Get well soon..

hasith911

Member
Aug 19, 2011
71
4
0
දුමින්දට ප‍්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට මරණ තර්ජන

මුල්ලේරියාව වල්පොල මන්සන්ධියේ සිදුවූ වෙඩි තැබීමෙන් මාරාන්තික තුවාල ලබා අසාධ්‍ය තත්වයෙන් ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාට ප‍්‍රතිකාර කරන වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට මරණීය තර්ජන එල්ලවී ඇතැයි වාර්තා වේ.
රෝහල් අධ්‍යක්‍ෂක එස්.ඒ.කේ. ගමගේ මහතාගේ ජංගම දුරකථනයට ද මෙවැනි තර්ජන ඇතුලත් කෙටි පණිවුඩ ලැබී ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියා සිටී. මේ නිසා රෝහල් අධ්‍යක්‍ෂ ජනමාධ්‍ය වෙත තොරතුරු ලබාදීමද සීමා කර ඇති බවද වාර්ථා වේ.
මෙසේ මෙවැනි තර්ජන එල්ලකරන්නේ මෙම වෙඩිතැබීම් වලට සම්බන්ධ පාර්ශව නොව වෙනත් තුන්වැනි පාර්ශවයක් විය හැකි බවද ආරක්‍ෂක අංශ වලට සැක මතුව තිබේ.