Goliath Tiger Fish

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Goliath Tiger Fish හෙවත් Goliath African Tiger Fish අප්‍රිකාවේ කොන්ගෝ ගඟේ ජීවත් වන ඉතාම බිහිසුණු මාලුවෙක්. කිඹුලාට බය නැති එකම මාළුවත් මෙයා තමයි. මුලින්ම අපි උගේ ෆොටෝ එකක් බලලා ඉමු. මේ ඉන්නේ Goliath African Tiger Fish කෙනෙක්.

    24vpu81.jpg


    උඩ ෆොටෝ එකේ ඉන්නේ ලොකු එකෙක්. මේ ඉන්නේ පොඩි Goliath African Tiger Fish කෙනෙක්. පොඩි උනත් මුන්ට ඇඟිල්ලක් කඩා ගන්න තරම් ශක්තියක් තියෙනවා. මෙයාලට Tiger Fish කියන්නේ ප්‍රධාන වශයෙන් මෙයාලට තියෙන උල් දත් නිසා.

    33x9cg5.jpg


    Goliath African Tiger Fish ප්‍රධාන වශයෙන් අප්‍රිකාවේ කොන්ගෝ ගඟේ ජීවත් උනාට ඒ අවට සමහර රටවල් වලින් Zambia, Zimbabwe, Mozambique සහ South Africa වල ගංගා වලත් මුන් ඉන්නවා. මෙය තමයි ලෝකේ දරුණුම මිරිදිය මලුවා.

    වැඩුණු Goliath African Tiger Fish එකෙක් සාමාන්යෙන් අඩි 4-5 දක්වා වෙනවා. බර කිලෝ ග්රෑම් 40-50 අතර වෙනවා. මෙයාලගේ ජීවිත කාලය අවුරුදු 10-15 දක්වා තමයි තියෙන්නේ in captivity. කැලේ ගඟ වල්වල ඉන්නකොට නම් Goliath African Tiger Fish ට කොච්චර කල් ජීවත් වෙන්න පුලුවන්ද කියල තාම හරියටම හොයාගෙන නැහැ.

    මුන් බෝවෙන්නේ බිත්තර මගින්. captivity එකක තාම මුන් breed කරලා නැහැ. එක නිසා මිනිස්සු ගාව ඉන්න ඔක්කොම වගේ Goliath African Tiger Fish ලා කැලේ ගංගා වලින් අල්ලගෙන අපු එවුන් තමයි. මුන් බිත්තර දැම්මට පස්සේ ඒවා එච්චර රැකබලාගන්නේ නැහැ ලු. ඒක නිසා ගොඩක් එවුන් පොඩි කලෙම, නැත්තම් බිත්තර වලින් එලියට එන්නත් කලින්ම මැරෙනවා.

    Goliath African Tiger Fish ට අපි ඇති කරන අනිත් මාංශ භක්ෂක මාළු (piranha,snakehead,oscar,arowana,red devil, jack dempsey, aligator gar and etc) එක්ක fight එකක් යන එක කිසිම ගේමක් නැති වැඩක්. පහල වීඩියෝ එක බලන්න. Goliath African Tiger Fish අරවානා එකෙක් ව කන හැටි.



    සමහර රටවල් වල මාළු ඇතිකරන අය ගාව මේ මාළුවා ඉන්නවා. හැබැයි ලංකාවේ නම් තාම මට මේ මාලුවව හොයා ගන්න බැරි උනා. ගොඩක් වෙලාවට ලංකාවේ මුන් තාම නැතුව ඇති. ඇමරිකාවේ මේ මලුව ටිකක් ගණන් aquarium එකකින් ගත්තොත්.

    ඔය පහල ෆොටෝ එකේ ඉන්න Goliath Tiger Fish 3න් දෙනාගේ ගණන් මෙහෙමයි. මුන් ඉතාම දුර්ලභ මාළු විශේෂයක් නිසා සහ ගොඩක් රටවල් වලට මුන් ගෙන්නන්න තහනම් නිසා තමයි මේ මාළු ගොඩක් ගණන්.

    jsn1vs.jpg



    අඟල් 8-9 - $350
    අඟල් 7-8 - $275
    අඟල් 5-6 - $175

    අවසානයට කියන්න තියෙන්නේ මේ මාංශ භක්ෂක මාළුවා ඌට අහුවෙන ඕනෙම සතෙක් මරාගෙන කනවා. මිනිහෙක් ව උනත් මරාගෙන කන එක මුට ගේමක් නෙවෙයි. එක නිසා අප්‍රිකාවේ ගියොත් ගඟ වල් වලට බහිද්දී ප්‍රවේසම් වෙන්න.