Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මහින්දානන්දට විරුද්ධව කෙහෙලිය ‍ජනපතිට කේළම් කියයි දේශීය 2010 මාර්තු 21 වෙනි ඉරිදා, 11:57
Mahindannada_keheliya.jpg
පසුගිය 19 වැනිදා මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේ පැවැති රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් මහනුවර කණ්ඩායම් නායක සරත් අමුණුගමගේ නම පමණක් සිය කතාවේදී ප්‍රකාශ කිරීමට විරෝධය දක්වමින් ඇමැති මහින්දානන්ද අලුත්ග‍මගේගේ ආධාරකරුවන් විසින් "හූ" කීමේ සිදුවීම සම්බන්ධයෙන් ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ජනාධිපතිවරයාට තොරතුරු වාර්තා කර ඇති බවත්, මේ අනුව මහින්දානන්ද හා කෙහෙළිය රඹුක්වැල්ල අතර මේ වන විට සීතල යුද්ධයක් හට ගෙන ඇති බවත් වාර්තා වේ.

:D:D:D:D:D


ගැටඹේ ක්‍රීඩාංගනයේදී පැවැති මෙම රැලියට පැමිණි ජනාධිපතිවරයා සිය කතාවේදී සරත් අමුණුගමගේ නම පමණක් ප්‍රකාශ කර ඇත. මේ අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේගේ ආධාරකරුවන් විසින් ඔහුගේ මනාප අංකය ප්‍රදර්ශනය කරමින් මහ හඬින් "හූ" කියා ඇත. මේ අවස්ථාවේදී සිය කතාව නතර කර ඇති ජනාධිපතිවරයා "මට ද හූ කිව්වෙ" යනුවෙන් විමසා ඇත. මේ අවස්ථාවේදී නැවතත් පිරිස අතරින් හූ හඬක් ඇසී ඇති අතර, මේ අවස්ථාවේදී කෝප වී ඇති ජනාධිපතිවරයා‍ "මේක නාවලපිටිය කියලද හිතන් ඉන්නෙ. පස්සෙ බලාගමුකො" යනුවෙන් පවසා සිය කතාව අතරමග නතර කොට පිටත්ව ගොස් ඇත.

:D:D:D:D:D:D:D


මේ අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේගේ ආධාරකරුවන් විසින් හූ කීමේ සිදුවීම කෙහෙළිය රඹුක්වැල්ලගේ ආධාරකරුවන් විසින් වීඩියෝ ගත කර ඇති අතර, මෙම වීඩියෝ ඇතුළත් සීඩී පටයක් කෙහෙළිය රඹුක්වැල්ල විසින් ජනාධිපතිවරයාට ලබා දී ඇත. මෙම වීඩියෝ පටයේ මහින්දානන්ද අලුත්ගමගේගේ ආධාරකරුවන් හූ කියන ආකාරයත්, එම හූ කියන පිරිස මහින්දානන්දගේ මනාප අංකය ප්‍රදර්ශනය කරමින් සිටින ආකාරයත් දක්වා ඇත.

මෙම සිදුවීමෙන් මේ වන විට මහින්දානන්ද අලුත්ගමගේ හා කෙහෙළිය රඹුක්වැල්ල අතර සීතල යුද්ධයක් ආරම්භව ඇති අතර, මහින්දානන්ද අලුත්ගමගේ විසින් සිය මැතිවරණ වේදිකාවලදී "යූඇන්පියෙන් පැනපු උන්ට මනාප දෙන්න එපා" යනුවෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
අද ලංකාව ආසියාවේ විලාපය බවට පත් වෙලා - විජිත හේරත්



2010 මාර්තු 23 වෙනි අඟහරුවාදා, 15:03
pres0228_02.jpg
අද වන විට ශ්‍රී ලංකාව ආසියාවේ ආස්චර්ය කෙසේ වෙතත් ආසියාවේ විලාපය බවට පත්ව ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේතරත් මහතා පවසියි. ඒ මහතා මේ බව පැවසූවේ මේවන විට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමිණි.


එහිදී මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ ලොකුම බොරුව, ලොකුම දූෂණය, ලොකුම යුද වංචා ප්‍රෝඩාව, ලොකුම කුඩු ජාවාරම ආදී සියලු දූෂණ භීෂණවලින් ලොකුම තැන තියෙන්නේ ශ්‍රී ලංකාව බවයි. එබැවින් ශ්‍රී ලංකාව ආසියාවේ අශ්චර්යය කෙසේ වෙතත් ආසියාවේ පමණක් නොව ලෝකයේම විලාපය බවට පත්ව ඇති ඒ මහතා පැවසීය.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

මහ මැතිවරණයෙන් නිකුත් වෙන ප්‍රතිඵලය
සත්‍ය ප්‍රතිඵලය කියල
මම නම් හීනෙකින්වත් හිතන්නෙ නෑ.

බැසිල්කරණයෙන් දිනාගනීවි.

චන්ද 18 ලක්ෂයක් ජිල්මාට් ගැහුව මිනිහට ඕක මොකක්ද?


:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 

diamonddrago

Member
Oct 13, 2009
4,865
117
0
In the attic...
මහ මැතිවරණයෙන් නිකුත් වෙන ප්‍රතිඵලය
සත්‍ය ප්‍රතිඵලය කියල
මම නම් හීනෙකින්වත් හිතන්නෙ නෑ.

බැසිල්කරණයෙන් දිනාගනීවි.

චන්ද 18 ලක්ෂයක් ජිල්මාට් ගැහුව මිනිහට ඕක මොකක්ද?


Are you even listening to what ur saying......how in god's name can anyone cheat 1.8 million votes?!!?.....even George W Bush was only able to cheat at Florida.....comparatively just one district.....:oo:

are you saying our president can do things even G.W can't?!!?...:rolleyes::oo::dull: