Google Glass දැන් ශ්‍රී ලංකාවේ

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Google Glass දැන් ශ්‍රී ලංකාවේ

    ගල් සමාගම විසින් 2013 වසරේදී හඳුන්වාදුන් ගූගල් කණ්ණාඩි (Google Glass) මේ වනවිට මෙරටදී මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

    ගුගල් කණ්ණාඩි පළදින්නන්ට තමන්ගේ හඬ ආඥාවන් තුළින් අන්තර්ජාලය සමඟ සම්බන්ධ වියහැකි අතර මේ කණ්ණාඩි තමන්ගේ අවශ්‍යතාවන් අනුව හැඩගස්වා ගැනීමට හැකියාවද ඇත. නව ශ්‍රවණාධාර තාක්ෂණය භාවිත කරන මේ කණ්නාඩි පළදින්නන් හා සම්බන්ධ වන්නේ සන්නායකයක් මගිනි

    0420.jpg


    පැත්තක පිහිටි ටච් පෑඩය ස්වයිප් කිරීම තුළින් සන්දර්ශකයේ දක්නට ලැබෙන තොරතුරු පිටු එහා මෙහා කළ හැකි අතර පිටුපසට ගෙනයාම තුළින් අලුත්ම තතු, කාලගුණය දැකිය හැකි අතර ඉදිරියට යාම තුළින් දුරකථන ඇමතුම්, පින්තුර හා යාවත්කාලීන තොරතුරු ලබා ගත හැක. ඡායාරූප ගැනීමටද හැකි මේ කණ්ණාඩි 720p HP වීඩියෝ පටිගත කිරීමට ද සකසා ඇත. LED තාක්ෂණය භාවිතා කිරීම හේතුවෙන් පළදින්නන් හට අපහසුවකින් තොරව දිගු වෙලාවක් මෙය පැළදීමට හැකි වේ.

    මෙහි භාවිත වන මෘදුකාංග සියල්ල නොමිලේ ලබා දීම සුවිශේෂී වේ. තවද ගුගල් විසින් සාදන ලද Google Maps, Google Plus, Gmail යන ජනප්‍රිය යෙදුම්ද මෙහි අන්තර්ගතය. මෘදුකාංග හා යෙදුම් නිර්මාණකරුවන් හා සමාගම් විශාල මෘදුකාංග හා යෙදුම් ප්‍රමාණයක් ගුගල් කණ්ණාඩි වෙනුවෙන් සකස් කර ඇති අතර ඒ අනුව මුහුණ හදුනා ගැනීමේ යෙදුම්, ව්‍යායාම, ඡායාරූප සංස්කරණය, පරිවර්තන හා සමාජ වෙබ් මාධ්‍යවල විවිධ දෑ බෙදාගැනීමට යෙදුම් මෙයට අයත් වේ.

    වික්‍රමාරච්චි දෘෂ්ටි විශේෂඥයන් විසින් නොබෝදා ශ්‍රී ලාංකික වෙළදපොළට 'ගුගල් කණ්නාඩි' (Google Glasses) හඳුන්වා දී තිබෙනවා.

    ගූගල් කණ්ණාඩියක් පැලඳීමෙන් ලද හැකි අත්දැකීම් මෙම වීඩියෝවෙන් නරඹන්න.



    nethfm
     
    Last edited:
    • Like
    Reactions: dark92b

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේකේ රෙකෝඩ් වෙනවද බන්
    නිකමට හරි වීඩියෝ වෙලා share උනොත්
    මේක දාගෙන චූ කරන්න යන්නත් බයයි

    :sorry::sorry::sorry:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මේකේ රෙකෝඩ් වෙනවද බන්
    නිකමට හරි වීඩියෝ වෙලා share උනොත්
    මේක දාගෙන චූ කරන්න යන්නත් බයයි

    :sorry::sorry::sorry:

    ඉතින් උබ චූ කරද්දු ජුන්ඩා නොබලා කරපන් හිටං
     

    Similar threads