GOOD AT LAST...!!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    අද මම ඔයාලට කියන්න යන්නෙ බොහොම වටින කතාවක්..18+ බලනව වගේම මේ වගේ වටින දෙවල් බලන්නත් ඔයාල අමතක කරන්න එපා..මොකද අපි අපේ එලකිරි සයිට් එකට යම් වටිනාකමක් දෙන්න ඕන නිසා...

    මේක සිද්ධ උනේ මිට හුගාක් කාලෙකට ඉස්සෙල්ලා....ස්විට්ස්ර්ලන්තේ..:cool::cool:


    6350m.jpg


    එහේ ගොවිපොළක් තිබුන දුප්පත් ගොවියෙකුට...මෙයාගේ නම ෆ්ලෙමින්....

    දවසක් ෆ්ලෙමින් ගොවිපොළේ වැඩ කර කර ඉන්නකොට ඇහුන පොඩි ළමයෙක් උදව් ඉල්ලලා කෑගහන සද්දයක්..:shocked::shocked: මෙයා දුවගෙන ගියා ඒ පැත්තට...ගිහින් බලනකොට මෙන්න පොඩි දරුවෙක්..ගොවිපොළට ටිකක් ඈතින් තියෙන වගුරක එරිල...ගිලෙන්න යනවා... :(:(:( ඉක්මන් කරපු ෆ්ලෙමින්...බොහොම වෙහෙස වෙලා මේ පොඩි එකාව බේරගත්ත...:):) පොඩි එකත් කව්දෝ මිනිහෙක් එක්ක ඊට පස්සේ යන්න ගියා....


    ඊට පහුවෙනිදා ෆ්ලෙමින්ගේ ගේ ඉස්සරහ එකපාරට බොහෝම ලස්සන අශ්ව කරත්තයක් ඇවිත් නැවැත්තුව...ඒකෙන බැහැල ආවේ බොහෝම වංශවත් විධියේ වැදගත් විදියේ මහත්මයෙක්...:shocked::shocked::shocked:

    ඇවිත් මෙයා ඇහුව....

    ඔබතුමාද ඊයේ පොඩි දරුවෙක්ව බේරගත්තේ මඩේ එරෙන්න ගිහින් ? :confused::confused:

    ඔව් මහත්මයා.... :yes::yes:

    බොහෝම කෘතඥ ලෙස සිනාසුනු වංශවත් මහත්මයා....බොහෝම සතුටුයි ... :):) ඊයේ ඒ ඔබතුමා බේරගත්තේ මගේ පුතා...:shocked::shocked: මම ඔබ තුමාට කොහොමනම් ස්තුති කරන්නද...කලගුණ සලකන්නද ?? කියමින් ලොකු මුදල් ප්‍රමාණයක් ෆ්ලෙමින් වෙත දෙන්නට සැරසුණා...

    බොහෝම ස්තුති මහත්මයා...එත් මට ඔය මුදල් බාරගන්න බෑ....මම ඒ දේ කළේ කිසිම වාසියක්, ලාභයක් බලාගෙන නෙවේ....:cool::cool::)

    එතකොටම වගේ පුංචි කොලුගැටයෙක් ගෙදර ඉස්සරහ දොරෙන් එබිලා බලල ෆ්ලෙමින්ගේ ඇගේ දැවටෙන්න ගත්ත....:rolleyes::rolleyes::rolleyes:

    මේ ඔබතුමාගේ පුතාද ?

    ඔව් මහත්මයා...:yes::yes:

    ඉස්කෝලේ යනවද ?

    අනේ නෑ මහත්තයෝ...:no::no::no: බිම බලාගනිමින් මදක් පැකිලී ෆ්ලෙමින් උත්තර දුන්නා..

    හොඳයි...අපි එහෙනම් මෙහෙම කරමු....මේ පොඩි දරුවත් මගේ දරුවාගේ වයසෙමයි...මම මේ දරුවාව මගේ දරුවා යවන ඉස්කොලෙටම දාන්නම්....මගේ දරුවට වගේම මෙයාගේ ඉගෙනීමටත් සම්පුර්ණයෙන් වියදම් කරන්නම්....මේ දරුවත් ඔබ තුමා වගේ යහපත් මනුස්සයෙක් විදියට ලොකු උනොත් මට කවදාවත් මෙයාට වියදම් කරපු එක ගැන දුක වෙන්න ඕන වෙන්නේ නෑ...:D:D

    ඒ ඉල්ලීමට ෆ්ලෙමින් කැමැත්ත පළ කළේය...:):)

    ඉන්පසු ෆ්ලෙමින් ගේ පුතාද රටේ ඉහලම පාසලකින් අධ්‍යාපනය හදාරා...පසුව ප්‍රංශයේ විශ්ව විද්‍යාලයකට සුදුසුකම් ලබා ..වෛද්‍ය විද්‍යාව හදාරන්නට විය...

    පසු කලෙක පෙර කී වන්ශාධිපතියාගේ දරුවාට නියුමෝනියා රෝගය සෑදී ඔහු මරණාසන්න විය...:(:(:( එවකට නියුමෝනියාව යනු බෙහෙත් නැති මාරාන්තික රෝගයකි....එහෙත් එකල ෆ්ලෙමින්ගේ පුතාද නියුමෝනියාවට ඖෂධයක් සොයමින් පරීක්ෂණ කරමින් සිටියේය...ඔහු මෙම ඖෂධය ඔහුට ලබාදී ඔහුව සුවපත් කිරීමට සමත් විය...:yes::yes::):)

    ඔව්...මේ ඖෂධය තමයි පෙනිසිලින්...එවකට ජිවිත ලක්ෂ ගානක් බේරාගන්නට මේකෙන් පුළුවන් උනා...එසේම මේක සොයාගත්තේ ඒ වෛද්‍ය සිසුවා ෆ්ලෙමින් නම් ගොවියාගේ පුත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්... :):)


    alexanderfleming.jpg


    එතකොට එදා ඔහුට ඉගෙනීම වෙනුවෙන් වියදම් කළ ඒ ව‍ංශාධිපතියා ගේ නම රුඩොල්ෆ් චර්චිල්...හිතුවත් වගේ ..වරක් ෆ්ලෙමින් විසින්ද පසුව ෆ්ලෙමින්ගේ පුතා විසින්ද දෛවෝපගත ලෙස දිවි බේරාදුන් ඔහු පසුකාලීනව බ්‍රිතාන්‍යයේ අගමැති වූ වින්ස්ටන්ට් චර්චිල් මය...
    .:shocked::shocked::shocked:

    churchillm.jpg



    යහපත් සිතින් කරන දේ කවදාවත් වරදින්නේ නැත...එහි යහපත් ප්‍රතිපල ඔබට අනිවාර්යෙන් කෙදිනක හෝ ලැබෙනු ඇත....එය නො අනුමානයි..
    ඒ නිසා කවුරැන් හෝ අසරණ විටක ඔහුට හෝ ඇයට තමාට පුලුවන් අකාරයට උදව් කීරීමට දෙපාරක් හිතන්න එපා...ඒවගේම ඒ කරන උදව්ව ඒ අයගෙන් යමක් බලාපොරොත්තුවෙන් කරන්නත් එපා..අවන්ක හිතින්ම කරන්න..!! මොකද ජීවිතවල්දි අසරන වෙන්නෙ ඔවුන් පමනක් නෙමේ..අපත් යම් දවසක කොයි මොහොතක හෝ අසරණ වෙනවා..එදාට කවුරුවත් අපි දිහා නොබලා අහක බලාගෙන හිටියොත් අපේ හිත්වලට දැනෙන දුකම තමා ඒ අයගෙ හිත්වලත් දැනෙන්නෙ..ඒ නිසා කවුරැන් හෝ අසරන වුන වෙලාවට අහක බලාගෙන යන්න හිතන්නවත් එපා..සමහර අවස්තාවල උදව් කරන්න ගිහින් අපිටම කෙලවෙන අවස්තා තිබුනත් කවදාහරි දවසක අපි අවන්ක හිතින් කරපු දේ ප්‍රතිපල අපට තියේවි..ඒ ප්‍රතිපලය අපේ ජීවිතෙ අවසාන මොහොතෙ හෝ අපිට ලැබෙන්න පුලුවන් යාලුවනේ...!!!



    මේ තුලින් අපේ එලකිරි යාලුවෝ යම් දෙයක් හෝ ඉගෙනගත්තානම් ඒක මම ලබන ලොකුම සතුටක් වේවි...!!!


    ආයේ දවසක හම්බ වෙමු...!!!


    FROM RAJ
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    නියම thread එක සහෝදරයා....කියල වැඩක් නැ......

    මේ වගේ හොද දේවල් දානවට බොහොම ස්තුති ..................
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    මම EK එකට ආපහු set එනාට පස්සෙ දැක්ක වැදගත්ම thread එකක්.

    rep+