From: Sajith Tharaka [mailto:
[email protected]]
Sent: Wednesday, March 02, 2016 7:13 PM
To: Inspector General of Police
Subject: ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන නීතිවිරෝධී පිරමීඩ ජාවාරම්.
පොලිස්පති තුමනි,
මෙම ලිපිය ඔබතුමා වෙත යොමු කිරීමට සිතුවේ දැනට ශ්‍රී ලංකාව තුල සක්‍රීයව පවතින නීතිවිරෝදී පිරමීඩ ජාවාරම් 3ක් පිළිබඳව ඔබතුමා දැනුවත් කිරීමටයි.. දැනමටත් ඔබතුමා මේ පිලිබඳව හොඳින් දැනුවත්ව ඇති බව මාගේ විශ්වාසයයි.
දැනට දිවයිනේ "ග්ලෝබල් ලයිෆ්, බෙස්ට් ලයිෆ්, මාර්ක් වෝ" නමින් දැවැන්ත පිරමීඩ ජාවාරම් 3ක් පවතී. මේ පිලිබඳව සොයා බැලීමේදී ඔවුන් පිරමීඩ යැයි නොකියා අසරණ මිනිසුන්ගේ මුදල් සූක්ෂම ආකාරයෙන් මංකොල්ල කන බව හොඳින් පෙනී යයි.
ග්ලෝබල් ලයිෆ්
මෙම ව්‍යාපාරය මඟින් මිනිසුන්ට විකුණනුයේ සූර්ය පැනල් වේ. මොවුන් වෙලඳපොලේ රුපියල් 15,000 ට 20,000 ට පමණ ඇති සූර්ය පැනල රුපියල් 60,000 කට අධික මුදලකට අලෙවි කරනුයේ දැවැන්ත මුදල් මංකොල්ලයක් සිදුකරමිනි. මෙය තනිකරම මුලාවකි. ඔවුන් පිරමීඩ ක්‍රමයට කෝටි පතියන් විය හැකි බව දුප්පත් මිනිසුන්ට අඟවමින් කෙසේ හෝ මේ මුදල ඩැහැගනිමින් ඔවුන්ද මෙම ව්‍යාපාරයට හවුල් කර, ඔවුන් ලවා තව තව වැඩි වැඩියෙන් පුද්ගලයින් සම්බන්ධ කරවීම තුලින් මෙම ව්‍යාපාරයේ අයිතිකරුවන් දැවැන්ත මුදල් මංකොල්ලයක් සිදු කරයි...
බෙස්ට් ලයිෆ්.
මොවුන් ඉතා සූක්ෂම විදියට මෙම ව්‍යාපාරය කරගෙන යන අතර ඔවුන් පවසන්නෙ ඔවුන් විකුණන්නෙ සාමාන්‍ය වෙලඳපොලේ ඇති බඩු පමණයි යන කියමන ඇතුවයි.. උදාහරණයක් ලෙස මා හොඳින් දන්නා පුද්ගලයෙක් මොවුන්ගෙන් 85,000 ක් පමණ ගෙවා පුටු සෙටියක් මිලදී ගෙන ඇත. ඔවුන්ට ඉතා අනර්ඝ භාණ්ඩයක්ද හිමි වී ඇත නමුත් වසරක් යන විට මෙම භාණ්ඩයේ ඇත්ත ස්වභාවය එලි වී ඇත. කිසිදු වටිනාකමක් නැති ලී උපයෝගි කරගෙන බාල අන්දමට නිර්මාණය කර ඇති දෑ මොවුන් වෙලඳ පොල මිලට විකිනීම තුලින් මොවුන්ගේ මුදල් මංකොල්ල කෑම සාර්ථකව සිදුකරගෙන යා හැකිය...
මාර්ක් වෝ.
මෙවුන් දැවැත්න ආකාරයෙන් රටේ ආර්ථිකටය දැඩි බලපෑමක් එල්ල වන අයුරින් ඉතා විශාල ලෙස පිටරටට මුදල් කෝටි ගණනක් දිනකට යවනු ඇත. මොවුන් විකුණන්නේ Electronic භාණ්ඩ වේ. අවශ්‍ය අනවශ්‍ය සැමට මොවුන් පිරමීඩ ක්‍රමය භාවිතා කර භාණ්ඩ අලෙවි කරන අතර රටේ මූල්‍යමය ප්‍රශ්නයක් ඉතා ආසන්නව උද්ගත වීමට ප්‍රථම මෙය නතර කළ යුතුම වේ..
මෙම පිරමීඩ ව්‍යාපාර තුලින් රටට හා රටේ ආර්ථිකයට කිසිදු හොඳක් සිදුවන්නේ නැත. ඩොලරය එන්න එන්න වැඩීවීම සඳහා මෙම මංකොල්ලකරුවන් සියළු දෙනා වග කිව යුතුමයි.. මොවුන් කිහිප දෙනෙක්ගේ මඩිය තර කර ගැනීම සඳහා රටේ ධනය බිල්ලට තබා, අසරණ මිනිසුන්ගේ ධනය මංකොල්ලකමින් මොවුන් මේ කරන කූට ව්‍යාපාර ඉතා ඉක්මනින් නතර කර දැමීමට පියවර ගත යුතු බය ඔබට දැනුම් දෙමි..
මෙම ව්‍යාපාර ගැන ඔබට මේ ලඟදි පලවූ නෙත් FM බැලුම්ගල වැඩසටහනින්ද දැනගත හැකිය... මේ එහි Youtube Link එකයි..
https://www.youtube.com/watch?v=zuhOsxEj1aU
ඉතා ඉක්මනින් ඔබගේ අවධානය ලබා දීම මඟින් රටේ අනාගතයත්, මේ කූට ව්‍යාපාර වලට බිලි වන මෙරට දරු පරපුරත් බේර ගත හැකිය...
සජිත් තාරක.
මීරිගම
--
Best Regards,
Sajith
------------------------------------
Dear Mr. Sajith Tharaka,
Acknowledged the receipt of your email dated 02/03/2016.
Reference No. allocated to your submission is: Tell IGP 10/MAR/2016
You may use this Ref. No. for future correspondence in this regard.
Senior Deputy Inspector General of Police Western Province was directed to initiate investigations into the matter concerned and take appropriate action. Please do communicate with Senior Deputy Inspector General of Police Western Province with this regard in the future. His official email address is
[email protected]
Thanks for using the online facility & Best Regards.
IG Police
Police HQ.