government hospital - help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,006
    12,538
    113
    මචන්ලා මගේ අම්මා ගේ පොඩි ලෙඩකට බෙහෙත් ගන්නවා චැනල් කරලා.

    චැනල් කරන තැන් වලින් හැමදාම හම්බෙන්නේ අන්තිම අංක ඉවර වෙනකොට රෑ 7-8 වෙනවා ඒ වෙලාවට බස් නෑ ගෙදර යනකොට 9-10 වෙනවා රෑ අලි ඉන්නවා පාරේ ගහයි කියලා බයයි මේක නිසා government hospital වලින් ගන්න හිතුවා.

    Government hospital වල Number එකක් වෙන් කරන්නේ කොහොමද echannelling වගේ මොකක් හරි එකකින් පුලුවන් ද ?
    ඉස්පිරිතාලෙ බෙහේත් ගන්නකොට ඉස්පිරිතාලෙ නතර වෙලා ඉන්න ඕනේද අදාළ දොස්තරගෙන් බෙහෙත් ගන්න නම් ?
    තව දෙයක් තියෙනවා නතර වෙන්න කියනවා ද ඕවගෙන් බෙහෙත් ගන්න ගිහිල්ලා ? නතර උනේ නැතිනම් අමාරු වෙන්න බෙහෙත් දෙයිද කියලා මට සැකයක් තියෙනවා ? එහෙම අවුල් නැද්ද මචන්ලා ඔය සීන් එක නිසා ඔවට අපි කලින් ගියේම නැත්තේ

    Service එක කොහොමද මචන් ඔවාගෙන් පොඩ්ඩ ඇත්තන් බයිනවා ද ? මන් අවුරුදු 3 කලින් ඇස් ලෙඩකට බෙහෙත් ගන්න ගියා නර්ස් ලා ඇහුවට කිසි දෙයක් කිව්වේ නෑ No එක ගන්නේ කොහොමද අරවා මේවා මන් ඇහුවා කිසි දෙයක් කිව්වේ නෑ මට එපා උණා හැරිලා ගෙදර ආවා ලෙඩේ නිකන් ම සනීප උණා එදා වෙච වැඩේ මතක් වෙනවා මට government hospital මතක් වෙනකොට.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,025
    1
    31,557
    113
    - උඩරට -
    ගවන්මන්ට් ඒවාගේ බෙහෙත් අරන් නැද්ද මිට කලින් ??

    එහෙම කෝල් කරාලා බුක් කරන්න පුළුවන් නම් කොච්චර ශෝක් ද 😂
    ( Payment කරලා සර්විස් ගන්න වෝඩ්ස් වල නම් පුළුවන් මම හිතන්නේ)
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    Government hospital වල Number එකක් වෙන් කරන්නේ කොහොමද echannelling වගේ මොකක් හරි එකකින් පුලුවන් ද ?
    බෑ
    ඉස්පිරිතාලෙ බෙහේත් ගන්නකොට ඉස්පිරිතාලෙ නතර වෙලා ඉන්න ඕනේද අදාළ දොස්තරගෙන් බෙහෙත් ගන්න නම් ?
    උබට ඕන කෙනාගෙන් ගන්න බෑ
    තව දෙයක් තියෙනවා නතර වෙන්න කියනවා ද ඕවගෙන් බෙහෙත් ගන්න ගිහිල්ලා ?
    නෑ
    නතර උනේ නැතිනම් අමාරු වෙන්න බෙහෙත් දෙයිද කියලා මට සැකයක් තියෙනවා ? එහෙම අවුල් නැද්ද මචන්ලා ඔය සීන් එක නිසා ඔවට අපි කලින් ගියේම නැත්තේ
    නෑ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    ඉස්සර වගේ නෑ දැන් සර්විස් හොදයි බන්..
    උඹ අනුරාධපුරේ නේද මුලින් දිස්ත්‍රික් හොස්පිටල් ගිහින් බලපන් ..
    සර්විස් එක හරි මදි වගේ නම් කුරුණෑගල හොස්පිටල් ඵලයන් . හොඳටම හොදයි.
    කොමන් ලෙඩ වලට ( සුගර්/ හාට්/ ඇස්) ක්ලිනික් තියෙන දවස් තියෙනවා කොල් කරලා අහලා ඵලයන්
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    චැනල් කරන තැන් වල කවුරුහරි සෙට් කරගන්න (යාලු වෙන්න නෙමේ). පොඩ්ඩක් හොදට කතා බහ කරල සෙට් කරගන්න. පුලුවන්නම් ෂේප් එකේ සල්ලි හෝ වෙන මොනාහරි දෙන්න. පස්සේ මුල් අංකයක් ගන්න පුලුවන් වෙයි
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ඉස්සර වගේ නෑ දැන් සර්විස් හොදයි බන්..
    උඹ අනුරාධපුරේ නේද මුලින් දිස්ත්‍රික් හොස්පිටල් ගිහින් බලපන් ..
    සර්විස් එක හරි මදි වගේ නම් කුරුණෑගල හොස්පිටල් ඵලයන් . හොඳටම හොදයි.
    කොමන් ලෙඩ වලට ( සුගර්/ හාට්/ ඇස්) ක්ලිනික් තියෙන දවස් තියෙනවා කොල් කරලා අහලා ඵලයන්

    Mulin opd doctor kenekta pennuwama, eya neda clinic danne?
     
    • Like
    Reactions: Nadun26

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,210
    21,041
    113
    ඉස්සෙල්ලම ගිහින් OPD එකට පෙන්නපන්. තත්වෙ බලලා ක්ලිනික් එකකට රෙජිස්ටර් කරාවි. ඊට පස්සෙ අදාල ක්ලිනික් එකට දෙන දින වලට යන්න තියෙන්නෙ. අමාරු නම් නවත්තගන්නවා ක්ලිනික් විතරක් ඇතිනම් නවත්ත ගන්නෙ නෑ. ක්ලිනික් එක වීක්ලි තියෙනවා ඒත් හැම විසිට් එකෙදිම බෙහෙත් දීලා ඊලගට එන්න ඕන කවද්ද කියල කියනවා අමාරු උනොත් ඇවිත් ඇඩ්මිට් වෙන්න කියනවා ඒ අතරේ. උබ චැනල් කරන ඩොක්ට අදාල රෝහලේ ඉන්නව නම් ඒ ඩොක්ටගේ ක්ලිනික් එකට රෙජිස්ටර් වෙන්න පුලුවන්. ඒත් හැමදාම ඒ ඩොක්ට බලන්නෙ නෑ අත්යාවශ්‍යම වෙලාවකදි විතරයි ඒ ඩොක්ටට දාන්නෙ. නැත්නම් අනිත් පොඩි ඩොක්ටර්ස්ලා බලනවා.

    අම්මට ඉක්මන් සුව මචන්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,025
    1
    31,557
    113
    - උඩරට -
    ඉස්සෙල්ලාම OPD එකට යන්න ඕනි.
    ඊට පස්සේ එතන ඉන්න ඩොක්ටර් බලලා තීරණය කරනවා.

    ඒ අවස්ථාව අනූව මේ ලෙඩා ඇඩ්මිට් කර ගන්න ඕනීද නැත්තම් ඇස් සම්බන්ධ Clinic එකට යොමු කරනවද කියලා.

    ඊට පස්සේ ක්ලීනික් එකට දැම්මොත් එතන ආයේ වෙනම රෙජිස්ටර් වෙන්න ඕනී අලුත් පොතක් එහෙම අරන්.. පෝලීමේ ගිහින්.

    ඊට පස්සේ එදා දවස බලලා පොතේ ලියනවා ඊලගට පැමිනිය යුතු දිනය, වේලාව, දවස..

    ඒ අනූව ඊලග දවසේ උදේම යන්න ඕනී.
    සාමාන්‍යයෙන් උදේ පෝලීම පටන් ගන්නේ 8.00 - 9.00 ඉදන්, මේ වෙලාව අත‍රතුර පැමින සිටි පිලිවෙලට නම්බර්ස් දෙන්න පටන් ගන්නවා.

    ඊට පස්සේ තමන්ගේ අවස්තාව එනකම් ඉන්න වෙනවා..

    ( ප්‍රයිවට් ගිහින් සල්ලි ගෙවලා ස්ප්‍රීඩ් යනවා වගේ ලේසී නම් නෑ..)

