google එක ගැන සිංහලෙන් තොරතුරු ඕනි.....
අනේ.... පුළුවන් ඉක්මනට හොයල දෙන්නකෝ....

පින් සිද්ද වෙනවා.......

අනේ.... පුළුවන් ඉක්මනට හොයල දෙන්නකෝ....


පින් සිද්ද වෙනවා.......





මේ ටික මදිද මල්ලි?![]()



මක් කරන්නද එච්චර?ටිකයිනේ තියෙන්නේ........
තව ගොඩාරියක් ඕනි......![]()


මක් කරන්නද එච්චර?
ප්‍රොජෙක්ට් එකක් හදන්නද?![]()
අර කරුණු ටික ඇති බංඅපේ අයය කාරය ජොබක් සෙට් කොලා....
එකට මම සදුදට යන්න ඕනි.....
ගූගල් එක ගැන කියලා දෙන්න තරම් මට එකට කරුණු ඕනි....
සිංහල හොදටම තේරෙන නිසයි සිංහලෙන්ම ඉල්ලුවේ...
මට කාලේ මදියි........

b u m p
BUMP
bump
මහන්සියට ස්තූතියිබම්ප් මචෝ හැමතැනම හෙව්වා![]()


අර කරුණු ටික ඇති බං
උඔ ඒ ටික ප්‍රසාරණය කරලා දියන්![]()
thanks god it wasn't deleted yet. I really hate Google's stupid Copyright policy cause you know they always mess up with videos so the result would be horrible. either the video is removed or another crap.
ගුගුල් එක යනු වර්තමානයේදි අන්තරාජාලයේ දැවන්ත සමාගමක් වනතර එහි මූලස්ථානය ඇමරිකාවේ කැලිෆෝනියාවේ මයුන් විව් හි පිහිටා තිබේ. මෙය දැනට බහුජාතික හවුල් සමාගමක් වනතර එහි කොටස් 2004 අගෝස්තු 19 වෙනිදා සිට මහජනයා සදහා විවෘතව පවති. එය ප්‍රථම වශයෙන් සංස්ථාපිත කරන ලද්දේ 1998 සැප්තැම්බර 4 වෙනිදා වනතර එය ඒ වෙන විට පෞද්ගලික ආයතනයක් ලෙස සලකනු ලැබීය. ගුගුල් හී නිර්මාතෘවරයන් ලෙස ප්‍රකට
යුදේව් ජාතික ලැරි පේජ් සහා සර්ජි බ්‍රින් හදුන්වනු ලබයි ඔවුන් අව්‍යක්ථ ව්‍යවහරයෙන් ගූගුල් කොල්ලෝ ලෙස හදුන්වයි. මොවුන් දෙදෙනා සමාගම ආරම්භ කරන ලද්දී තමන් ආචාර්යය උපාදි අපේක්ෂකයන් ලෙස පෙනි සිටි කාලය තුළ යැයි සැලකේ. ගුගුල් හී ප්‍රධානතම ආදයම් මාර්ගය ලෙස වෙළද දැන්වීම් හදුන්වනු ලබයි ඊට අමතර ලෙස විවිධ අන්තර්ජාලය ආශ්‍රීත වූ සේවා, අන්තර්ජාලය ආශ්රිත මෘදුකාංග සැපයීම, අනෙකුත් සමාගම් හට තාක්ෂණික සේවා සැපයීම ප්‍රධාන තැනක් ගනි. ගුගුල් ආයෝජනය කර ඇති ප්‍රධානතම කේෂත්රයන් වන්නේ අන්තර්ජාල සෙවුම් ,cloud computing, සහා අන්තර්ජාලය ආශ්‍රීත මෘදුකාංග ලෙස දැක්විය හැක. ගුගුල් හී ප්‍රධානතම අරමුණ වන්නේ ලෝකයේ තොරතුරු මනා ලෙස සංවිධානය කර එය ලෝකයේ ඕනෑම කෙනෙකු හට ප්‍රයෝජනවත් කරවීම සහා ප්‍රවේශ වීමේ අවකාශය ලබාදීම ලෙස සැලකිය හැක.
ගුගුල් සෙවුම් එන්ජිම ලෝකයේ මිලියන එකකට අධික සර්වර් යන්හි දත්ත තම spiders හරහා රැස් කරනතර බිලියන එකකට අධික සෙවුම් ඉල්ලීම් සකසනු ලබයි (Process). මෙහි ඉක්මන් වර්ධනය සදහා මූලික වශයෙන් හේතු වී ඇත්තේ සෙවුම් එන්ජීමට අමතර ලෙස සංස්ථාපිත කරණයේ විවිධ නිෂ්පාදන එළිදැක්වීම්, විවිධ ආයතන සන්තක කරගැනීම්, හවුල් ව්‍යාපාරයන් ආයතනයේ කොටස් හරහා ඇති කරගන්නා, ලෙස සැලකිය හැක.
