Got a Big Question (Regarding Mattala RIA & other so called developments)

ගැටළුව

මට තියන ගැටළුව මෙකයි-අපේ දේශපාලකයෝ හැමදාම රට සංවර්ධනය කලේ,අනික් රටවල් වලින්
ණය නැත්තන් ආධාර අරන්,ඇත්තටම මෙහෙම කරන සංවර්ධන ගැන අපට ආඩම්බර වෙන්න පුළුවන්ද කියන එකනම් මට ගැටළුවක්,දැන් මත්තල හැදුවෙත් ණයට අරන් නෙළුම් පොකුණු,වරායවල්,පාරවල් එ ඔක්කොම කලෙත් එහෙමයි,බලාගන යනකොට අපි කන්නෙත් ණයට කියලයි මට හිතෙන්නෙ,අපි මේ තත්වෙන් කවද්ද මිදෙන්නෙ කියලයි මම කල්පනා කරන්නෙ....

වරදවා හිතන්න එපා,අපි කවුරුත් කැමතියි මෙවා හැදෙනවාට එත් හැමදාම මෙවා හැදෙන්නෙ අනික් රට්‍ටුන්ගේ මුදල් වලින් නේ,අනේ අපේම සල්ලි වලින් හැදුවා නම් මොන තරම් අපිට ආඩම්බර වෙන්න පුලුවන්ද,අනේ මන්දා
....

මට නම් කිසිම ආඩම්බරයක් එන්නෙ නැ,එත් රූපවාහිනියේ නම් කියන්නෙ ආඩම්බර වෙන්න කියලා
,පෙර හිටපු රජවරු ලෝකයට මෙහෙම අපි ණය වෙලා කියලා දන්නවා නම් මොනවා නොකියයිද කියලා මට සැකයි....
 
Last edited: