගැන සැලකිය යුතු ප්‍රමාණයක් ගුණාත්මක නැති බවත් ඔවුන් ලියාපදිංචියවත් නැති බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරයි.