Gangnam Style ගීතයේ සැඟවුණු වියදම

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Gangnam Style ගීතයේ සැඟවුණු වියදම

    පරිගණකය ඉස්සරහා ඉඳන් අපි කොයි තරම් නම්කාලේ නාස්ති කරලා ඇත්ද?

    ගන්ග්නම් ස්ටයිල් ගීතය අහලා නැති කෙනෙක් නැති තරම්. යූටියුබ් වෙබ් අඩවිය හරහා පමණක් මේවෙනකොට බිලියන දෙකකට අධික පිරිසක් මේ වීඩියෝව නරඹලා.ඒ වගේම මේ වෙනකොට වැඩිම දෙනෙක් නරඹපු වීඩියෝ පටය බවට පත් වෙන්නටත් මේ කොරියානු ගීතය හැකියාව ලැබිලා.

    ඒ වගේම මේ වීඩියෝ පටය යූටියුබ් වෙබ් අඩවියේ වීඩියෝවක් සඳහා ලැබිය හැකි උපරිම views ගණන පවා ඉක්මවා ගිය නිසා එම වෙබ් අඩවියට පවා වෙනස්කම් සිදුකරන්නට වුනා.

    ගණන් හදලා බැලුවොත් විනාඩි 4.12 ක් පුරා දිවෙන මේ වීඩියෝව නරඹන්න බිලියන 2ක් පිරිසට පැය මිලියන 140ක් ගතවෙලා. ඒ කියන්නේ අවුරුදු 16000ක්.

    පසුගිය වසරේ එලිදැක්වුනු USS Gerald Ford නෞකාව නිර්මාණය කරන්න වැයවුණු මහන්සිය මිනිස් පැය මිලියන 50ක්. ඒ කියන්නේ ගන්ග්නම් ස්ටයිල් නරඹපු වෙලාවේ ඒවගේ නැව් 3ක් හදන්න තිබුනා.

    ඒ වගේම ලොව උසම ගොඩනැගිල්ල වන Burj Khalifas ගොඩනැගිලි 6ක් ගීසා පිරමිඩ 4ක්, සම්පූර්ණ විකිපීඩියා වෙබ් අඩවියක් වගේ දැවැන්ත නිර්මාණ කරන්න තිබුනා.

    හැබැයි කෙනෙක් කියන්න පුළුවන් මේක විකාර කතාවක් කියලා. ඔව් එහෙම වෙන්න පුළුවන්. හැබැයි අපි අන්තර්ජාලය තුල නාස්ති කරන සුලු වෙලාවෙනුත් කොයිතරම් දේවල් කරන්න පුලූවන්ද කියන එකට මේක හොඳ උදාහරණයක්.



    20140607_gdc1032.png


    BpOY_rDIMAA5ilX.png






    SOURCE
     
    • Like
    Reactions: dmtx