GOOGLE නිපද වූ රියදුරන් නොමැති මෝටර් රථය

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    GOOGLE නිපද වූ රියදුරන් නොමැති මෝටර් රථය

    GOOGLE නිපද වූ රියදුරන් නොමැති මෝටර් රථය

    ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා හිදී රියදුරන් නොමැතිව ධාවනය කෙරෙන මෝටර් රථයක් සඳහා පසුගියදා අනුමැතිය හිමි වුනා.
    මෙලෙස පළමුවරට ස්වයං ධාවක වාහන බලපත්‍රයක් (self-driven vehicle licence) හිමිව ඇත්තේ ලෝක ප්‍රකට ගූගල් (Google) සමාගම විසින් නවීකරණය කරන ලද ටොයෝටා ප්‍රියුස් (Toyota Prius) මෝටර් රථයකටයි .
    මෙම මෝටර් රථයේ වහලයේ සවිකර ඇති වීඩියෝ කැමරා, රේඩාර් සංවේදක සහ ලේසර් කලාප හඳුනාගන්නා උපකරණයන්ගේ
    ආධාරයෙන් වාහන තදබදයන් පිළිබඳ තොරතුරු ‘දැකබලාගැනීමට’ ද හැකිවෙනවා.

    Googlecar2-460x364.jpg


    මේ සම්බන්ධයෙන් අදහස් පළකරන ගූගල් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවෙකු වන සෙබස්තියන් ත්රුන් පවසන්නේ මෙම රථය
    කැලිෆෝර්නියාවේදී ද අත්හදා බැලූ බවයි. පරික්ෂණ ධාවනයන්හිදී හදිසියේ රථය මෘදුකාංග පාලනයෙන් මිදුනහොත් එය පාලනය කිරීම සඳහා පුහුණු රියදුරන්ද යොදවා තිබුණද කිසිදු අනතුරකින් තොරව සැතපුම් 1,40,000ක් ධාවනය කිරීමට එය සමත් වූ බවද ඔහු වැඩිදුරටත් පවසා සිටීයා.
    නෙවාඩාහි රථවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ බෲස් බ්‍රෙස්ලොව් පවසන්නේ අනාගත මෝටර් රථ රියදුරන් නොමැති මෝටර් රථ බවට පත්වනු ඇති බවයි. පසුගිය මාර්තුවේදී නෙවාඩා බලධාරීන් විසින් එරට රථවාහන නීති වෙනස් කරමින් රියදුරන් රහිත මෝටර් රථ සඳහා අවසර ලබාදී තිබුනා.

    Googlecar3-460x364.jpg


    එමෙන්ම කැලිෆෝර්නියා ප්‍රාන්තය ඇතුළු ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක්ම රියදුරන් රහිත මෝටර් රථ සඳහා අනුමැතිය ලබාදීමට සැළසුම් කරමින් සිටින බවද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් කැලිෆෝර්නියානු සෙනට් සභි‍කයෙකු පවසා ඇත්තේ බොහෝ රිය අනතුරු සිදු වී ඇත්තේ රියදුරන්ගේ වැරදි ‍හේතුවෙන් බවයි.
    කෙසේවුවද මෙම පුවතත් සමඟින් තවත් බොහෝ රථවාහන නිෂ්පාදකයන් සිය ‘රියදුරන් රහිත’ ‍වාහන නිර්මාණ ලියාපදිංචි කරවීම සඳහා උත්සුක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

    Googlecar4-460x268.jpg


    මේ එම රථය ක්‍රියා කරන අකාරය


    Gossipfirst
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    pixu hadenawane bnz...Knight Rider a kale baladdi hithuwe okkoma boru kiyala dan podda podda okkoma atta wenawane bnz..