Gmail සේවාවට සිංහල භාෂාවත් එක් කෙරෙයි
ගූගල් සමාගම සඳහන් කර තිබෙන්නේ Gmail සේවාව සඳහා අළුතින් භාෂා 13 ක් හඳුන්වා දී තිබෙන බවත් ඒ අතරට සිංහල භාෂාවද ඇතුළත් කර තිබෙන බවයි.
මීට පෙර Gmail සේවාවට භාෂා 58 ක් හඳුන්වා දී තිබූ අතර මේ වනවිට එම සේවාව භාෂා 71 කින් ලබාගත හැකිබව ගූගල් සඳහන් කර තිබේ.
මේ අනුව, ලෝකයේ අන්තර් ජාලය භාවිතා කරන සියයට 94 ක් ජනතාව කතා කරන භාෂා Gmail මගින් ආවරණය කර තිබෙන බව සඳහන්ය.
ඔබේ Gmail සිංහල භාෂාව සඳහා සැකසීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.
1.Gmail විවෘත කරන්න.
2.දකුණු පසින් ඇති පහත ලකුණ click කරන්න.
3.Settings තෝරන්න.
4.ඉහලින්ම ඇති “Gmail display language” මෙනුවෙහි “Language” යටතේ “සිංහල“ තෝරන්න.
5.පහතින්ම ඇති Save Changes click කරන්න.