Google නිෂ්පාදන විවිධ කේෂ්ත්‍රයන් කරා පැතිර පවතිනතර එය Desktop , Web, Handheld ලෙස තුනකට වර්ගීකරණය කළ හැක. මෙහි Desktop හි මෘදුකාංග ලෙස Google Chrome සැලකිය හැක Web හී මෘදුකාංග ලෙස පිකාසා හෙවත් ජායාරූප ගබඩා අඩවිය, අන්තරජාල සමාජ ශාලා ලෙස Google+,Orkut,Google Buzz,Chat මෘදුකාංගයක් ලෙස Google Talk,Email මෘදුකාංගයක් ලෙස Gmail (Google -Mail) ,Answers Questions දිය හැකි අංගයක් ලෙස Google Answers ප්‍රධාන වශයෙන් සැලකිය හැක. ගුගුල් ඔවුන්ගේ Mobile Operating System එක ලෙස Android භාවිතා කරනතර එය Developed කිරිම සදහා දැනට Oracle හෙවත් කලින් Sun Microsystems හී Java නම් වූ Language එක භාවිතාකර ඇතැයි සැලකේ. මෙම Operating System එක Motorla,Samsung ,යන ආයතන මගින් දැනට එළිදක්වන Mobile Phones හී භාවිතාකරනු ලබයි. ඊට අමතර ලෙස Desktop Operating System එකක් ලෙස Google OS ලෙස නම්දරා ඇති නවතම Operating System එකක් ඔවුන් විසින් එළිදක්වා ඇතැයි දැක්විය හැක. එය ඔවුන්ගේම Chromebooks හී භාවිතා කරනු ලබයි මෙහි Hardware කොටස් Samsung, Acer නම් වූ ආයතන මගින් නිෂ්පාදනය කරනු ලබයි. Google ලෝකයේ වැඩිම දෙනා Visit වෙන අඩවිය ලෙස Alexa නම් ආයතනක් දක්ව තිබේ ඔවුන් අන්තර්ජාලයේ Statistics Analyze කිරිමේ යෙදිසිටින ප්‍රධාන පෙළේ ආයතනයක් ලෙස සැලකිය හැක. එලෙසම Google India,
Google UK ද ඒහා සමාන ලෙස වැඩිම Visit එකක් දක්වන බව ඔවුන් විසින් දක්වා තිබේ. ඔවුන්ගේ වෙනත් අඩවි ලෙස Youtube,Blogger,Orkut, සදහන් කල හැක. කෙසේ නමුත් විවිධ චෝදනා Google වලට එල්ල වී ඇතැයි සැලකේ මේවා ලෙස Privacy,Copyright, වාරණය කිරිම දැක්විය හැක. චීනය විසින් Google සමාගමේ Search Engine එක මත විවිධ ආකාරයේ වැට කඩලු බැද ඇති අතර මෙය නිසා චීනයේ ජනයා හට නිදහසේ Search කිරිමට බාදා වෙන බව සදහන් මේ සදහා චීනයේ The Great Firewall නම් වූ දැවන්ත Filter එක හරස් වී ඇති අතර ඔවුන්ට අනුව Google එක මෙය බිද දැමිමේ ව්යවර්ථයක නියැලමෙන් ඉන්නා බව සදහන්.
Google ගැන කෙටියෙන්
වර්ගය පොදු
කර්මාන්තය (Industry) Internet
Computer software
ආරම්භය Menlo Park, California (සැප්තැම්බර් 4, 1998)
ස්ථාපක(යන්) සර්ජි බ්‍රින්
ලැරී පේජ්
මූලස්ථානය (Headquarters) 1600 Amphitheatre Parkway, Mountain View, California, එක්සත් ජනපදය
සේවය කරන ප්‍රදේශ Worldwide
සේවය කරන උදවිය ලැරී පේජ්
Eric Schmidt
සර්ජි බ්‍රින්
නිපැයුම් See list of Google products.
වාර්ෂික ආදායම US$ 29.321 billion (2010)
මෙහෙයුම් ආදායම US$ 10.381 billion (2010)
ලාභය US$ 8.505 billion (2010)
මුළු වත්කම US$ 57.851 billion (2010)
මුළු ප්රාග්ධනය US$ 46.241 billion (2010)
සේවකයන් 26,316 (March 31, 2011)
උපකාරකයන් YouTube, DoubleClick, On2 Technologies, Google Voice, Picnik, Aardvark, AdMob
වෙබ්අඩවිය google.com
By Mesozoic.