no
අපි මෙහෙම හිතමු කෙනෙක් ඔය කියන තැන ඉදන් අනිතිමට හැම දේම තේරුන් අරන් ඔය කියන පාරෙ ඉස්සරහටම යනව ඒ පුද්ගලයා යහපත් පිනට ලැදි කෙනෙක් නමුත් එයාගේ වාසනාව බුද්දි මට්ටම අනුව ( උපරිමෙන් කැප වෙලත් ) එයාට බැරි වෙනවා තමන්ව දාල ගිය ඒ කෙල්ලව පහු කරන් යන්න. එයා යන ගමන ධාර්මිකව හරි නමුත් සමාජ තත්වය සැප සම්පත් අතින් එයා අර කෙල්ලට වඩා පහල ඒ වගේ තත්වයක් ආවොත් ඒ කෙනාට හිතෙන්න පුළුවන් නේද තමන් පරාදයි ඇත්ත ජය ගත්තෙ නෑ ඵල දුන්න කර්මයක් නෑ හැම දේම බොරුවක් මන් පරාදයි නරක කරපු උන් දිනුම් කියල ඒ වගේ මානසික තත්වයක් ඇති වෙන්න පුළුවන් නේද එහෙම උනොත් මොකද කරන්නෙ

මන් කීවෙ මගේ අත්දැකීමක් නෙවේ මට හිතුන දෙයක් ඇහුවෙ මටත් මේ වගේ කතාවක් තිබුනත් ඒකෙය් මන් අහපු දේයි කිසිම සම්බදයක් නෑ නැත්නම් තොපි කුප්ප කතා අහයි මගෙන් ඒකයි මුලින්ම කීවෙ

නැහැ BRo
අපිට කෙල්ලව පහු කරන එක ජීවන අරමුණක් නෙවෙයි
අනිත් එක තමයි කෙල්ලට වඩා ඔයා හැම අතින්ම ගුණවන්ත මනුස්සයෙක්නම්
ඔයා දිනනවා..සල්ලි,බලය වැඩිපුර තියෙනවා කියන එක සතුටට කාරණාවක් නම් මේ ලෝකෙ වැඩියෙන්ම සතුටින් ඉන්න අය වෙන්නෙ අපේ රටේ මැති ඇමතිවරුනෙ


නමුත් යථාර්ථය ඒක නෙමෙයි ඔයා ඒ මිනිස්සුන්ගෙ හිතේ හැම තිස්සෙම තියෙන්නෙ තණ්හාව
තණ්හාව තියෙනකන් ඒ මිනිස්සු මැරි මැරී උපදිනවා
දැන් ගිහින් ජොනී මහත්තයගෙන් අහන්න සතුටින්ද ඉන්නෙ කියල
වෙන කවුරුත් එපා අපේ රටේ දෙවැනි පුරවැසියගෙන් අහන්න
ඒත් නෑ
එහෙනම් අපි තේරුම් ගත්තෙ නැති දෙයක් තියෙනවා
ඒ තමයි එයාල ජීවන ධාවන පතය ඉවර කරන්න පතය දිගේ යන අය නෙවෙයි
එයාල තාවකාලික දේවල් නිසා ඉස්සරහට යනවා වෙනුවට උඩට යන්නයි දගලන්නෙ
උඩට ගිහින් ගිහින් ආයෙ වැටෙන්නෙ බිමටමයි එතන ඉදලා තමන්ගෙ ධාවන තීරුවෙ ගමන ආයෙත් යන්න පටන් ගන්න වෙනවා
නමුත් ජීවිතය ටිකක් හරි තේරුම් ගත්ත මිනිස්සු උඩට යන එක ජීවිත අරමුණක් කරගන්නෙ නෑ
උඩට යනවට වඩා වැඩි වේගෙකින් ඉදිරියටයි යන්නෙ
ජීවිතයෙ සතුට තියෙන්නෙ සල්ලිවලම කියලා හිතනකම් මලේ උඹ පරාදයි
ඔයාගෙ කෙල්ලට සල්ලි තිබුණම ඒකි යන්නෙ Amazon වනාන්තරේ තියෙන රෝස මලක ලස්සන දැකලා සතුටු වෙන්න
ඒත් ඔයාට පුලුවන් නම් ඔයාගෙම ගෙවත්තෙ හැදෙන පුන්චිම පුන්චි නිදිකුම්බා මලක ලස්සන විඳින්න
ඔයා එයාට වඩා දිණුම්
එයා අද දිණුම ගත්තෙ පරාජිතයාව පාගගෙන ගිහින්නම්
මේ බවයේ නැතිම වුණත් ඊළග බවයේ Return සෙට් වෙනවාමයි
කරනකලට පවු මිහිරිය මීසේ..............
විඳින කළට දුක් වැඩිවෙයි ගිනි සේ.........................