ginger beer hadamu.........

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ස්වාභාවිකව ඉගුරු බියර් ගෙදර ඉදන් හදමු
    Caribbean-Ginger-Beer-696x418.jpg


    කියලා දෙන්න යන්නේ අපි කව්රුත් ගොඩක් ආස කරන බීම වර්ගයක් ටිකක් වෙනස් විදියකට ගෙදරදීම හදා ගන්න හැටි. ලොකු ලොකු බීම සමාගම් වලින් මේ බීම වර්ගය නිෂ්පාදනය කරන කොට මොන වගේ අපේ සිරුරට අහිතකර කල් තබා ගැනීමේ හා රසකාරක ද්‍රව්‍ය යොදා ගන්නවද කියලා ඇත්තටම අපි දන්නේ නැනේ. ගෙදරදීම හදා ගත්තම ඉතින් බඩු ශුවර්. එහෙනම් අපි හදමු මී පැණි දාපු ජින්ජර් බියර්

    අවශ්‍ය ද්‍රව්‍ය (විදුරු 4ක් සදහා )
    හොදින් Grate කර ගත්තු ඉගුරු තේ හැඳි 4
    මී පැණි තේ හැඳි 4
    සෝඩා කෝප්ප 2
    වතුර කෝප්ප 2
    අවශ්‍ය ප්‍රමාණයට දෙහි හා Ice

    ස්වාභාවික ජින්ජර් බියර් හදන හැටි
    මුලින්ම වතුර කෝප්ප 2ක් ප්‍රමානය Boil කරන්න
    එයට Grate කරගත් ඉගුරු ටික එකතු කරගන්න
    විනාඩි 10ක් පමණ තැම්බෙන්න අරින්න. විනාඩි 10කට පසු කුඩා ඉගුරු කොටස් ටික භාජනේ පහලට බස තිබෙවි,
    දැන් ඒ වතුර ටික වෙනත් භාජනයකට පෙරා ගන්න
    එයට මී පැණි එකතු කර හොදින් කලවම් කරලා කාමර උෂ්ණත්වය දක්වා හොදින් සිසිල් වන්න අරින්න
    සිසිල් වූ පසු මෙම ඉගුරු හා මීපැණි වතුර කප් භාගයකට සෝඩා කප් භාගයක් මිශ්‍ර කර ගන්න
    එයට අවශය පමණට ICE එකතු කර ගන්න
    දෙහි කැබැල්ලක් මගින් ජින්ජර් බියර් එක පිලිගැන්වීම හැඩ කර ගන්නත් ඔබට පුළුවන්.

    ඔන්න අපි දැන් ජින්ජර් බියර් එක හදලා ඉවරයි. මේ ස්වාභාවික ජින්ජර් බියර් පානය ගොඩක්ම හොද සවස් කාලයේ පානයක් විදියට ගත්තොත් තමයි. මෙහි අඩංගු සිනි හා කැලරි ප්‍රමාණය ඉතාමත් අඩුයි. ඉගුරු හා මී පැණි එකට එකතු උනාම තියෙන බලේ ගැන ඉතින් අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ. මෙමගින් ඔබේ සිරුරේ මේදය දහනය කරලා ඔබව නිරෝගිමත් කරාවි. ඉගුරු වල බලයෙන් ඔබව ගොඩක් ලෙඩ රෝග වලින් ආරක්ෂා කරාවි. ඒ වගේම ගෙදරට එන අමුත්තෙක්ට සංග්‍රහ කරලා ඒ කෙනාව පුදුම කරවන්නත් ඔබට පුළුවන් වේවි. එහෙනම් උත්සාහ කරලා බලන්නකෝ. Bump දාගෙනම යමු