Green Gas

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    373362_328280497205373_1337414608_n.jpg



    "ගෙදර එකතුවන දිරායන "කසළ" භාවිතයෙන් "ජීව වායුව" හදාගන්නා අතරම, ඔබේම ගෙවත්තේ වවන එළවළු, මල්, පලාවර්ගවලට "කාබනික දියර පොහොර" ලබාදෙන මේ අපූරු ක්‍රමවේදය ජීව වායුවේ නව තාක්‍ෂණික මෙවලමක්‌ ලෙස ලබාදෙන්නේ ආර්පිකෝ සමාගම විසිනි, එහි ආර්පිකෝ ප්ලාස්‌ටික්‌ ෂෙල්ස්‌ සමාගමේ නිෂ්පාදනයක්‌ වන මෙම (එහා මෙහා ගෙන යා හැකි ඡදරඒඉකැ) ජීව වායු ජනන ටැංකිය අද සීග්‍රයෙන් ජනතාව අතර ව්‍යාප්ත වෙමින් පවතින්නේ සැබැවින්ම එය පරිසර හිතකාමී ගෘහයක්‌ බවට ඔබේ නිවස පත්කර දෙමිනි.

    අද රටේ මහා අර්බුදයක්‌ බවට කුණු කසළ ප්‍රශ්නය පත්වී ඇති බව අප අමුතුවෙන් කිව යුතු දෙයක්‌ නොවේ. මෙම කසළ ජනනය කරන්නේ වැඩි වශයෙන්ම නිවාසවලිනි. නොහොත් අපේම ගෙවල්වලිනි. කඩ, වෙළෙඳසල්, කර්මාන්තශාලා මගින්ද කුණු කසළ ජනනය කළත්, වැඩි වශයෙන්ම මහා මාර්ගයට කසළ එකතුවන්නේ නිවාසවලිනි. එබැවින් කසළ පරිසරයට ජනනය කිරීමේ වරද අප කා අතිනුත් සිදුවේ. අපේ හුරු පුරුදුවල තත්ත්වය අනුව මෙම කසළ ජනනය වන ප්‍රමාණය ද අඩු වැඩි වේ.

    එහෙත් මිනිසකු වශයෙන් අපගේ වගකීම මෙහිදී ඉටුවී තිබේ දැයි අපි මොහොතකට සිතුවාද? මේ වැනසෙන්නේ අනාගත පරපුරේ භූ+මිය, සම්පත් හා ජීවත්වීමට ඇති යහපත් වටපිටාවයි. මෙයින් අපිට යුතුකම් සේ ඉටුකළ හැක්‌කේ කසළ ජනනය වීම අවම කිsරීම පමණක්‌ ද? නැත· අපේ නිවසේ, කඩපළේ, වෙළෙඳසලේ එකතුවන දිරායන කසළ භාවිතයෙන් ක්‍රියාකරන ජීව වායු ඒකකයක්‌ නිවසේම ස්‌ථාපිත කරගන්නේ නම් අපට සුවිසල් වාසි තුනක්‌ම උදාවේ. මොනවාද මේ වාසි, 1. දිරායන කසළ මින්පසු පාරට විසි කරන්නට හෝ නගර සභාවට දෙන්නට අපට වුවමනා නැත.

    2. ඒ කසළ මගින් ජීවවායු ජනකයක්‌ ක්‍රියාත්මක කර දිනපතා අපට අවශ්‍ය ගෘහස්‌ත ගෑස්‌ ප්‍රමාණය ලබාගත හැකිය.

    3. වැඩිමනත් දෙයක්‌ ලෙස අපේ ගෙවත්තේ වගාකර ඇති එළවළු, පලාවර්ග, මල් වර්ග යනාදියට අපූරු කාබනික දියර පොහොරක්‌ ලබා ගත හැකිය.

