මේ ලිපිය ලියන්නේ වකුගඩු ජාවාරමක් ගැන කැළඹිල්ලක් ඇති වී / ඇති කරවා ඇති කාලයක, වකුගඩු බද්ධයක සැබෑ තත්ත්වය කෙසේද යන්න පහදා දීමට. වකුගඩු බද්ධයක් සිදුකරන්නේ වකුගඩු සදාකාලිකවම අක්‍රිය වූ රෝගියෙකුට ලබා දෙන ප්‍රතිකාරය වශයෙන්. මෙහිදී වෙනත් පුද්ගලයකුගේ වකුගඩුවක් රෝගියාට බද්ධ කිරීම තුළින් වඩාත් උසස් ජීවන තත්ත්වයක් ලබා දීම සිදු කරනවා. වකුගඩුව ලබාදෙන පුද්ගලයා "දායකයා" (donor) ලෙසත්, ලබා ගන්නා "ප්රගතිග්රාගහකයා" (recipient) හැටියටත් හඳුනවනවා. වකුගඩු දායකයන් දෙයාකායයි. එක්කෝ ඔවුන් මියගිය දායකයින් (deceased donorO. එසේත් නැතිනම් ජිවත් වන දායකයින් (live donor). ආන්දෝලනය ඇති වී තිබෙන්නේ ජීවත්වන දායකයින් ගැන පමණක් නිසා ලිපියේ සාකච්ඡා කරන්නේ ඒ ගැන පමණයි.
වකුගඩු අක්‍රිය වූ රෝගියකු වකුගඩු බද්ධයක් කිරීමට කැමැත්ත පළ කර සිටින්නේ නම් ඔවුන්ට පැවරෙන් පළමු කාර්යය වන්නේ දායකයකු සොයා ගැනීම. මෙහිදී දායකයා රුධිර ගණය අතින් ගැලපිය යුතුයි. මෙලෙස පැමිණෙන දායකයා එක්කෝ ලේ ඥාතීත්වයක් සහිත අයෙක්, නීතිමය ඥාතීත්වයක් සහිත අයෙක් (උදා. කලත්‍රයා, මස්සිනා) හෝ ඥාතී නොවන අයෙක් වෙන්න පුළුවන්. පළමු කාණ්ඩ දෙක වෙනුවෙන් නම් දායකයෙක් වන්නේ ඇයි යන්න බොහොම පැහැදිලි කාරණයක්. නමුත් තුන්වන කණ්ඩායම පිළිබඳව ප්රකශ්නයක් තිබෙනවා. ඉස්තාල්බුල් ප්‍රකාශය (Istanbul declaration), සහ 1987 සම්මත කළ මනුෂ්‍ය ඉන්ද්රිය සහ පටක පිළිබඳ පනත (48) අනුව, මුදල්, ද්‍රව්‍යමය හෝ වෙනත් දෑ සමග ගැනුදෙනු ලෙස ඉන්ද්‍රියයක් ප්රදානය කිරීමට නොහැකියි. ඒ අනුව දායකයා, ප්රතිග්රාහකයාගෙන් මුදල්, ද්‍රව්‍යමය ආධාර හෝ වෙනත් එවන් දෑ ලබා ගැනීම තහනම් වෙනවා. නමුත් ප්‍රවාහන වියදම්, ඉඳුම් හිටුම් වියදම්, සහ රැකියාවට යෑමට නොහැකි කමෙන් ඇතිවන මූල්‍යමය පාඩු වලට බරපැන ප්‍රතිග්‍රාහකයාට දරන්නට පුළුවන්.
ලංකාවේ හා ඉන්දියාවේ නීති වෙනස් වන්නේ කොහොමද? ඉන්දියාවේ දායකයකු විය හැක්කේ ඥාති අයෙකුට පමණයි. එසේ නැත්නම්, දායකයාගේ ආදායම, ප්‍රතිග්‍රාහකයා මෙන් දෙගුණයක් බව ඔප්පු කළ යුතුයි. ලංකාවේ ඕනෑම කෙනෙකුට, නිසි වයස සපුරා ඇත්නම්, දායකයකු වන්නට පුළුවන්.
මුදල් ගණුදෙණුවක් නොවන බවට සහතික වෙන්නේ කවුද? මෙන්න මේ ප්රශ්නය තමයි මේ ආන්දෝලනයට මුල වෙන්නේත්. 2010ට පෙර මේ බව තීරණය කලේ අදාල වෛද්‍ය කණ්ඩායම් මගින්. එහිදී දායකයාගෙන් සහ ප්රතිග්රාහකයාගෙන් වෙන වෙනම ප්‍රශ්න කරලා බලනවා. යම් සැකයක් ඇති වුණොත් එවන් බද්ධ කිරීම් කළේ නැහැ. නමුත් මෙහිදී අපට දකින්නට ලැබුණු දේ තමයි ඉතාම සංකීර්ණ ගැටළු ඇති වන බව. උදාහරණයක් ලෙස එක්තරා කාන්තාවක් සඳහා පැමිණි දායකයා ඇගේ අනියම් සැමියා! ඇගේ සැමියා ඒ වනවිට සිටියේ සිරගත කොටයි. මේ වගේ අවස්ථාවල තීරණ ගැනීම් වෛද්‍යවරුන්ට දුෂ්කර වූ නිසා අප එම වගකීමෙන් ඉවත් වී, එය වෙනත් සුදුසු පාර්ශවයකට පවරා දියයුතු බව තීරණය වුනා. ඒ අනුව අදාල තීරණය ගැනීම සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පත් කරන "අනුමතකිරීමේ" කමිටුවකට (Authorization committee) පැවරුණා. මෙහි සාමාජිකයන් වෙන්නේ විශ්‍රාමික මහෙස්ත්රාත්වරයෙක්, විශ්‍රාමික හමුදාපතිවරයෙක්, අධිකරණ වෛද්‍ය නිළධාරියෙක්, පුවත්පත් කලාවේදියෙක් සහ පූජ්‍ය පක්ෂයේ අයෙක් යනාදී ලෙසයි. මේ හැර විදේශීය රෝගීන් සඳහා භාෂා පරිවර්තකයකු සහභාගී වෙනවා. ඒ අනුව සිදුකෙරෙන සියළුම බද්ධ කිරීම් (ඥාති හෝ එසේ නොවන) සියල්ලම මෙම කමිටුව හරහා අනුමත විය යුතුයි. ඒ හැර වකුගඩුව ඉවත් කරගැනීම සඳහා සහ එය සිදු කරන ශල්‍ය කර්මයේ අතුරු ආබාධ ගැන දැනුවත් බවට දායකයා විසින් ලියවිල්ලකට අත්සන් කර සිය කැමැත්ත ප්‍ර කාශ කිරීමත් සිදු කරනවා.
දැනට උද්ගත වී ඇති තත්වය කුමක්ද?
දැනට ඇති චෝදනාව නම් වකුඩඩු දායකයා සහ ප්‍රතිග්‍රාහකයා තර මුදල් හුවමාරුවක් සිදු වෙන බව සහ ඒ සඳනා අතරමැදියන් ඉන්නා බවට. මෙය ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. නමුත් රටට ඉමහත් විදේශ විනිමයක් ගෙන එන මේ ව්‍යාපාරය ජාවාරමක් වන්නේ කොතනදීද යන්න සොයා බලා එම තැනට පිළියම් යෙදීම වඩා වැදගත්.
මුලින්ම අපි ගනිමු වෛද්‍ය කණ්ඩායමේ පැත්තෙන්. මෙහිදී වෛද්‍ය කණ්ඩායම බලන්න ඕන වෙන්නේ වකුගඩු බද්ධ කිරීමේ ක්‍රියාවලියට අදාල පුද්ගලයන් දෙදෙනා වෛද්‍යමය වශයෙන් සුදුසුද, දායකයා සහ ප්‍රතිග්‍රාහකයා ශල්‍ය කර්ම වලට කැමැත්ත පළකර තිබේද සහ කමිටුව මගින් අනුමත කර තිබේද යන කාරණා පමණයි. සමහර රෝගීන් ගැන අපට සැක ඇතිවෙනවා. නමුත් අපේ සැකය යන ප්‍රාග්විනිශ්චය (prejudice) මත සිට රෝගියකුට ප්‍රතිකාර ලබා නොදීම නැවත ආචාර්ධර්ම පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරන්නත්. සැකය අස්ථාන වී ඇතැම් විට සත්‍ය ලෙසම මුදල් ගණුදෙනු නොකෙරෙන බද්ධ කිරීමක් නොකර හැරීම් රෝගියාට සිදු කරන ගතියක්. ඒ නිසා අමාත්‍යයංශ කමිටුවෙන් අනුමත වන සියළුම බද්ධ කිරීම් ප්‍රශ්න නො අසාම ශල්‍ය කර්මයට යොමු වෙනවා.
ඊලඟට අනුමත කිරීමේ කමිටුව. මෙහිදී කමිටුවට කළ හැක්කේ ඉදිරිපත් කරන ළේඛණ පිරික්සා බැලීම සහ හරස් ප්‍රශ්න ඇසීම පමණයි. ළේඛණ වල සත්‍යාසත්‍යතාවය බැලීමට කිසිදු ක්‍රමයක් නැහැ. බොහෝ විට මහකොමසාරිස් කාර්යාලයෙන් අනුමත කොට ඇත්නම් එය ප්‍රමාණවත්. උදාහරණයක් ලෙස රාම් අගර්වාල් ට වකුගඩුවක් ලබාදීමට ඔහු සොයුරු (යයි පවසන) රතන් අගර්වාල් ඉදිරිපත් වෙනවා. ඔවුන් ගමන් බලපත්‍ර සහ ඔවුන්ගේ උප්පැන්න පිටපත් රැගෙන එනවා. කමිටුවට කළ හැක්කේ මේ ලේඛණ අනුව ඔවුන් සහෝදරයන් බව තීරණය කිරීම පමණයි. ඔවුන් සැකය මත පදනම්ව ප්‍රතික්ෂේප කිරීම කලහොත් සමහරවිට අධිකරණ ක්‍රියා මාර්ගයක් දක්වා යා හැකි අතරම, රෝගියෙකුට ජීවත් වීමේ අවස්ථාව නැති කිරීමක් විය හැකියි. ප්රතිග්රාහකයායාගේ පැත්තෙන් මෙය ජීවිතය සහ මරණය අතර ප්රශ්නය, දායකයාට මෙරටට පැමිණීමට නිකරුණේ මුදල් වියදම් කරවීමක්.
