Google Chrome Multiple Profile හදමු

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    d25f9c0dba.jpg


    Google Chrome Web Browser එකෙහි අලුත් Profile එකක් හදාගන්න විදිහ. හැදුවට වැඩක් නැහැනෙ. මේකෙන් මොකද වෙන්නෙ කියලා දන්නෙ නැතුව. අපි අන්තර්ජාලය තුල සිදු කරන සියළුම දේවල් ඇතුලත් වෙන්නේ අපේ Browser Profile එකෙහිට. History, Cookies, Bookmarks, Search Item මේ හැම එකක්ම තියෙන්නේ අපි Profile එක ඇතුලෙ. හිතන්න ඔබට Facebook Account දෙකක් තියෙනවා කියලා. මේ දෙකටම එකවර log වෙන්න බැහැනෙ. එකක් Log Out කරලා අනිත් එකට Log වෙන්න ඕනෙ නේද? එහෙම වෙන්නේ, අපි භාවිත කරන්නේ Browser එකෙහි එක Profile එකක් වීමය. අපි Browser එක තුල Profile කිහිපයක් සකස් කරගැනීමෙන් Account කිහිපයකට උනත් එකවර Log වීමේ කැකියාව තිබෙනවා. මේ ඔබට විස්ථර කලේ, Browser Profile එකෙහි වැදගත්කම. දැන් අපි බලමු අලුත් Browser Profile එකක් සකස් කරගන්න පිළිවෙල.

    01) පලමුවෙන්ම, ඔබේ Google Chrome Web Browser එක Open කරගන්න. Ctrl + Shift + Del බට්න් තුන එකවර තද කරලා Web Browsing History එක Clear කරගන්න.
    02) දෙවනුව, Windows Explorer එක විවෘත කරගෙන. පහල තියෙන Path එකට යන්න

    d189672be0.jpg


    03) මෙම Path එකට පිවිසුන පසු. එහි තිබෙනවා UserData තුල ඔබේ Profile එක. එය Default කියලා තිබෙනවා. මෙම Folder එක Copy කරන්න. පසුව UserData ඇතුලෙහිම Paste කරන්න. ඉන්පසුව එය ඔය Profile එක සකස් කීරමට බලාපොරොත්තු වන Name එකෙන් Rename කරන්න.

    04) ඉහතින් Rename කර සකස් කරගත් Profile එක, ඇරබිය යුතුයි. ඒ සදහා ඔබේ පරිගණකයේ CMD එක Open කරගෙන පහල විදිහට ටයිප් කරලා Enter කරන්න.

    For Windows 7 and Vista: C:\Users\Your-Username\AppData\Local\Google\Chrome\Application\chrome.exe –user-data-dir=”..\User Data\” -first-run

    For Windows XP: C:\Documents and Settings\Your-Username\Local Settings\Application Data\Google\Chrome\Application\chrome.exe –user-data-dir=”..\User Data\” -first-run


    05) Google Chrome New Profile එක සකස් කර අවසන්. දැන් අපි එහි Shortcut එකක් සකස් කරගමු. මෙය ඔබට අවශ්‍ය තැනකට සකස් කරගත හැකියි. Desktop එකෙහි Right Click කර, New යන්න, එහි Shortcut ක්ලික් කරලා ලැබෙන Window එක විවෘත කරගන්න. එහි පහල බලා දී තිබෙන Path එහෙහි Your_Name කොටසට ඔබ Profile එක සකස් කල Name එක දීලා Shortcut එක Create කරගන්න.

    fe57464a6a.png


    For Windows 7 and Vista: C:\Users\<user>\AppData\Local\Google\Chrome\Application\chrome.exe --user-data-dir="..\User Data\Your_Name"

    For Windows XP: C:\Documents and Settings\<user>\Local Settings\Application Data\Google\Chrome\Application\chrome.exe --user-data-dir="..\User Data\Your_Name"


    හ්ම්. මේ විදිහට ඔයාලට Google Chrome Web Browser එකෙහි Profile 16ක් දක්වා සකස් කරගැනීමේ හැකියාව තිබෙනවා.

    3a3d9e3e89.gif

    60cb6a9e10.gif

     
    • Like
    Reactions: AselaAsanka