ඕකෙ ඇත්තටම සැම්සුන්ග් වලට වාසි පැත්තකුත් තියනවා. දැනට ටික කාලෙකට කලින් කරපු රිසර්ච් එකකින් කියලා තිබුනා මිනිස්සු Android කියන නමට වඩා Galaxy කියන නමට තියන රෙකග්නිශන් එක වැඩියි කියලා. උදාහරනයක් විදියට දැනට ඇන්ඩ්‍රොයිඩ් වලට ඩිවයිස් වැඩිපුරම හදන කම්පැනියක් වෙන සැම්සුන්ග් එකසැරේම Tizen එක්ක සේරම ෆෝන් රිලීස් කරොත් මොනවා වෙයිද. අනික සාමාන්‍ය ගමේ ගොඩේ ඇන්ඩ්‍රොයිඩ් යූස් කරන එවුන් මේක ගූගල් ඩිවලොප් කරන එකක්ද ඇප් තියනවද කියන එක ඒ තරම හිතන්නෙ නැහැ. උන් බලන්නෙ ෆේස්බුක් තියනවද වට්සැප් තියනවද වගේ සීමිත දේවල් ටිකක් විතරයි. ටිකක් විතර ඉන්ටනෙට් යූස් කරන ටෙක්නොලොජි ගැන දන්න කියන එවුන් තමයි ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ මොකද්ද ගූගල් එක්ක තියන සම්බන්දෙ මොකද්ද කියලා දන්නෙ.
අනික බලපන් සමහර යූටියුබ් රිවීවර්ස්ලත් your iPhone or Samsung කියලා ස්මාට්ෆෝන් හදුන්වන තැනුත් ඕන තරම් ඇහිල තියනවා. ගොඩක් ෆෝන්ක/ම්පියුටර්ම නැතුව වෙන දේවල් කතා කරන චැනල් වල. ඒවයෙනුත් තේරෙන්න සාමාන්‍ය එවුන් අතරෙ OS එකයි ඩිවයිස් එකයි කියන්නෙ දෙකක් කියන එක ඒ තරම් ලොකුවට සලකන්නෙ(එක්කො දන්නෙ නැහැ) නැහැ කියලා.
ලොකුම අවුල වෙන්නෙ ඇප්ස් වලට බැරිවෙලා හරි උන් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ම අවුලක් නැතුව රන් කරන්න වගේ ක්‍රමේකුත් එක්ක හරි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකේ සෝස් එක උන්ගෙ OS එකට බිල්ඩ් කරන්න හරි ටූල්ස් දීල, උන්ගෙ සේරම ෆොන් එකසැරේම ටයිසන් එක්ක රිලීස් කරොත් ඩිවලොපර්ස්ලාටත් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඇප්ස් හදන්න වෙනවා.
අනිත් එක තමයි Android ඕපන් සෝස් කිවුවට දැන් ඇන්ඩ්‍රොයිඩ් වල ගූගල්ලගෙ සර්විස් වලට තියන ඉන්ටිග්‍රේශන් එක ඕනවට වඩා වැඩියි කියලා ගොඩක් ෆෝන් මැනුෆැක්චරර්ස්ලා කනු කුනු ගගා ඉන්නෙ.
ඕව කොහොම උනත් මම නම් හිතන්නෙ නැහැ නුදුරු අනාගතේ ඔය වගේ වෙනස්කමක් වෙයි කියලා