--::-- Good Year ටයර් කාරයගේ කතාව --::--

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    --::-- Good Year ටයර් කාරයගේ කතාව --::--

    චාල්ස් ගුඩ්ඉයර්ගේ කතාව

    good-year-tyres.gif

    සමහරවිට මේ නම අහල නැති වුනත් පාරෙ තොටේදි මෙන්න මේ GOODYEAR ලාංඡනේ නම් කවුරුත් දැකල ඇති.

    නමුත් චාර්ල්ස් ගුඩ්ඉයර් කියන්නෙ මේ ගුඩ්ඉයර් ටයර් සමාගමට එතරම් සම්බන්ධයක් තියන කෙනෙක් නෙමෙයි.
    මේ කතාව පටන් ගන්නෙ අවුරුදු 270 ගානකට කලින් සිද්දවුනු සිද්දියකින්…
    ප්‍රංශ ආකාශ වස්තු විද්‍යාඥ කණ්ඩායමක් දකුනු ඇමරිකාවෙ පේරු රටට යනවා 1735දි.
    එහෙදි පාට රහිත දියර වර්ගයක් නිකුත් කරන ගහක් ගැන ප්‍රංශ විද්‍යාඥ කණ්ඩායමට දැනගන්න ලැබෙනවා.
    පේරු රටේ මිනිස්සු මේ දියර(ලාටු) වර්ගයෙන් පාවහන් වගේ භාන්ඩ හදාගෙන පාවිච්චි කරනවා ඔවුන් දකිනවා.
    මේ කියන්නේ රබර් ගහ ගැනයි!
    ඉතිං ප්‍රංශ ජාතිකයො යුරෝපයට හඳුන්වා දීපු රබර් වලින් භාන්ඩ හදන පලවෙනි කම්හල 1811 ඔස්ට්‍රියාවෙ වියානා නුවරදි ආරම්භ වෙනවා.
    1820,1830 වෙද්දි ප්‍රංශය ඇතුලු යුරෝපයේ රටවල් බොහොමයක් රබර් නිශ්පාදනයට යොමු වෙනවා.ඔවුන් රබර් වලින් විශාල ආදායමක් උපයගන්නවා.
    “රොක්ස්බරි ඉන්ඩියා රබර් කම්පැනි” කියන්නෙ ඒ වගේ රබර් නිශ්පාදන නිශ්පාදනය කරපු සමාගමක්.
    නමුත් රබර් භාන්ඩ නිශ්පාදන කර්මාන්තය දියුනුවට පත් වුනේ රබර් භාන්ඩ ඉර එලියට අහුවුනාම ගඳ ගහන අප්‍රසන්න ද්‍රව්‍යක් බවට පත්වෙන හැටි මිනිස්සුන්ට තේරුම් යනකන් විතරයි.

    අපේ කතා නායකයා චාර්ල්ස් ගුඩ්ඉයර් ගෙ කතාව පටන් ගන්නෙ මෙතැනින්.
    1836දි රොක්ස්බරි සමාගමට එන ගුඩ්ඉයර් ඒ සමාගමෙන් නිපදවන රබර් ටියුබ් වලට සවිකරන වෑල්වය අංග සම්පූර්න කරන්න බාරගන්නවා.
    ඒ අතරතුර රබර් වලට සිදුවී ඇති දෙය දැනගන්න ගුඩ්ඉයර් ඒකටත් විසඳුමක් හොයන්න ඉදිරිපත් වෙනවා.
    ගුඩ් ඉයර් කියන්නෙ රසායන විද්‍යාඥයෙකුවත් කාර්මික ශිල්පියෙකුවත් නෙමෙයි.නමුත් ඒ ගැන දෙවරක් නොහිතා අභියෝගය ඔහු බාරගන්නවා.
    මුලදි ඔහු සිහින් රබර් සිවියට දියලුනු,මිරිස්,සීනි,වැලි,එඬරු තෙල්,සුප් ආදියත් මිශ්‍ර කරනවා.
    “ලෝකයේ තිබෙන සියලුම ද්‍රව්‍ය වලින් පර්යේෂන පැවැත්වුවහොත්,කෙසේ හෝ යමක් සොයා ගත හැකියි” එහෙම විහිළුවට කියමින් ඔහු පර්යේෂන පවත්වනවා…
    ණයට ගත් මුදලින් ‘රබර් භාන්ඩ පිරික්සන කම්හලක්’ පටන් ගන්න ගුඩ් ඉයර් හමුවෙන හැම ද්‍රව්‍යක් එක්කම රබර් මිශ්‍ර කර බලනවා.
    ඔහුට පලවෙනි පාරට වාසනාවක් පෑදෙන්නෙ මැග්නීසියම් වලින්.නම්‍යතාවයෙන් යුත් ශක්තිමත් රබර් මිශ්‍රනයක් ලබාගන්න රබර් රාත්තලකට මැග්නීසියම් රාත්තලක් යෙදීමෙන් පුලුවන් බව ඔහු සොයාගන්නවා.
    නමුත් ඒ සොයාගැනීමත් මාසයක් ඇතුලත අසාර්ථක වෙනවා.රබර් කම්හලත් ගෙයත් විකුනා දමන ගුඩ් ඉයර් තමන්ගෙ පරීක්ශන දිගටම කරගෙන යන්න තීරනය කරනවා.

    charles-goodyear.jpg


    නැවතත් දෛවය ඔහුට සරදම් කරන්නෙ මීලඟට ඔහු සොයාගත් විසඳුම වෙන මැග්නීසියම්,නොපිලිස්සු හිරිගල් දියර සමග මිශ්‍ර කලාම ලැබෙන ප්‍රතිපලයත් දුබල අම්ල මගින් පවා විනාශ වෙන බව සොයාගැනිමෙන්.
    ගුඩ් ඉයර්ගේ ආයෝජකයින් ආර්ථික අවපාතය හමුවේ ඔහුට පිටුපෑමත් සමග ඔහු බංකොලොත් වෙනවා.

    ඔහුගෙ චරිත කතාවෙ මෙන්න මෙහෙම සටහන් වෙලා තියෙනවා
    “ගුඩ් ඉයර් හමුවන්නේ කොහොමදැයි කෙනෙක් ප්‍රශ්න කලහ.ඔහුට මෙසේ පිලිතුරු දෙන ලදී.රබර් උඩු කබායක් හැඳ,රබර් සපත්තු සහ රබර් තොප්පියක් පැලඳ සාක්කුවේ රබර් මුදල් පසුම්බියක් සහ එම පසුම්බියේ තඹ සතයකුදු නැති මිනිහෙකු ඔබට හමුවේද?සැක නොකරනු ඔහු තමයි ගුඩ් ඉයර්”

    අඟහිඟකම් වලින් මිරිකෙමින් ඔහුව පිස්සෙකු යැයි කියන් ප්‍රචාර වලට යට නොවෙමින් ඔහු දිගටම පරීක්ශන කරගෙන යනවා.
    රබර් තාපනය කල යුතුයි යන අදහස ඔහුට ඇතිවෙන්නෙ රබර් කිරි කෑල්ලක් ලිප උඩ රත් වෙමින් තියන හැටි දුටුව වෙලාවකයි.
    රබර් තාපනය කරමින් පරීක්ශනය කරන අතරතුර ඔහු සල්ෆර් සමග රබර් මිශ්‍ර කරමින් පරීක්ශන පවත්වනවා.

    අවසානයේ ඔහු ජයග්‍රාහී ලෙස රබර් වල්කනයිස් කිරීමේ ක්‍රමය සොයාගන්නවා!

    “මගේ සොයාගැනීම විශ්‍යාත්මක රසායනික පරීක්ශන වල ප්‍රතිඵලයක් නොවන බව මා පිලිගනිමි.එහෙත් ඒ අතර එය හුදු අහම්බෙන් සිදුවූවක් ලෙස පිළිගත නොහැකි‍යී.මගේ සොයාගැනීම ස්ථිරත්වයේ සහ නිරීකශනයේ ප්‍රතිඵලයක් ලෙස මම සහතික කරමි”
    කියලයි ගුඩ් ඉයර් පසු කාලෙකදි තමන්ගෙ සොයාගැනීම ගැන ප්‍රකාශ කරල තියෙන්නෙ.

    එක් අදහසක් වෙනුවෙන් ඔහු තම ජීවිතය කැප කලා.ඔහුගේ මුළු ජීවිතයම මුරණ්ඩු,දීප්තිමත් අරගලයක්.ඔහුගෙ සොයාගැනීම නිසා අද කෝටි ගනනක් වාහන පහසුවෙන් ධාවනය වෙනවා.ඒ හැම ටයරයක්ම ගුඩ් ඉයර් ගේ ක්‍රමයට වල්කනයිස් කරපුවා.
    ඔබ දැන් ඉඳගෙන ඉන්න තැනම වටයක් කැරකිලා බලන්න රබර් වලින් නිපදවුනු හැම දෙයකම ගුඩ්ඉයර් ගේ දහඩිය මහන්සිය මිශ්‍රවෙලා තියෙනවා….
    පොලොව මතුපිට,පොලොව යට,ජලය උඩ,ජලය යට, උඩු ගුවනේ අභ්‍යවකාශයේ මේ හැමතැනම ගුඩ්ඉයර් වැඩ සිටිනවා!

    ගුඩ් ඉයර් ඔහුගෙ ගමනෙදි මුහුනපාන්න වුනු බාධක හමුවේ හෙම්බත් වී අතරමගදි ඒ ගමන අත්හැර නොදැම්මේ ඔහු සතු පුදුමාකාර දක්ෂතාවය නිසා පමනක්ම නෙවෙයි,සෑහෙන්න තරමින් වාසනාව ඔහු දෙස බැලූ නිසයි.

    වැඩියෙන් වැඩ කරන පුද්ගලයාට,වඩාත් දැඩි ලෙස සටන් කරන්නාට,තමා ගැන අමතක වීමට තරම් අධික උනන්දුවකින් වැඩ කරන්නාට,මුරණ්ඩු ලෙස විශ්වාස තබන්නාට,බාධක හමුවේ පසු නොබසින්නාට වාසනාව,හරියාම,සහ සිද්ධිය,යහපත් ප්‍රතිඵල වාචාලයන්ට,අලසයන්ට,නිකම් බලා සිටින්නන්ට වඩා වැඩියෙන් ලැබෙනවා.චාර්ල්ස් ගුඩ් ඉයර් ගේ ජීවිතය අපිට උගන්වන්නේ ඒ පාඩමයි!

    412px-Charles_Goodyear_portrait.jpg



    remamber_to_say_thanks.gif
    remamber_to_say_thanks.gif
    remamber_to_say_thanks.gif


    source: TheLastRow.com
     

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    වැඩියෙන් වැඩ කරන පුද්ගලයාට,වඩාත් දැඩි ලෙස සටන් කරන්නාට,තමා ගැන අමතක වීමට තරම් අධික උනන්දුවකින් වැඩ කරන්නාට,මුරණ්ඩු ලෙස විශ්වාස තබන්නාට,බාධක හමුවේ පසු නොබසින්නාට වාසනාව,හරියාම,සහ සිද්ධිය,යහපත් ප්‍රතිඵල වාචාලයන්ට,අලසයන්ට,නිකම් බලා සිටින්නන්ට වඩා වැඩියෙන් ලැබෙනවා.චාර්ල්ස් ගුඩ් ඉයර් ගේ ජීවිතය අපිට උගන්වන්නේ ඒ පාඩමයි!


    උදේම කියවපු ත්‍රෙඩ් එක. පට්ට...
    TFS
    :love::love:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පරණ එකක්...පට්ට
    කොටු 11 පුරවා ගන්න විතරනේ උඔලා නූල් දාන්නේ :(
    දැන් දාන්නෙ නෑ...