Google සමාගමේ නොමිලේ ඉන්ටර්නෙට් ශ්‍රී ලංකාවට

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    චගු;18729995 said:
    මම නම් එහෙම හිතන්නෙ නෑ මචන්.. රජයෙන් අවසර නැතිව මොනරටේ ද ගූගල් ට බැලුන් යවන්න දෙන්නෙ..
    මුළු රටක් ම ආවරනය කරන පලමු රට අපි.. මේ පත්තරවලට ලියන උන් ට ඒ වචන ටික ගලපගන්න බැරි නිසාද..
    නැති නම් අපේ ලෝකල්ස් ලට පොඩි ලල් එකක් දෙන්න හිතිලද මෙහෙම ගොන්පාට් දාන්නෙ..
    ගූගල් උන් දැක්කොත් අපේ IT , Telecom කොල්ලන්ට රස්සාවලුත් නැතිවෙනවා International job market එකේ.. පට්ට බොරු හිලවල් කියල හිතාවි අපි

    මුලු රටක්ම ආවරනය වන පරිදි මේක කරන්නෙ ලංකාවේ ... ඒ කියන්නේ වාණිජ මට්ටමෙන් එහෙම උනාම පලමු රට අපි තමයි
    මෙච්චර කල් මේක පරීක්ෂන මට්ටමේ කරේ
    අනික මේක නොමිලේ නෙවෙයි . නොමිලේ දෙනවා කියලා කොහේවත් කියලා නෑ..

    නොමිලේ ලබා දීම ප්‍රාෙයෝගික නෑ මට හිතෙන විදියට ඉතාම සුලු මුදලක් ගනී 1GB එකකට ඉතාම සුලු මුදලක් :)

    කොහොම උනත් මේක ඉතාම වැදගත් සහ විශාල දෙයක් ලංකාවෙ අපිට සතුටුවිය හැකි

    අපිට දිගින් දිගටම වැඩිම sex සෙවීමේ වාර්තාව තියාගන්න පුලුවන් නේ :lol::lol::lol:

    වැඩි විස්තර මෙන්න

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ගූගල් හි Project Loon නම් බැලුන් ආධාරයෙන් ලෝකයටම අන්තර්ජාලය සැපයීමේ වැඩසටහන සමග ශ්‍රී ලංකාව අද (28) අවබෝධතා ගිවිසුමකට එළඹුණා. ඒ අනුව LTE තාක්ෂණය සහිත අධිවේගී අන්තර්ජාල සබඳතාවකින් දිවයිනම ආවරණය කිරීමට ගූගල් කටයුතු කරනු ඇති.

    මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව වෙත යෝජනා කර තිබෙන්නේ ෆේස්බුක් සමාගමේ ආරම්භකයෙකු ලෙස සැලකෙන චමත් පළිහවඩන නම් ශ්‍රී ලාංකික තරුණයායි.

    ගූගල් මෙම ව්‍යාපෘතියට අවසන් කළ පසු සම්පූර්ණ රටකට අන්තර්ජාල පහසුකම් සැපයූ ලොව පළමු රට ශ්‍රී ලංකාව බවට පත්වනවා.

    Project Loon ක්‍රියාත්මක වන අයුරු බලමු

    තාක්ෂණය

    විශේෂයෙන් නිමවන ලද බැලුනයක් ගුවන් යානා ගමන් කරන සීමාවට ඉහළින් වායු ගෝලයේ රඳවනු ලබනවා. ඒ පොළොවේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 20ක පමණ උසින්.

    සුළගේ ස්ථර සමග බැලුනය ස්ථානගත කරන අතර එය නිවැරදි දිශාවට යොමු කරන්නේ විශේෂ මෘදුකාංගයකින්.

    අන්තර් ජාල සබදතාවය

    වායුගෝලයේ ස්ථානගත කළ බැලුනය අදාළ ප්‍රදේශයේ ඇති අන්තර්ජාලය සපයන ආයතන සමග සම්බන්ධවනවා.
    එම ආයතනවල උපකරණ මගින් ලබාගන්නා LTE සංඥා (wireless communications technology) යළි පොළවේ ග්‍රාහකයින්ට ලබා දෙන්නේ මෙම බැලුන හරහායි.

    ගූගල් සමාගමට අනුව කිලෝ මීටර් 40 ක විශ්කම්භයක් සහිත ප්‍රදේශයකට එක් ස්ථානයකින් ලබා ගන්නා සංඥා බැලුනයකට බෙදා හැරිය හැකියි.

    සාර්ථකත්වය

    මෙම ව්‍යාපෘතිය ගූගල් සමාගම 2013 ජූනි මස නවසීලන්තයේදී ආරම්භ කළා.

