GMOA නඩය කෑ හොඳම පරිප්පුව
GMOA ත්‍රස්තවාදී ජොස්තර නඩය ජීවිතය පුරාවට කෑ හොඳම පරිප්පුව කෑ වගයි..! (Video)
(ලංකා ඊ නිව්ස් -2017.ජුලි.10, ප.ව.7.35) ජොස්තර පාදඩදෙණිය ඇතුළු GMOA ත්‍රස්ත නඩය ජීවිතය පුරාවට කෑ හොඳම පරිප්පුව අද කෑවෝය. ඒ මහාචාර්ය කාලෝ ෆොන්සේකාට මුවා වී රටේ රෝගීන් මරණයට පත් කෙරෙන අඛණ්ඩ ජොස්තර වර්ජනයක් දියත් කිරීමට ගත් උත්සාහය කාලෝ විසින් පාදෙණිය නඩයේ රෙද්ද කැමරා ඉදිරියේම ගලවමින් ව්‍යර්ථ කිරීම නිසාය.
දෙවන වරටත් දීර්ඝ කළ කාලෝ ෆොන්සේකාගේ වෛද්‍ය සභා සභාපති ධූරය පසුගිය මස 30 වෙනිදායින් අවසන් වූ අතර හිස්වූ ධූරයට මහාචාර්ය කොල්වින් ගුණරත්න පත් කරන්නට සෞඛ්‍ය ඇමැතිවරයා සූදානම් විය. සෞඛ්‍ය ඇමැතිවරයා සමග තිබෙන පුද්ගලික වෛරය පිරිමැහීමට ගිය GMOA ත්‍රස්ත නඩය කියා සිටියේ ගොබ්බ තර්කයකි. එනම් කාලෝගේ පළමු පස් වසක ධූර කාලය නිමා කිරීමෙන් පසු දෙවන වරට මාස 6 කට ධූර කාලය දිගු කිරීම වැරදි බවත් වෛද්‍ය සභා සභාපති ධූරය මාස 6 කට පත් කිරීමට නීතියෙන් ඉඩක් නැති නිසා කාලෝම ඉදිරි වසර 5 ටත් තනතුරේ සිටිය යුතු බවයි. ලෝකයේ කිසිදු ධූරකාලයක් නියමිත කාලය නිමා වූ පසු දිගු කරනවා නම් නිශ්චිත කාලයට මිස පළමුවෙන් පත් වූ ධූර කාලයම යලි නොලැබෙන බව නොදන්නේ GMOA ත්‍රස්ත නඩයේ ගොබ්බයන් පිරිස පමණක් වුවද සාධාරණය අසාධාරණය තඹයකට මායිම් නොකර මැදමූලනේ කාලසටහනට ක්‍රියා කරන පාදඩදෙණියලාගේ GMOA ත්‍රස්ත නඩය ඊයේ (09) කියා සිටියේ කාලෝම පත් නොකරන්නේ නම් යලිත් වරක් දැනුම් නොදී අඛණ්ඩ ජොස්තර වර්ජනයකට යන බවයි.
මේ බව දැනුම් දීමට අද උදෑසන කාලෝගේ නිවසට ගිය GMOA ත්‍රස්ත නඩයට කාලෝගෙන් ලැබුනේ අපූරු පිළිතුරකි. ඔහු මේ ත්‍රස්ත නඩයට වැඳ වැටෙමින් කීවේ තමා නිසා වර්ජනය කිරීම දුර්ජන වර්ජනයක් බවයි.
“ඔබලා පොඩි මෝඩ කමක් කරනවා කියලා මං හිතනවා, මේ මං වාගේ වල පයයි ගොඩ පයයි තියෙන කෙනෙකුගේ ධූර කාලය තවත් දීර්ඝ කරන්න කියලා වැඩ වර්ජනය කළොත් ඒක අති දුර්ජන වැඩ වර්ජනයක්..! ඉතින් මං බැගෑපත්ව ඉල්ලා සිටිනවා ‘අනේ පුතා ඒකනම් කරන්න එපා‘.. මට යහතින් මැරෙන්න අවකාශය දෙන්න.. එහෙම නැතිව වර්ජන කළොත් ඔබගෙයි මගෙයි සම්බන්ධතාව එදාට ඉවරයි..“ කාලෝ පාදඩදෙණියගේ මූණටම මාධ්‍ය කැමරා ඉදිරියේම පැවසීය.
පසුව මාධ්‍ය සාකච්ඡාවකදී ද කාලෝ කියා සිටියේ තමා නිසා වෛද්‍ය වැඩ වර්ජනයකට යන්නේ නම් ඊට පෙර තමාගේ බෙල්ල කපා යන ලෙසයි.
ඉන්පසුව පාදඩදෙණිය ඇතුළු GMOA ත්‍රස්ත නඩය ගලේ පැහැරූ බළලුන් සේ ආපසු හැරී ගියහ.
GMOA ත්‍රස්ත නඩයට සයිටම් ප්රශ්නය දඩ මීමා කරමින් දැන් සිතූ සිතූ ආකාරයට වෛද්‍ය වැඩ වර්ජන කිරීමට අසීරු වී තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව සයිටම් සිසුන්ගේ උපාධිය පිළිගන්නැයි වෛද්‍ය සභාවට දුන් අභියාචනාධිකරණ නඩු තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති ඇපැල් නඩුවට GMOA ට ද පාර්ශව කරුවෙකු ලෙස ඇතුළු වන්නට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉඩ ප්‍රස්ථාව ලබා දීම නිසාය. නඩුවේ පාර්ශව කරුවෙකු නම් නඩු තීන්දුව ලැබෙන තුරු බලා සිටිය යුතුය. ඒ අතර වාරයේ දී සයිටම් රජයට පවරා ගන්නැයි කියා හෝ වෙනත් සයිටම් සම්බන්ධ කාරණයක් නිසා හෝ වැඩ වර්ජන කිරීමට හැකියාවක් නැත. අනෙක් අතට GMOA ත්‍රස්ත නඩය කැමැති වුනත් අකමැති වුනත් දැන් ශ්‍රේෂ්ඨාධිකරණය දෙන නඩු තීන්දුව පිළිගත යුතුය.
මේ තත්ත්වය යටතේ මැදමූලනේ කාල සටහන ක්‍රියාත්මක කිරීමේ ගැටළුවකට මුහුණ දුන් පාදඩදෙණියලා ඒ සඳහා කෙසේ හෝ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට ඉහත කී අකාරයට මහාචාර්ය කාලෝ ෆොන්සේකා දඩ මීමා කර ගන්නට ගිය නමුත් GMOA ත්‍රස්ත නඩය කෙතරම් මෝඩ තකතීරුවන් පිරිසක්ද යන්න ලෝකයා ඉදිරියේ පෙන්නුම් කරමින් එය නිමා විය. මොවුන් මෝඩ තකතීරුවන් කියන්නේ නිකම්ම නොවේ. යමෙක් අනෙකාගේ ප්‍රශ්නයක් අරභයා සටනක් අරඹන්න යනවා නම් අඩුම ගණනේ අනෙකාට එය දැනුම් දී කැමැත්ත ලබා ගත යුතුය. ජනතාවට ඒ බව කියන්නේ ඉන් පසුවය. GMOA නායකයන් කියා ගන්නා ගොං වහන්සේලා පිරිස මාධ්‍ය හමුවක් තබා කාලෝ වෙනුවෙන් වර්ජන කරනවා යයි පාරම් බා පසුදා කාලෝ හමුවන්නට ගිය විට කාලෝ බැහැයි කීවේය. බැහැයි කීවා පමණක් නොව තමා වෙනුවෙන් වර්ජනය කරනවා නම් තමාගේ බෙල්ල කපා වර්ජනයට යන්නැයිද කීවේය. GMOA ත්‍රස්ත නඩය කෙතරම් උද්දච්ඡ පිරිසක් ද යත් ‘කාලෝ නාකියා‘ නිසා තමන් කියන ඕනෑම දෙයකට කැමැතිවනු ඇතැයි පූර්ව නිගමනයකට පැමිණ මාධ්‍ය කැමරාද රැගෙනම එහි ගියහ. මාධ්‍ය කැමරා ඉදිරියේම ඇඳිවත උණාගත්හ.
අහෝ මෙවන් විපතක් වනේ වන හතුරෙකුටවත් නොවේවා..! මෙවන් ගොබ්බ හරක් රැලක් තමන්ගේ වෘත්තීය නායකත්වයට පත් කරගෙන සිටින සෙසු වෛද්‍යවරුන්ට අදවත් මොළේ පෑදේවා..!!
(නරක සිතින් කරන ක්‍රියාවක නරක ප්‍රථිපලය ගොනුන් පසුපස එන කරත්ත රෝදය මෙන් තමන් පසුපසම එයි - ධම්මපදය)
අදාල වීඩියෝව පහතින්