    ඇයි? පරිසරය අලංකාර වීම, ලෙඩ රෝගවලින් තොරවීම, මානසික ආතතිය දුරලීම, ජීවිතය ප්‍රසන්න වීම වැනි වාසි ද මීට අමතරව අපට නිරායාසයෙන්ම ලැබේ. මෙය සැබෑවක්‌ දැයි ඔබ අපෙන් අසන්නට පුළුවන. සැබැවින්ම මේ ආර්පිකෝ ගී්‍රන් ගෑස්‌" ගැන පාරිභෝගික ජනතාව කියන කතා අසා බලන්න. මෙහි දැක්‌වෙන්නේ එවන් පාරිභෝගිකයන් තම අත්දුටු සත්‍ය ගැන කරුණු කියන අයුරුය. ඔවුහු දැන් "නූතන ජීව වායුවේ" යාවජීව සාමාජිකයෝය. ඔවුන්ට දැන් ජීව වායුව නැතිවම බැරිය. තම නිවසේ උදේ, දිවා, රාත්‍රියේ ආහාර පිළියෙල වන්නේ ආර්පිකෝ ග්‍රීන් ගෑස්‌වලිනි ඒ විතරක්‌ නොවේ. ඔවුන්ට දැන් කසළත් නැතිවම බැරිය. එදා මාර්ග අයිනට විසිකළ, නැතහොත් නගර සභා ට්‍රැක්‌ටරයට ලබාදුන් හෝ නිවසේ වළවල් කප කපා වළදැමූ කසළ ප්‍රශ්නය වෙනුවට දැන් ඔවුහු තමාගේම ජීවවායු ජනකයට අල්ලපු ගෙදර කසළ ටිකත් ඉල්ලා ගනු පෙනේ. මන්ද, මේ අපූරු ජීව වායු ටැංකියේ ගෑස්‌ නිපදවී එහි ඇතුළත ටැංකිය බලා සිටිද්දී ඉපිලී ඉහළට එසවී තිබෙන විට මේ අපූරු ආශ්වාදය ලබන්නට අකමැති කවුද? කසළ අඩු විට ඇතුළත ටැංකිය පහළ බැස අක්‍රියව තිබෙනු වෙනුවට, එය ක්‍රියාත්මක වී ඉපිලී ඉහළ එසවෙනු දකින අපගේ හිත් ප්‍රබෝධයෙන් පිරී යනු දැනේ. මානසික ආතතිය මොහොතකට හෝ දුරු වී අපගේ සිත් සතන් පහන් හැඟීම්වලින් පුරවාලනු දැනේ. ජීව වායුව භාවිත කරන්නන්ගේ මේ අපූරු කතාන්දර, පරිසර හිතකාමී ජනසමාජයක්‌ මෙන්ම, ප්‍රබෝධයෙන් පිරි ජනකොටසක්‌ ද නිර්මාණය කරනු නියතය. මාර්ග දිගේ කුණු කඳු ගොඩගසා එයින් නැඟෙන දුඟද විඳිමින් කුණුවලට උඩින් පැන පැන ගිය අප්‍රසන්න ජීවිතයට සමුදී අපේ ගම්මානය, අපේ නගරය, අපේ පටුමග, අපෙ මාවත තවත් සුන්දර තැනක්‌ කරගන්නට අපට දැන් උදාවී ඇත්තේ හරිම අපූරු කාලපරිච්ඡේදයකි. ගෙදර කුණු ගෙදරින්ම කළමනාකරණය කර ගනිමින් අප විසින් අරඹනු ලබන පරිසර සංරක්‍ෂණ, පරිසර හිතකාමී දිවිය අපගේ අනාගත පරපුරේ උරුමයන් රැකදෙන, වටපිටාව ආශ්වාදයෙන් පුරවාලන තැනක්‌ බවට පත් කරනවා නො අනුමානය.