    එහි සාර්ථකත්වය මත ලොව ස්ථාන කිහිපයක මේ නියමු ව්‍යාපෘතින් ක්‍රියාත්මක වූ අතර ඇතැම් බැලුන කඩා වැටුණු අවස්ථාද වාර්තා වුණා.

    මෙම වැඩසටහනේදී බැලුන නිපදවන ආකාරය හා එය අහසට මුදා හරින ආකාරය පිළිබදව දැක්වෙන වීඩියෝවක් පහතින් බලන්න.

    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    හොඳ වැඩක්. ගම්වල 3G පහසුකම් නැති පළාත්වලට 3G ලැබෙයි.
    හැබැයි මිලේ වැඩි වෙනසක් වෙන්නෙ නැහැ
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    රට අල්ලන්න හදන්නෙ google එකෙන්. දිනූ දේශය බේරාගමු. මහින්ද සමඟ නැගිටිමු :lol:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,384
    5,535
    113
    Panadura
    Google free Internet කථාව මහජනයා නොමග යැවීමක්...
    ගූගල් සමාගමේ අලුත්ම ව්‍යාපෘතිය නොමිලේ ඉන්ටෙර්නෙට් දීම සඳහා නොවේ...
    තර්කය: ලංකාව නොමිලේ ඉන්ටෙර්නෙට් දෙන ප්‍රථම රට ලෙස ගුගල් සමගම තෝරාගෙන ඇති බව කියයි.
    එසේ නම් මෙම ගූගල් ව්‍යාපෘතිය එම සමාගමේ අලුත්ම ව්‍යාපෘතියක් විය යුතුය. ගූගල් අමාගමේ අලුත්ම ව්‍යාපෘතිය ගූගල් ලූන් ව්‍යාපෘතියයි (Google Loon). මෙම ව්‍යාපෘතිය දුෂ්කර ප්‍රදේශ වලට 3G පහසුකම ලබාදීම සඳහා ඇති ව්‍යාපෘතියකි. එනම් කාන්තාර වලට අයිස් කඳු ඇති ප්‍රදේශ වලට හා ජන ශුන්‍ය විශාල ප්‍රදේශ වලටය.
    මෙතනින් කියවන්න: http://www.wired.com/2014/06/google-balloons-year-later/
    ලංකාවට 4G පවා ඇති යුගයක ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ඉන්ටෙර්නෙට් පහසුකම ලබාගතහැකි යුගයක හා ඉතාම ජනශුන්‍ය ඈත පිටිසර ප්‍රදේශ නැති කුඩා රටක් වන ශ්‍රී ලංකාවට මෙම ව්‍යාපෘතියේ වටිනා කමක් නැත. ඇමෙරිකාවට දත්ත සැපයීම සඳහා කරන කුමන්ත්‍රණයකට නම් මෙහි වටිනාකමක් තිබේ.
    නොමිලේ ඉන්ටෙර්නෙට් සැපයීමත් ලූන් ව්‍යාපෘතියත් අතර කිසිඳු සම්බන්දයක් නොමැත. ලූන් ව්‍යාපෘතියට අනුව ඉන්ටෙර්නෙට් බැලුම ටෙලෙකොම් හෝ පෞද්ගලික සේවා සපයන්නෙකුට සම්බන්ද විය යුතුය. ඉන් සිදු වන්නේ සම්ප්‍රේෂණ කුළුණු වලට යන අධික වියදම කපාහැරීමක් පමණි.
    ඉන්ටෙර්නෙට් නොමිලේ දෙනවානම් දැන් තිබෙන පහසුකම් වලින් දීමට හැකියාව තිබේ.
    මෙතැනින් කියවන්න: http://www.popsci.com/how-it-works-project-loon-global-inte
    මහින්ද රාජපක්ෂ යුගය තුල ලන්කාවෙ 5ස් දෙනෙකුගෙන් එක් අයෙකුට මේවනවිටත් පහසුකම් ලබා ඩි ඇත. එනම් මිලියන 4 ක් අන්තර්ජාල පහසුකම් ලබා දි භාවිතයේ යොදවයි. මෙයින් පෙනෙන්නේ ලංකාවේ ජනගහනයෙන් 5න් එකක් මද්‍යම පාන්තික ජන කොටසක් බවට පත් කර ඇති බවයි.
    නොමිලේ ඉන්ටනෙට් දීමට ගුගල් සමගම සමග ගිවිසුම යනු මෙය මහජනතාව නොමග යවන තවත් පට්ටපල් කෙබරයකි.
    ගූගල් වෙත ගොස් free internet for Sri Lanka යනුවෙන් සොයන්න. ලංකාවේ වෙබ් පිටු ඇරෙන්න කිසිඳු ඇමෙරිකානු පිටුවක මේ පිලිබඳ වචනයක් හෝ සඳහන් නොවේ. ගූග්ලේ සමාගම සිල්ලර කඩයක් නොවේ. ඔවුන් මෙවැනි ව්‍යාපෘතියක් සැලසුම් කරන විට මේ ගැන විශාල ප්‍රසිද්ධියක් ලබා දීම සාමාන්‍යා දෙයකි.

    :no::no::no::no::no:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Google free Internet කථාව මහජනයා නොමග යැවීමක්...
    ගූගල් සමාගමේ අලුත්ම ව්‍යාපෘතිය නොමිලේ ඉන්ටෙර්නෙට් දීම සඳහා නොවේ...
    තර්කය: ලංකාව නොමිලේ ඉන්ටෙර්නෙට් දෙන ප්‍රථම රට ලෙස ගුගල් සමගම තෝරාගෙන ඇති බව කියයි.
    එසේ නම් මෙම ගූගල් ව්‍යාපෘතිය එම සමාගමේ අලුත්ම ව්‍යාපෘතියක් විය යුතුය. ගූගල් අමාගමේ අලුත්ම ව්‍යාපෘතිය ගූගල් ලූන් ව්‍යාපෘතියයි (Google Loon). මෙම ව්‍යාපෘතිය දුෂ්කර ප්‍රදේශ වලට 3G පහසුකම ලබාදීම සඳහා ඇති ව්‍යාපෘතියකි. එනම් කාන්තාර වලට අයිස් කඳු ඇති ප්‍රදේශ වලට හා ජන ශුන්‍ය විශාල ප්‍රදේශ වලටය.
    මෙතනින් කියවන්න: http://www.wired.com/2014/06/google-balloons-year-later/
    ලංකාවට 4G පවා ඇති යුගයක ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ඉන්ටෙර්නෙට් පහසුකම ලබාගතහැකි යුගයක හා ඉතාම ජනශුන්‍ය ඈත පිටිසර ප්‍රදේශ නැති කුඩා රටක් වන ශ්‍රී ලංකාවට මෙම ව්‍යාපෘතියේ වටිනා කමක් නැත. ඇමෙරිකාවට දත්ත සැපයීම සඳහා කරන කුමන්ත්‍රණයකට නම් මෙහි වටිනාකමක් තිබේ.:lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P
    නොමිලේ ඉන්ටෙර්නෙට් සැපයීමත් ලූන් ව්‍යාපෘතියත් අතර කිසිඳු සම්බන්දයක් නොමැත. ලූන් ව්‍යාපෘතියට අනුව ඉන්ටෙර්නෙට් බැලුම ටෙලෙකොම් හෝ පෞද්ගලික සේවා සපයන්නෙකුට සම්බන්ද විය යුතුය. ඉන් සිදු වන්නේ සම්ප්‍රේෂණ කුළුණු වලට යන අධික වියදම කපාහැරීමක් පමණි.
    ඉන්ටෙර්නෙට් නොමිලේ දෙනවානම් දැන් තිබෙන පහසුකම් වලින් දීමට හැකියාව තිබේ.
    මෙතැනින් කියවන්න: http://www.popsci.com/how-it-works-project-loon-global-inte
    මහින්ද රාජපක්ෂ යුගය තුල ලන්කාවෙ 5ස් දෙනෙකුගෙන් එක් අයෙකුට මේවනවිටත් පහසුකම් ලබා ඩි ඇත. එනම් මිලියන 4 ක් අන්තර්ජාල පහසුකම් ලබා දි භාවිතයේ යොදවයි. මෙයින් පෙනෙන්නේ ලංකාවේ ජනගහනයෙන් 5න් එකක් මද්‍යම පාන්තික ජන කොටසක් බවට පත් කර ඇති බවයි.
    නොමිලේ ඉන්ටනෙට් දීමට ගුගල් සමගම සමග ගිවිසුම යනු මෙය මහජනතාව නොමග යවන තවත් පට්ටපල් කෙබරයකි.
    ගූගල් වෙත ගොස් free internet for Sri Lanka යනුවෙන් සොයන්න. ලංකාවේ වෙබ් පිටු ඇරෙන්න කිසිඳු ඇමෙරිකානු පිටුවක මේ පිලිබඳ වචනයක් හෝ සඳහන් නොවේ. ගූග්ලේ සමාගම සිල්ලර කඩයක් නොවේ. ඔවුන් මෙවැනි ව්‍යාපෘතියක් සැලසුම් කරන විට මේ ගැන විශාල ප්‍රසිද්ධියක් ලබා දීම සාමාන්‍යා දෙයකි.

    :no::no::no::no::no:
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::P:P:P