    ඊට පස්සේ ඩොකා බලලා බෙහෙත් ලියලා දෙන්නේ එක්කෝ පොතේ, නැත්තම් කාඩ් එකේ. ඒක අරන් රජයේ රෝහලේ බෙහෙත් නිකුත් කරන තැනට ගිහින් පෝලීමේ ඉදලා බෙහෙත් අර ගන්න වෙනවා..
     
    • Like
    Reactions: Nadun26 and kinkon

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    චැනල් කරන තැන් වලින් හැමදාම හම්බෙන්නේ අන්තිම අංක
    මෙහෙම වෙන්නෙ ඇයි? channel කරන්න යන දවසේ උදේ ඒ තැනට call කරලා මුල් අංකයක් වෙන්කරගන්න බැරිද?
     
    • Like
    Reactions: Nadun26

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    appointment දාලා යන system එකක් තියෙනවානම් කොච්චර හොදද? මේ සිරි ලංකාවේ එහෙම ඒවා නෑ

    මේ දවස් වල කොහොමත් නතර කරගන්නේ නෑ අමාරු නැත්නම්

    අම්මෝ ඔව්. ටිකක් වැරදෙන්න බෑ බනිනවා. හැබැයි ඒ ඩොකාම private channel කරොත් නැමීගෙන ඇවිල්ලා කතා කරන්නේ:rolleyes::lol:
     
    • Like
    Reactions: Nadun26

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    මචන්ලා මගේ අම්මා ගේ පොඩි ලෙඩකට බෙහෙත් ගන්නවා චැනල් කරලා.

    චැනල් කරන තැන් වලින් හැමදාම හම්බෙන්නේ අන්තිම අංක ඉවර වෙනකොට රෑ 7-8 වෙනවා ඒ වෙලාවට බස් නෑ ගෙදර යනකොට 9-10 වෙනවා රෑ අලි ඉන්නවා පාරේ ගහයි කියලා බයයි මේක නිසා government hospital වලින් ගන්න හිතුවා.

    Government hospital වල Number එකක් වෙන් කරන්නේ කොහොමද echannelling වගේ මොකක් හරි එකකින් පුලුවන් ද ?
    ඉස්පිරිතාලෙ බෙහේත් ගන්නකොට ඉස්පිරිතාලෙ නතර වෙලා ඉන්න ඕනේද අදාළ දොස්තරගෙන් බෙහෙත් ගන්න නම් ?
    තව දෙයක් තියෙනවා නතර වෙන්න කියනවා ද ඕවගෙන් බෙහෙත් ගන්න ගිහිල්ලා ? නතර උනේ නැතිනම් අමාරු වෙන්න බෙහෙත් දෙයිද කියලා මට සැකයක් තියෙනවා ? එහෙම අවුල් නැද්ද මචන්ලා ඔය සීන් එක නිසා ඔවට අපි කලින් ගියේම නැත්තේ

    Service එක කොහොමද මචන් ඔවාගෙන් පොඩ්ඩ ඇත්තන් බයිනවා ද ? මන් අවුරුදු 3 කලින් ඇස් ලෙඩකට බෙහෙත් ගන්න ගියා නර්ස් ලා ඇහුවට කිසි දෙයක් කිව්වේ නෑ No එක ගන්නේ කොහොමද අරවා මේවා මන් ඇහුවා කිසි දෙයක් කිව්වේ නෑ මට එපා උණා හැරිලා ගෙදර ආවා ලෙඩේ නිකන් ම සනීප උණා එදා වෙච වැඩේ මතක් වෙනවා මට government hospital මතක් වෙනකොට.
    උදේම යන්න හොස්පිටල් එකට 7.30ට විතර ගිහින් ⁣ලෙඩේ කියන්න කවුන්ටරයට පස්සේ එයාලා නම්බර්ස් දීලා මිසීකෙනෙක් එක්ක යවනවා ඩොක්ටර් ගාවට මෙහේනම් එහෙමයි කතාබහකරනවා හොදට. හැබයි හොද තැනකට යන්න නැත්නම් සමහර තැන් අපායවල් වගේ. ඉක්මනින්ම සනීප වෙන්න අම්මට