    ආර්පිකෝ ග්‍රීන් ගෑස්‌ බිහිවන්නේ හරිම අපූරූ ආකාරයකටය. ලෝකයේ ජීවවායුව භාවිත කරන ආකාරයත්, භාවිත කරන ප්‍රමාණයත් ගැන සැලකිල්ලෙන් අධ්‍යයනය කරන අපගේ එක්‌ නූතන පරිකල්පනය සහිත විද්‍යාඥයකු හිතන්නේ ජීවවායුව භාවිතය අපගේ රටේ හැමදාමත් අසාර්ථක වන්නේ ඇයි ද යනුවෙනි. එහෙත්, කුණු කසළ ප්‍රශ්නයට විසඳුමක්‌ දෙන අතරේ නොමිලයේම බලශක්‌ති ලබාදෙන මෙම ක්‍රමවේදය භාවිත කිරීමේ මෙතෙක්‌a පැවැති වරද ගැන සූක්‍ෂම සොයා බලන මේ ලාංකික විද්‍යාඥයා, ඔහුගේ වසර ගණනක ප්‍රතිඵල ලෙස පොළොව මතුපිට තනන, ගෘහස්‌ත, භාවිතය ඉතා පහසු ජීව වායු ඒකකයක්‌ නිර්මාණය කරන්නේ ඒ තුළ "නූතන ජීව වායුව" නිෂ්පාදනය කරමිනි. "ශ්‍රීමාල් තිසේරා" නමැති මේ අපූරු විද්‍යාඥයාගේ කැපවීමේ ප්‍රතිඵළයක්‌ මත නිපදවන මෙම ජීවවායු ජනකය හා ඊට අදාළව වායුව නිපදවන බැක්‌ටීරියා වර්ගය භාවිතයෙන් මෙසේ zජීව වායුවZ නිපදවීම සැබැවින්ම නූතන සොයා ගැනීමක්‌ සේ හඳුන්වා දීම නිවැරැදිය. මන්ද ප්‍රශස්‌ත උෂ්ණත්වය, පී. එච්. අගය (ආම්ලික භාෂ්මික හෝ උදාසීන බව) හා බැක්‌ටීරියා වර්ගය මෙන්ම ජීවවායුව නිපදවෙන ප්‍රමාණය මැන ගැනීමට හැකිවීම යනාදි අත්‍යවශ්‍ය කරුණු කිහිපයක්‌ම මෙම ජීව වායු නිපදවීමේදී ඔහු නිශ්චිතවම හඳුනාගන්නා නිසාය. ඔහුට ඒ සඳහා පේටන්ට්‌ බලපත්‍රයද හිමිවන අතර, නිපදවන ක්‍රමවේදය ද ජාත්‍යන්තර අගැයුමට ලක්‌ වී ඇත. අද ආර්පිකෝ ග්‍රීන් ගෑස්‌ ලෙස්‌ තාක්‍ෂණය මුසුව, භාවිතය පහසු, එහා මෙහා වුව ගෙන යා හැකි ටැංකියක්‌ (ජනන ඒකකයක්‌) ලෙස නිපදවන්නේ එම විශිෂ්ට නිර්මාණයයි. වසර 84 ක්‌ පැරණි ලංකාවේ දේශීය, පුරෝගාමී සමාගමක්‌ ලෙස සමාජ වගකීමක්‌ ඉටුකිරීම සඳහා කරනු ලබන සේවාවක්‌ ලෙස මෙම ජීව වායු ජනන ටැංකිය ජනාවට හඳුන්වා දීමට ක්‍රියා කරන බව ආර්පිකෝ සමාගම පවසයි.

    රිචර්ඩ් පීරිස්‌ සමාගමේ (ආර්පිකෝ) අලෙවි කළමනාකාරු ඩෙරික්‌ පෙරේරා මහතා මේ පිළිබඳව කියා සිටින්නේ මෙවන් කතාවකි.

