GOODBYE COMRADE !

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
15192708_730612810428661_1315786103490339431_n.jpg


ෆිදෙල් මැරුණා. අපිත් ඇතුළුව ගොඩක් අය ගොඩක් දේවල් ලිව්වා. සමහරු හොඳ. සමහරු නොහොඳ. වම ගැන - සමාජවාදය ගැන කතාබහ අලුත් වුනා. ඒ නිසා මුළු සංවාදයම වැදගත්. අපි මේ පංති සමාජයේ විකුණන විකිණෙන පුංචි මිනිස්සු. ඒත් අපි හීන දකින එක අත්හරින්නෙ නැහැ. හීන අත්නොහැර ඉන්න ෆිදෙල් ලෝකයට ඉගැන්නුවා. ඔහු දෙවියන්වත් අප අනුගාමිකයන්වත් නෙවේ වුණත් - අප ජීවත්වන යුගයේ ඒ `අල්ලා සිටීම` ම වැඩක්. අපට අමාරු දේත් අප පොරබදන දේත් ඒකයි. අන්න ඒ නිසා අපේ ආදරය ඔහු වෙත හිස නමා පිරිනමන්න අපි ලැජ්ජ වෙන්නෙ නැහැ. බය වෙන්නෙත් නැහැ. පීඩිතයන්ගේ අනාගත සටන් කියුබාවෙ විදිහට ම - ෆිදෙල්ගෙ ක්‍රමේට ම වෙන්න ඕනෙයි කියල එකක් නැහැ. ගන්න ඕන ටික අරන් හදාගන්න ඕන ටික හදාගන්න පුළුවන්නම් එච්චරයි. ෆිදෙල් ගැන කණගාටුව පළකලාම ෆිදෙල් එක්ක සියෙරා මයේස්ත්‍රාවේ ගරිල්ලා සටන් කළාද ඕගොල්ලො කියල අහන යාළුවන්ට අපේ උත්තරය පොඩි සිනාවක් විතරයි. මුළු කතාව ම කෙටියෙන් කියනවනම්; සමාජ සාධාරණත්වය අපට ඕනේ. ඒ වෙනුවෙන් පෙනී ඉන්න මොන ලයිෂන්ද සහෝදරවරුනි ? එහෙමනම් ඉතින් අවසාන වශයෙනුත්, GOODBYE COMRADE !