Google rejects White House request to pull anti-Islam film clip

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඉස්ලාම් විරෝධී වීඩියෝව අවහිර කිරීම Google reject කරයි



    Youtube-video-Innocence-of-Muslims.jpg




    ලොව පුරා මහත් කලබගෑනියක් ඇති කරමින් තිබෙන මුස්ලිම් විරෝධි වීඩියෝ පටය නැරඹීමට Google සෙවුම් යන්ත‍්‍රය තුලින් You tube හරහා ලබා දී ඇති අතර එය ඉවත් කර ගන්නා ලෙසට ධවල මන්දිරය වෙතින් Google වෙත කෙරුණු ඉල්ලීම ඔවුන් විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මෙම දර්ශණය නැඹීම දේශීය නීතිය යටතේ තම රටේ අන්තර්ජාලය තුල මුදා හැරීම තහනම් කල හැකි අතර මුළු ලොවටම ව්‍යාප්තිය තහනම් කරන ලෙසට ඉල්ලීම් කිරීමට ධවල මන්දිරයට නොහැකි බවට Google ආයතනය පෙන්වා දෙයි. එසේම රටවල් වෙන් වෙන් වශයෙන් මෙම වීඩියෝ පටයට පිවිසුම් අවහිර කිරිම සිදු කර තිබෙන බවත් ඒ අතර ඉන්දියාව, ඉන්දුනීසියාව, ඊජිප්තුව, ලිබියාව ආදී රටවල් වන බවත් ඔවුන් තව දුරටත් පෙන්වා දී ඇත.

    නබිතුමන් උපහාසයට ලක් කර ඇති මෙම වීඩියෝ පටය විනාඩි 14 කින් සමන්විත වන අතර ඒ නිසා මුස්ලිම් රටවල් 20 කට අධික රටවල් ප‍්‍රමාණයක් ප‍්‍රචණ්ඩ ලෙස විරෝධය පල කර ඇත. මෙහිදී අමෙරිකාවේ මෙන්ම අනෙකුත් බටහිර රටවල් වලද මොවුන්ගේ විරෝධතා පල වූ අවස්ථා දැක ගත හැකි වූ බවත් මාධ්‍ය විසින් අනාවරණය කර ඇත.