    අද අපට තිබෙන ප්‍රධානම ප්‍රශ්නයක්‌ තමයි කසළ බැහැර කිරීම, සෑම ගෙදරකටම මේ ප්‍රශ්නය බලපානවා. දිනපතා අපි නිවසේ කුණු නිපදවනවා. නමුත් එක දවසක්‌ කසළ ලොරිය ආවේ නැත්නම් මොකද වෙන්නේ. මුළු ගෙදර තත්ත්වයම අවුල් වෙනවා. අපි කසළ කඳු හදල ඒවා භාවිත කර කොම්පෝස්‌ට්‌ හදන්න, ජීවවායුව හදන්න, විදුලි නිෂ්පාදනය ගැන කතා කරනවා. නමුත් මීට හොඳම විසඳුම හැටියට අපි දකින්නේ ගෙදරින් එකතුවන කසළ ප්‍රමාණය නැවැත්විය යුතුයි කියන එකයි. කසල එකතුවෙන එක අපිට අඩු කරන්න පුළුවන් නවත්වන්න බැහැ.

    මේ එකතුවන කසළ ටිකත් අපි පිටතට යෑවිය යුතු නැහැ. ඒක සම්පතක්‌ බවට පත් කරල අපි ප්‍රයෝජනවත් යමක්‌ කළ යුතුයි. ඒ සඳහා දැන් ඇති සුදුසුම ක්‍රමය තමයි ජීව වායුව නිපදවීම. ඒ සඳහායි අපි ග්‍රීන් ගෑස්‌ ක්‍රමවේදය හඳුන්වා දුන්නේ. මේක ඉතාම සාර්ථක, ඵලදායි ක්‍රමයක්‌. අපි පරීක්‍ෂණවලින් පසුවයි මෙය වෙළෙඳපළට නිකුත් කළේ. කුණු ප්‍රශ්නය පටන් ගන්න තැනින් එය නවත්වා අපි දැන් බලශක්‌තිය නිෂ්පාදනය කරනවා. මේ සඳහා ගෘහස්‌ත ජීවවායු ජනකය අපි හඳුන්වා දුන්නා. ආර්පිකෝ ග්‍රීන් ගෑස්‌ කසල ප්‍රශ්නය විසඳනවා. ගෙදර බලශක්‌තිය ලබාදෙනවා. කාබනික පොහොර ලබා දෙනවා. පරිසරය ලස්‌සන කරනවා. සමාජ වගකීම් ඉටුකරනවා. මිනිහා පරිසරය ගැන වගකීමෙන් හිතන ජාතියක්‌ බවට පත්කරනවා ඩෙරික්‌ පෙරේරා මහතා සඳහන් කරයි.

    ආර්පිකෝ සමාගම දැන් මෙම ගෘහස්‌ත ජීවවායු ජනන ඒකකය ලීටර් 500 හා ලීටර් 1000 යන ප්‍රමාණ දෙකකින්ම නිකුත් කරයි. ඒ, ලීටර් 5000 ක කර්මාන්ත ප්‍රමාණයේ ටැංකියට අමතරවය. ලීටර් 500 ටැංකිය සිව්දෙනකුගෙන් යුත් පවුලකට මනාව ගැලපේ. ඒ සඳහා (දිරායන) කසල අවශ්‍ය වන්නේ දිනකට කිලෝග්‍රෑම් දෙකක පමණ ප්‍රමාණයකි. නිවසේ ඉතිරිවන බත්, ඉඳුල්, එළවළු, පලතුරු ඉවතලන කොටස්‌ යනාදිය මේ සඳහා අමුද්‍රව්‍යයන්ය. (මේ පිළිබඳ වැඩි විස්‌තර මෙහි පළවන දැන්වීමේ සඳහන් වේ.)

    මෙම ජීවවායු ජනකයේ නිර්මාපකයා ශ්‍රීමාල් තිසේරා මහතා ඒ ගැන කියන්නේ මෙවැනි කතාවකි.

    "දැන් ගෘහස්‌ත මට්‌ටමට ගත හැකි ටැංකි දෙකක්‌ තිබෙනවා. පොඩි පවුලකට ලීටර් 500 හොඳටම ඇති. මේ ජීව වායු ජනකය තවත් ගෙදර ඉන්න සාමාජිකයෙක්‌ කියල අපි හිතන්න ඕන. මගෙ ගෙදර ටැංකියට මගේ දරුවන් ආමන්ත්‍රණය කරන්නේ "පුංචි මල්ලි" කියල. ඒ තරම් ආදරය කරුණාව දක්‌වනවා. මේක ඇතුලෙ ඉන්නෙ ජීවීන් කොටසක්‌. එයාල අපේ ජීවිතේ කොටසක්‌. කෘත්‍රිම කුසක්‌ වගේ. ගෙදර බලු පැටිය වගේ. ගෙදර මාළු ටැංකිය වගේ. ඔවුන්ට උදය හවස කෑම ඕන වගේම මේ ටැංකියටත් අපි උදේ හවස කෑම දිය යුතුයි. ලීටර් 500 ටැංකියට උදේට බත් - ඉඳුල් කිලෝ එකක්‌ , හවසට කිලෝ එකක්‌ දුන්නාම එයා අපිට දිනකට ගෑස්‌ ලීටර් 250 ක්‌ හදලා දෙනවා. දියර පොහොර ලීටර් 15 - 20 දෙනවා. දිනපතා මේ යුතුකම අපි ඉටු කිරීමයි වැදගත්. එතකොට එයත් යුතුකම් ඉටුකරනවා. මොකද මෙයා අපේ පවුලේ සාමාජිකයෙක්‌ නිසා. මේ සඳහා අපට අවශ්‍ය විනයයි. නිවැරදි වේලාවට නිවැරදි දේ කිරීමට ඉගෙන ගත් තැනැත්තාට මේකේ ප්‍රතිඵල අත්දුටුවයි. සත්තයි" තිසේරා මහතා කියයි.

    තිසේරා මහතා කියන පරිදි මෙයට ඇත්තේ ජීවිත කාලයටම වන සුරක්‍ෂිතතාවකි. ජීවිතයටම එකකි. පරම්පරාවක්‌ ගොඩයා හැකිය. කසල ප්‍රශ්නය ගෙදරදීම කළමනාකරණය කර දෙන මෙය සමාජයේ අවශ්‍යතාවයි. සමාජ වගකීම් ඉටුකරයි. මේ සඳහා යොමුවීම ජනතාවගේ යුතුකමයි. ජනතාව මේ සඳහා පෙළගැස්‌වීම බලධාරීන්ගේ වගකීමයි. එවිට කසලවලින් තොර, කසල ගඳින් තොර පරිසරයක්‌ සේම අනාගතය ගැන පහන් සිතිවිලිවලින් යුත් පරිසරය සුරකින ප්‍රබෝධමත් මිනිසුන් දිවි ගෙවන රටක්‌ බිහිකළ හැකිය.

    සමාගම කියන පරිදි ග්‍රීන් ගෑස්‌ ඒකක 150 ට වඩා දැන් දිවයින පුරා ස්‌ථාපිත කර ඇත. අනාගතයේදී ජීව වායුව සෑම නිවසතම අත්‍යාවශ්‍ය අංගයක්‌ බවට පත්වනු නියතය. මේ එම ක්‍රියාමාර්ගයේ පෙර ගමන් යැමයි.





     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කීය දීල ගත්තත් පාඩු වෙන්නේ නැහැ හැබැයි ගෑස් මිල යන උඩ දැක්කහම.ලංකාවේ ගෑස් තියෙනවා කිව්වට ඉතින් ඒවා හම්බ වෙන්නේ චන්ද කාලෙට විතරයි නේ.:D
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015