Google PiXel 2 Camera මෙන්න_ON_කරලා

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Google PiXel 2 Camera මෙන්න_ON_කරලා

    මේක බලන්න කලින් බලපු නැති අය පලවෙනි ත්‍රෙඩ් එක බලලා ඉන්න.

    Google PiXel 2 Camera එක ගැන දැනගමු

    >>>>> http://www.elakiri.com/forum/showthread.php?t=1823077<<<<<


    ඉතිං ඔන්න අන්තිමට Google ලා official update එකකින් Pixel 2, Pixel 2 XL එකේ ගොඩක් අය බලං ඉදපු Pixel Visual Core co processor එක on කරලා. දැන් ප්‍රශ්නේ මොනවද මේකෙන් ලැබෙන improvements Pixel 2 එකට..

    පලවෙනි එක Google ලගේ විශේෂ HDR+ processing ලැබෙනවා camera app එකට අමතරව ඔන්න දැන් පිට apps වලටත් Instagram, WhatsApp, Snapchat මේ වගේ Pixel Visual Core එකෙන්..

    දෙවෙනි එක Pixel 2 camera එකට add වෙනවා feature එකක් RAISER (Rapid and Accurate Image Super-Resolution) කියල Pixel Visual Core එක හරහා. මේක විශේෂ machine learning algorithm එකක් camera එකේ zooming වල quality එක විශාල ප්‍රමාණයකින් වැඩිකරන්න. මේ RAISR Upsampling වැඩකරන්න ඉතිං ලොකු processing power එකක් ඕන වෙනවා. මෙතැනදී තමයි ඉතිං Pixel Visual Core එකෙන් Google ලා වැඩගන්නේ..

    තුන්වෙනි එක තමයි Pixel 2 camera එකේ Zero Shutter Lag එක මේ Pixel Visual Core එක නිසා improve වෙනවා. එකට හේතුව මේ co processor එකේ power එක නිසා මේකට පුළුවන් image processing සෑහෙන්න ප්‍රමාණයක් කරන්න අඩු කාලයකින්. ඉතිං photo එකක් capture වෙන්න යන කාලය අඩු වෙනවා ඒකෙන්..

    හතරවෙනි එක තමයි මේ Pixel Visual Core එක නිසා Google ලට additional computing power එකක් ලැබෙනවා image processing වලට. ඉතිං මෙන්න මේ power එක ප්‍රයෝජනයට අරන් ඔන්න Google ලා තවත් improve කරලා තියෙනවා එයාලගේ HDR+ algorithm එක images වල quality එක වැඩිකරන්න..

    විශේෂ දෙයක් Dxomark එකේ Pixel 2 camera එකට ලකුණු 98 ක් දීලා තියෙන්නේ මේ Pixel Visual Core එක on කරන්න කලින් හොදේ. එකේදී Dxomark ලා Pixel 2 camera එකේ zooming වලට එහෙම අඩු ලකුණු ප්‍රමාණයක් තමයි දීලා තිබුනේ. ඉතිං දැන් Pixel Visual Core එකත් එක්ක zooming quality එක විශාල වශයෙන් වැඩිකරන්න RAISER එනවනේ. ඉතිං මේ ඔක්කොම බැලුවම විශ්වාසෙන් කියන්න පුළුවන් තාමත් mobile phone ලෝකේ camera වලින් රජ්ජුරුවෝ වෙන්නේ Google Pixel 2 එකම තමයි එකේ ආයේ කතා දෙකක් නෑ...!!


    27658093_2067326876617961_265543414441460000_n.jpg


    27749880_2067326283284687_2233451542318266938_n.jpg


    27540591_2067326423284673_9204885413917923977_n.jpg


    27752205_2067326439951338_5134167144224082859_n.jpg


    27654924_2067326756617973_3546006067961413537_n.jpg


    27658093_2067326876617961_265543414441460000_n.jpg



    source

    source 2