ප්රශ්නය ඇත්තේ කොතැනකදැයි යන්න දැන් පැහැදිලි විය යුතුය. දායකයන් දිය යුතු පිළිතුරු පාඩම් කරගෙන පැමිණීම නැවැත්වීමට නොහැකි වුවත් කූඨ ලේඛණ මගින් අනුමැතිය ලබා ගැනීම වැලැක්විය හැකි දෙයකි. එක්කෝ අනුමත කිරීමේ කමිටුවට කූඨ ලේඛණ පිරික්සීමේ ශිල්ප ක්‍රමය ලබා දිය යුතුය. නැත්නම් ඉන්දියානු රජය විසින් එම වගකීම භාර ගත යුතුය. ඉන්දියාවට විසඳීමට ඇත වකුගඩු බලෙන් ගලවා ගැනීම වැනි ප්‍රශ්න සමග සසඳන විට වකුගඩු විකිණීම සුළු දෙයක් විය හැකිය. නමුත් අපේ රටට වසරකට රුපියල් බිලියන 1.5 - 2.5 දක්වා පාඩුවකි. විදේශිකයන්ගේ වකුගඩු බද්ධ කිරීම නැවත්වීම මෙයට පිළියමක් නොවේ. මන්ද ඉන් ලැබෙන ආදායම ඉතා විශාල බැවිනි. ඥාති නොවන්නට වකුගඩු දායකයකු වීම තහනම් කිරීම තවත් යෝජනාවක් වුවත්, ඉන් දේශීය රෝගීන්ට විශාල අගතියක් සිදු වේ. අනුමත කිරීමේ කමිටුව වඩාත් බලවත් කිරීම තවත් යෝජනාවකි. නමුත් ඇතැම් ගනුදෙනු ඉතාමත්ම සියුම් ඒවා වේ. උදාහරණයක් ලෙස සිය සොයුරාට වකුගඩුවක් ලබා දෙන්නේ නම් මහගෙදර සිය බිරිඳගේ නමට ලිවිය යුතු බවට පියාට පැවසූ අයෙක් ගැන අසා ඇත. සිය සොයුරාට ත්‍රි-රෝද රථයක් ලබාදෙනෙන නම් වකුගඩුවක් දෙන බවට කී දායකයෝද වෙති. ඒ හැර වකුගඩුව දීමට, ප්‍රතිග්‍රාහකයාගේ බිරිඳ සමග යහන්ගත වීමට යෝජනා කළ දායකයෝද සිටිති! ඒ නිසා ගනුදෙනු සිදු වීම වැලැක්විය හැකිද යන්න ඊලඟ ප්රශ්නය වේ. අදාල ගණුදෙනු සිදුවන්නේ අපේ භූමිය තුල නම් ඒවා වැලැක්වීමේ වගකීම අප සතු වේ. ඒවා සිදුවන්නේ ඉන්දියාවේ නම් - සත්‍ය තත්ත්වයද එයයි - ඒව නැවැත්වීම ඉන්දියාවේ වැඩක් මිස අපේ එකක් නෙවෙයි.
එහෙනම් මේකේ ඇත්ත මොකද්ද? ඇත්ත කතාව වෙන්නේ ශ්‍රී ලංකාව නිසා ඉන්දියානු වෛද්‍යවරුන්ට මුදල් අහිමි වීම සහ රෝහල් වැසී යෑම. මේ ව්‍යාපාරය තමන් අතට ගන්න ඉන්දියාව දන්න හැම දහම් ගැටයක්ම ගහනවා. ඉන්දියාවට අවශ්‍ය, ඔවුන්ගෙ ආයෝජනයක් තුළින් මෙරට රෝහලක් සාදා, ඉන්දියානු වෛද්යඒවරුන් යටතේ මෙම සේවාව ලබාදී, සියලුම මුදල් ඉන්දියාවට අද්දවා ගැනීමට. දැනට බදු ප්රශ්නය නිසා මෙය පහසු නැහැ. නමුත් ETCA ගිවිසුම යටතේ මෙය ලෙහෙසියෙන්ම කළ හැකි වැඩක්. එසේ කරන්නට නම් පළමුවෙන්ම ඉන්දියානු රෝගීන් මෙරටට ඒම තාවකාලිකව නැවැත්විය යුතුයි. මේ කෙරෙන්නේ ඒ ක්‍රියාවලිය. අහක සිටින පාදෙණිය මේකට ගාවා ගැනීමෙන් තහවුරු වෙන්නේත් මේ කැත කුමන්ත්රණයමයි. ETCA ගිවිසුමට විරුද්ධව වැඩියෙන්ම හඬ නගන්නේ වෛද්‍ය පාදෙණිය සහ ඔහුගේ ගෝල බාලයින්. එනිසා පාදෙණිය නිහඬ කිරීමත් මේ කාර්යයෙම කොටසක් වෙන්නට පුළුවන්.
ඒ නිසා ඇරියස් පියවා ගත යුත්තේ කාගෙන්දැයි නැවත සිතා බලන්න.
-Facebook