GMOA end strike after talks with President

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

    තුන්වන දිනටත් වෛද්‍ය වර්ජනය අද දින ක්‍රියාත්මක කර තිබූ අතර මෙම වර්ජනය හේතුවෙන් අද දිනය තුළත් රෝහල් කටයුතුවලට බාධා එල්ල වී තිබුණි.

    අද පස්වරු 04.00ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව රැස්වීමට නියමිතය.

    උද්ඝෝෂණයේ නිරත විශ්විවද්‍යාල සිසුන්ට පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ මෙම වර්ජනය ආරම්භ කළේය.

    ළමා රෝහල පිළිකා රෝහල මාතෘ රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල මෙම වර්ජනය ක්‍රියාත්මක නොවූ අතර බාහිර රෝගී අංශ වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් මෙම වර්ජනය හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව තිබුණි.
     
    Last edited: