Green Herb Society

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    61zJT7OeRxL._UX522_.jpg


    චින්තන ධර්මදාස ලියන c-u-l-t බ්ලොග් එකෙන් වැදගත් ලිපි කීපයක් හම්බුනා.මං හිතනවා ගොඩක් අයට වැදගත් වෙයි කියලා.

    හඳට යන්න බය නොවන්න

    ලෝකෙ වැඩියෙන්ම මිනිස්සු මැරෙන්නෙ මත්ද්‍රව්‍ය හින්ද නෙමෙයි. ජාති ආගම් හින්ද මැරෙන ප‍්‍රමාණය ඊට වඩා ගොඩක් වැඩියි. ඒත් මත්ද්‍රව්‍යවලට විරුද්දව කතා කරන ලංකාවෙ කිසිම කෙනෙක් ජාති ආගම්වලට විරුද්දව කතා කරනවා මං අහලා නෑ. ගොඩක් වෙලාවට ඒ අයත් ඒ ඇබ්බැහියෙ කොටසක්. අනික ලංකාවෙ දොස්තරලා තමයි විද්‍යාඥයො විදිහට පෙනී ඉන්නෙත්. එක එක සෞඛ්‍ය වාර්තා පෙන්නමින් ඒ ගොල්ලො මිනිස්සුන්ව ප‍්‍රවේශම්කාරී ජීවිතයකට ගාල් කරන්න හදනවා. ඒක හුදු මධ්‍යස්ත කරුණු කියාදීමක් නෙමෙයි. වෘත්තීය ආධිපත්‍යය, රැුවටීම, මෝඩකම, විද්‍යාව අවිදන්‍ාව හැටියෙන් කියවීම, තග වගේ ගොඩක් කාරණා මතින් කරන දරුණු බුද්ධි පරිහානියක්. සමාජ ජීවිත කොටු කිරීමක්. ජනතාව ගොනාට ඇන්දවීමක්.

    විද්‍යාව කියන එක ඕනෑම මොහොතක පරිණාමය වෙමින් තියෙන දෙයක් කියල මේ විදන්‍ාත්මක පිරිස පිළිගන්නෙ නෑ. ඒක පරම සත්‍යයක් විදිහට තමයි ඒ ගොල්ලො දේශනා කරන්නෙ. සමාජ අරගල විසින් සහ සමාජ පරිණාමයන් විසින් විද්‍යාව වෙනස් කරන වග ඒ ගොල්ලො දකින්නෙ නෑ. උදා විදිහට ලංකාවෙ දොස්තරලා කාලෙකදි කිව්වා සමලිංගික සේවනය කියන්නෙ මොලේ ආබාධයක් කියල. තව වෙලාවක කිව්වා අජිනොමොටෝ ප‍්‍රමුඛතම පිළිකාකාරයකයක් කියල. අවුරුද ගනං ටීවීවල පත්තරවල මේ පචය කෙලිනවා. මිනිස්සු බයවෙලා එම්එස්ජී නැත කියල බෝඞ් අලවනවා. ඒත් මේ වෙද්දි අජිනමොටෝ වලින් පිළිකා හැදෙන්නෙ නෑ. සමලිංගික සේවනය ස්වභාවික මිනිස් චර්යාවක්. ඒත් මේ දේවල් නැවත නිවැරදි කරන්නවත් මේ දොස්තරවරුන් මැදිහත් වෙන්නෙ නෑ. එතකොට තමන්ගේ ස්ථිතික ආගමික විද්‍යාව අභියෝග වෙන හින්ද. මේ මෑතක එක්කෙනෙක් කිව්වා කාමරංගා වලින් වකුගඩු දියවෙනවද කොහෙද කියල. තව කෙනෙක් කියමින් යනවා මස්මාළු කෑවම ජීවිතේ කොට වෙනවා කියල.

    MSG.jpg


    විද්‍යාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියල පෙන්නන්න හදන මේ අයට විද්‍යාව මගඇරෙන්නෙ කොහොමද? සෑම පර්යේෂණයකම ඊට අදාල තාක්‍ෂණික සීමා සහ පරිකල්පන සීමා තියෙන වග ඔවුන් නොදන්නේ කොහොමද? සෑම විද්‍යාවක්ම ඊට අදාල සමාජ වපසරියේ සීමාවන් මත අර්ත කථනය වෙන යතාර්ථයට ඔවුන් අන්ධ වුනේ කොහොමද? ඒක ඉතාම සරල කාරණයක්. ඔවුන්ට විද්‍යාව ලැබෙන්නෙත් ආගමක් විදිහටම නිසා. විද්‍යාව කියන්නෙ ලංකාවට කවුරු හරි කියන දෙයක් තමනුත් කියමින් දැනුමේ ආධිපත්‍යයක් ගොඩනංවා ගන්නවාට වඩා දෙයක් නෙමෙයි. සජීවීව ඒ විද්‍යා පරිණාම ක‍්‍රියාවලියෙ අපි කොටස්කාරයො නෙමෙයි. ලංකාවෙ දොස්තරලා ගත්තොත් ඒ ගොල්ලො වෙන රටවල බෙහෙත් කොම්පැනි නියෝජිතයන්ට වඩා කිසිම වෙනසක් නෑ. ඒ බෙහෙත් හෝ රෝගයන් සම්බන්ධ පර්යේෂණ, මතිමතාන්තර, සංස්කෘතික ගැටුම් ගැන කිසි අවබෝධයක් ඒ අයට නෑ.

    අපි විද්‍යාව දකින්න පුරුදු වෙලා තියෙන්නෙ ආරක්ෂාව මූලික කරගෙන. අපේ පරිස්සමට, සේෆ්ටියට තියෙන දෙයක් නිකං පාවිච්චි කරලා විද්‍යාත්මක වෙන විදිහට. අපි ඇපල් ෆෝන් එකක ඉඳන් කැන්සර් ටී‍්‍රට්මන්ට් වෙනකල්ම කරන්නෙ එච්චරයි. ඩෙංගු පැතිරිච්ච කාලෙ පැපොල් ඉස්ම දෙන එක ගැනවත් විද්‍යාත්මක මධ්‍යස්ත පර්යේෂණයක් කරන්න මේ අයගෙ ඔලූව හැදිලා තිබුනෙ නෑ. අඩුම තරමෙ ක‍්‍රමෝපායක් විදිහට මදුරුවා අත්ඇරලා රෝගියා කොටු කරමු කියන උපන්‍යාසය බාරගන්නවත් ලංකාවෙ දොස්තරලා නිහතමානී වුනේ නෑ. මේ තමයි අපේ වෛද්‍ය විද්‍යාව.

    Feature-Image-for-Cheese-marijuana-strain-review.jpg


    ඒත් වෛද්‍ය විද්‍යාව සහ අනෙක් සියලූ විද්‍යාවන් දියුණු වුනේ ඒ මිනිස්සු තමන්ගෙ සේෆ්ටිය පැත්තකින් තියලා කරපු තියුණු පර්යේෂණවලින්. කිසිම විදිහකට විද්‍යාව කියන්නෙ සේෆ් පාරක යන එකක් නෙමෙයි. හැම තිස්සෙම අභියෝගකාරී, අන්තරායකාරී පාරවල් වලිනුයි විද්‍යාව දියුණු වුනේ. මිනිස්සු පිරිසක් තමන්ගේ ජීවිත කැපකරමින් ඒ සොයාගැනීම් කරන්න ඉදිරිපත් වුනා. ජාතික වීරයො වෙන්න නෙමෙයි. නොනවතින කුතහලයෙන්. අවදානම් බාරගැනීමෙන්. ඒ පිම්ම ගන්න ඔවුන් නිර්භීත වුනා.

    මේ දවස්වල රයන් ගොස්ලින් රගපාන ෆස්ට් මෑන් ෆිල්ම් එක පෙන්නනවා. ඒක නීල් ආම්ස්ට්‍රෝං හඳ මත අඩිය තිබ්බ කතන්දරය. අපිට හඳ කියන්නෙ මොකක්ද? කේන්දරේටයි, කවියටයි, ඉස්කෝලෙ පොතේ හඳගමනටයි වඩා අපි හඳ ගැන දන්නෙ මොනවද? ඒ රටවල මිනිස්සු තමන් සීයට අනූනවයක මිය යාමේ සම්භාවිතාවක් තියෙනවා කියල දැන දැනත් පර්යේෂණ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. නීල් ආම්ස්ට්‍රෝන් හඳට යන්නෙ එහෙම. ඒත් ඒ හඳ උඩ තිබ්බ අඩියෙන් අපි මිනිස් වර්ගයක් විදිහට යෝද පියවරක් තියනවා. අපි විශ්වයේ ඉඳන් නැවත අපි දිහා බලනවා. ඒක ලොකු වියදමක් සහ අවදානමක් දරලා අපි ගත්ත පර්ස්පෙක්ට් එකක්. ඒත් අපි හඳ දිහා බලාගෙන කේන්දර හදනවා. කවි ලියනවා. බාර් එකක ඉඳගෙන හඳට ගිය එක්ක ඇත්තක්ද බොරුවක්ද කියල වාද කරනවා. අපිට ඒ මිනිස් ප‍්‍රයත්නය මගඇරෙනවා. අපිට ඒ නොනිමෙන කුතුහලය මගඇරෙනවා. අපිට මිනිස්සු විදිහට අපි අඩියක් ඉස්සරහින් තියල ගත යුතු අවදානම මගඇරෙනවා.

    මිනිස්සු එවරස්ට් නගින්නෙත් එහෙමයි. මැරෙන්න පුළුවන් වග දැන දැන. නොමැරෙන ශක්තිය තහවුරු කරන්න. රේඩියම් හොයාගත්ත මාරි කියුරි රේඩියේෂන්වලට එක්ස්පෝස් වීමෙන් ලෙඩ වෙලා මැරෙනවා. අයිසෙක් නිව්ටන් ඇසේ ආලෝක ක‍්‍රියාවලිය තේරුම් ගන්න තමන්ගේ ඇහැට ඉඳිකටුවකින් ඇනගන්නවා. හොෆ්මන් එල්එස්ඞී හොයාගත්ත ගමන් කටේ දාගෙන බලනවා. සොක‍්‍රටීස් සමාජයට අහිතකර යැයි පාලකයන් විසින් නියම කරපු අදහස් ගැන සමාව නොයැද වහ බීලා මැරෙනවා. විද්‍යාව හැමතිස්සෙම අවදානම්කාරී ඉදිරි පියවර ගන්නවා. විද්‍යාව කොයිම වෙලාවකවත් ආරක්ෂාකාරී පැරණි දෙය මත පිහිටන්නෙ නෑ.

    ඒත් ඒ විද්‍යාත්මක සමාජයක ජීවත් නොවුනු අපි නිතරම උත්සාහ කරන්නෙ විද්‍යාවෙ පිහිටෙන් අපේ ලෙන්ගත ආකල්ප පරිස්සම් කරන්න. බුද්දාගම විද්‍යාත්මකයි වගේ කතා කියන්නෙ එතකොට. අපිට විද්‍යාව ආගමිකයි.
    මත්ද්‍රව්‍ය ගැන කතිකාවෙදි මේ කාරණය හොඳටම කැපිලා පේනවා. කංසා නීතිගත කරද්දි විද්‍යාවෙ නාමයෙන් එහි අහිතකර තත්වයන් ගැන සීමිත පර්යේෂණ ගොනුකරනවා විනා මෙය ඇල්කොහොල් වලට වඩා හානියෙන් අඩුයි කියන එක සඳහන් කරන්නෙ නෑ. මුලින් කංසා යනු උමතුව ඇති කරන්නක්ය, අපරාධ වැඩි කරන්නක්ය ආදී වශයෙන් විද්‍යාත්මක විදිහට ඉදිරිපත් කරපු අදහස් මේ වෙද්දි වෙනස් වුනු හැටි කියන්නෙ නෑ. ඒ විද්‍යාත්මක පිළිගැනීම්වලට විරුද්ධව කෙරෙමින් තියෙන පර්යේෂණ ගැන මතක් කරන්නෙ නෑ. ඇත්තෙන්ම අවශ්‍යතාවය තියෙන්නෙ තමන්ගේ ඔලූව ඇතුලෙ කංසා ගැන තියෙන ආදිකල්පික මතය ආරක්ෂා කරගන්න. කොයිම වෙලාවකදිවත් එල්එස්ඞී යනු මෙතෙක් විද්‍යාත්මකව කිසිදු හානියක් සිදුවෙනවා යැයි සොයා නොගත් තහනම් මත්ද්‍රව්‍යයක් වග ලංකාවෙ කිසිම විද්‍යා භවතෙක් කොතනවත් කියන්නෙ නෑ. ඒ අයගෙ විද්‍යාව ආගමික සදාචාරයෙන් සීමිතයි.

    ඒ වගේම සම්මත සදාචාරය අභියෝග නොකරන කිසිම මනසක් විද්‍යාත්මක නෙමෙයි. අන්න එතනදි නම් අපේ විද්‍යා ප‍්‍රවීනයන්ට බුදුන්ගේ කාලාම සූත‍්‍රයෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. කාලාම සූත‍්‍රය කංසාවලට ඇප්ලයි කළාම වෙන්නෙ මෙහෙමයි.

    කංසා ගැන,
    දිගින් දිගටම කවුරුන් හෝ කියනවා ඇහුවා කියල බාරගන්න එපා
    පරම්පරාවෙන් ඉතිහාසෙන් ආවා කියල බාරගන්න එපා
    ඔ්පාදුප නිසා බාරගන්න එපා
    පොත්වල තිබුනා කියලා බාරගන්න එපා
    හිතලා බලලා, උපකල්පනය කරලා බාරගන්න එපා.
    සමාජයේ පිළිගන්න සත්‍යය කියල බාරගන්න එපා
    රැුවටෙනසුලූ තර්ක නිසා බාරගන්න එපා
    නිතර නිතර ඔබ විසින් සිතා බැලූ කාරණාවලට එකග නිසා බාරගන්න එපා
    කාගේ හෝ ප‍්‍රභාවක්, උගත්කමක් විශ්වාස කරලා බාරගන්න එපා
    ශ‍්‍රමනයෙක් හෝ කෝට්කාරයෙක් කිව්වා කියලා බාරගන්න එපා
    ඔබ විසින්ම අත්හදා බැලීමෙන්, මෙය හොඳය, මෙයට අවමන් නොකල යුතුය, මෙය ප‍්‍රඥාවන්තයන්ට සුදුසුය, මෙයින් සාමය සහ සතුට පැතිරෙයි. හොඳින් පාවිච්චි කිරීමෙන් අවබෝධය ලැබීමි. යන නිශ්චයට පැමිනි පසු කංසා බාරගන්න.

    මෙය කංසා සම්බන්ධයෙන් විතරක් නෙමෙයි අපි කිසිම දහඩියක් මහන්සියක් නොහෙලා නොමිලේම ආරක්ෂිත නිසා බාරගනිමින් ඉන්න ඕනෑම සත්‍යයක් පිලිගැනීමක් සම්බන්දයෙන් අදාලයි. ජාතියක් විදිහට අවදානමක් බාර අරගෙන අලූත් ටෙරිටරියක් උත්සාහ කර නොබලන තාක් කල් අපි මිනිස් වර්ගයා පැත්තෙන් ගත්තොත් ලෝකෙට බරක්.
     
    Last edited:
    • Like
    Reactions: spunkyisii

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    කැනඩාවෙ නිදහස් මරිජුවානා සුවඳ

    What-Canada-Can-learn-from-California-about-Cannabis-Legalization.jpg


    කැනඩාවෙ කංසා පාවිච්චිය නීතිගත කළා. ඒ කියන්නෙ අරක්කු සිගරට් වගේම තමන්ගේ පුද්ගලික තෝරා ගැනීමක් විදිහට කංසා පාවිච්චි කරන්න ඒ රටේ මිනිස්සුන්ට නිදහස ලැබුනා. මෙතනදි අරක්කු සිගරට් වගේ කිව්වම ලංකාවෙ අරක්කු සිගරට් එක්ක සංසන්දනය කරලා හිතාගන්න එක වැරදියි. එහේ අරක්කුවලට මෙහේ වගේ සදාචාරාත්මක ආගමික තහංචි නෑ. හොරෙන් හංගං බොන්න දෙයක් නෑ. පෝයට වහනවා වගේ විකාර නෑ. ගෑනුන්ට දෙන්නෙ නෑ වගේ ඩිස්ක‍්‍රිමිනේෂනුත් නෑ. ඒවා මිනිස්සු තමන්ගේ කැමැත්ත අනුව පාවිච්චි කරන සාමාන්‍ය මත්ද්‍රව්‍ය. ඒ පාවිච්චියෙන් අනුන්ට වෙන කරදර අවම කරන්න විතරක් ආන්ඩුවලින් පියවර ගන්නවා. ඒ විදිහටම කංසා ඉදිරියෙදි සාමාන්‍ය පාවිච්චියක් වෙනවා. මං දන්න විදිහට අවශ්‍ය ප‍්‍රමානය ඇනවුම් කළාම ආන්ඩුවෙන් තැපැල් කරලා ගෙදරටම එවනවා. කංසා වලින් බීම ජාති, කෑම ජාති, ආලේපන වගේ ගොඩක් අංශ දියුණු වෙනවා. අලූත් කර්මාන්ත ඇති වෙනවා. රස්සා ඉපදෙනවා.

    ඒ අතරෙදි අපි පුකක් පෙන්නුවා කියලා කොල්ලො ටිකක් ඇප නැතුව හිරේ දානවා. බිකිනි ඇඳන් පාරෙ යන්න තහනම් කරනවා. අක්කර ගනං කංසා හේන් පුච්ච පුච්ච ටීවී එකේ පෙන්නනවා. අපේ මෝඩකම අපි සෙලිබ්‍රේට් කරනවා. පෙනි පෙනී ආර්තිකයක් ගිනි තියනවා.

    images


    ගැලරියේ විසිල් එකට රටක නීති ප‍්‍රතිපත්ති හදන එක නමන එක විහිලූවක්. මෝඩචූන් දෙමින් අඳබාල සමාජයක් හැටියට ලෝකෙට විහිලූ සැපයීම ගැන රටක පුරවැසියො ලැජ්ජා වෙන්න ඕන. ඒ වෙනුවට ඉදිරිගාමී ප‍්‍රතිපත්ති වෙනුවෙන් ගැලරිය දැනුවත් කරන ව්‍යාපාර අහිමි වීම ගැන කණගාටු වෙන්න ඕන. ඒත් අපේ රටේ මිනිස්සු වෙනස්. මුල් පුරවැසියා පටන්ම අපි මෝඩකම සංස්කෘතිය කරගත් ජාතියක්.

    මුලින්ම රටක් විදිහට තමන්ගේ පුරවැසියන් වැඩිහිටියන් හැටියට දකින පර්ස්පෙක්ට් එකක් තිබීම වැදගත්. අපේ රටේ හැමෝම හිතන්නෙ මේ රට කියන්නෙ ළමා සමාජයක් කියල. තමන් කළ යුතු සහ නොකළ යුතු දේ ආන්ඩුවෙන් කියල දෙන්න ඕන කියල. හිතකර අහිතකර දේ ගැන දැනුවත් කිරීම් හරහා තමන්ගේ තෝරාගැනීමක් කරන්න රටේ මිනිස්සුන්ට නිදහස තිබිය යුතුයි කියන වැඩිහිටි අදහසක් ආන්ඩුවට නෑ. අනෙක් පැත්තෙන් එහෙම නිදහසක් බාරගන්න සමාජයත් බයයි. ඒ රටවල ඔහොම වුනාට අපේ රටේ නං වෙන්නෙ ලොකු විනාසයක් වගේ ලැජ්ජා නැති කතා කියන අය බහුලයි. තමන් ඇරෙන්න අනිත් හැමෝම මෝඩයි කියල හිතන සිතුවිල්ලෙන් ගහනයි.

    popular-weed-strains__FocusFillWzExNzAsNjU4LCJ5Iiw2MV0.jpg


    මගේ ජීවිතයේ විඳිය යුතු දේවල් තෝරා ගැනීමේ නිදහසක් මට නැති වීම ගැන මට තියෙන්නෙ ලැජ්ජාවක්. වයස්ගත වෙනතුරුත් අවුරුදු දහඅටට අඩු පිලිගැනීමක් ලැබීම ආඩම්බරයට කාරණයක් නෙමෙයි. ඒත් රටේ බහුතරය හිතන්නෙ කවුරුන් හෝ විසින් අපිව පාලනය කරමින් යා යුතු මග කියා දිය යුතුයි කියල. දොස්තරලා, පූජකයො වගේම ආන්ඩුවත් කරමින් ඉන්නෙ මේ අප්පච්චිගෙ පාර්ට් එක.

    මත්ද්‍රව්‍යයක් ගැන මං සැලකිල්ලට ගන්න ප‍්‍රධාන කාරණය වෙන්නෙ ඒ මත්ද්‍රව්‍ය වටා නිර්මාණය වෙලා තියෙන සංස්කෘතිය. උදා විදිහට හොරොයින් සංස්කෘතිය අතිශයින් විනාශකාරීයි. ඒත් කංසා වටා තියෙන සංස්කෘතිය මොකක්ද? ඒක සාමය කේන්ද්‍රීය එකක්. සෞන්දර්ය වටා නිර්මාණය වෙලා තියෙන එකක්. ආර්ට් ඉන්ස්පයර් කරන එකක්. ආදරය උපද්දන එකක්. එතකොට ඇයි එවන් සංස්කෘතියකට මෙවන් තහනමක්?
    ලංකාව කියන්නෙ ආදරය තහනම් රටක්. ආයුද තියාගන්න එකට වඩා වෙරලක ලව් කරන එක වැරැුද්දක් වුනු රටක්. ඒ නිසා කංසා වගේ සංස්කෘතියක් ලංකාවට නොගැලපීම වෙන්න පුළුවන් දෙයක්.

    අනෙක ලංකාව දුවන්නෙ ඇල්කොහොලික් සංස්කෘතියක. ගහගන්න, බැනගන්න, අනිත් ජාතීන් එක්ක ඇවිලෙන්න බලන් ඉන්න ආධ්‍යාත්මයක. කංසා කියන්නෙම ඒ සංස්කෘතියෙ ප‍්‍රතිවිරෝධය. බාර ගැනීම, වැළඳ ගැනීම, බෙදා ගැනීම යෝජනා කරන රසායනිකය. එතකොට අපේ ජාතිය ආගම අර්බුදයට යන්න පුළුවන්. විකුනාගත හැකි බෙදුම්වාදය ප‍්‍රශ්න වෙන්න පුළුවන්. ඒ වගේම ආධ්‍යාත්මික මාර්ග විදිහට දැනට ආගමික සංස්ථාවන් ගෙනියන ප‍්‍රචන්ඩත්වයට මුලාවට මිනිස්සු විරු්දද වෙන්න පුළුවන්.
    කංසා කියන්නෙ ආධ්‍යාත්මික මාර්ගයක්. මනස ඇතුලට නැඹුරු කරන, සිතුවිලි ගැන සවිඥානක බව වැඩි කරන ඖෂධයක්. සංස්ථාපිත ආගම් මිනිස්සුන්ගෙ ස්වයං ආගමිකත්වයට විරුද්ද වෙන එක අහම්බයක් නෙමෙයි.

    ගගනගාමියෙක්, අභ්‍යවකාශ විද්‍යාඥයෙක් වුනු කාල් සේගන් කංසා ගැන මෙහෙම කියනවා.

    ‘කංසාවලට පනවා ඇති තහනම විකාරයක්. වේගයෙන් උමතුව සහ අන්තරාය කරා යන මේ ලෝකයට අවශ්‍යම සවිඥානකත්වය, සංවේදීතාවය සහ සහෝදරත්වය පිරුනු සාමකාමී හැගීම් වෙනුවෙන් මේ මත්ද්‍රව්‍යයේ හැකියාව පාවිච්චි කරන්න දරුණු බාධාවක්.’
    කාල් සේගන්.

    නාසා එකේ වැඩකරද්දි අත්සන් කරන්න සිද්ද වෙන ගිවිසුමක් එයා ප‍්‍රශ්න කරනවා. ඒකෙ තියෙන්නෙ කිසිදු මත්ද්‍රව්‍යයක් පාවිච්චි නොකරමි කියල.

    ‘‘අනෙක් අපරාධ එක්ක බලද්දි මේක කොහෙත්ම නොගැලපෙන තරමෙ එකක්. උදා විදිහට අපි අපේ සහෝදර කාර්ය මණ්ඩලය මරණයට පත් කරන්නෙ නෑ කියල කොතනවත් පොරොන්දු වෙන්නෙ නෑ..’’ සේගන් මේ විකාරරූපීබව ප‍්‍රශ්න කරනවා.

    කාල් සේගන් දිනපතා මරිජුවානා පාවිච්චි කරනවා. අන්තිම කාලෙදි එයා පිළිකාවකින් දරුණු විදිහට පීඩා විඳිද්දි කංසා එයාගෙ වේදනාව වගේම ජීවිතේ ඉතුරු දවස් ගැන ප‍්‍රීතිමත් හැගීම් ඇති කරන්න උදව් වුන හැටි එයාගෙ බිරිඳ සටහන් කරනවා. බිරිඳගේ නම ඈන් ඞ්රුයාන්. කංසා පිළිබඳ නීති ප‍්‍රතිසංස්කරණය වෙනුවෙන් වූ ජාතික සංවිධානයේ එයා සභාපතිනිය. පවුල් අතර ආදර සබඳතා වැඩිදියුණු කරන්න කංසා යොදා ගැනීම ගැන ඈන් ගොඩක් උනන්දු වෙනවා.

    ‘‘මට කංසා කියන්නෙ පවුලේ ආදරය වෙනුවෙන් බුද්දිමත්ව පාවිච්චි කළ යුතු සෙක‍්‍රමේන්තුවක්’’
    ඈන් කියනවා.

    විද්‍යාවෙන් මෙහෙයවෙන සමාජයක් කියන්නෙ වඩා බුද්දිමත් ප‍්‍රතිපත්තිමය තෝරා ගැනීම් කරන එකක් කියල සේගන් විශ්වාස කළා. ඒත් අපිට කලබල වෙන්න දෙයක් නෑ. ලංකාව කියන්නෙ කොහොමත් මෝඩ තෝරාගැනීම් කරන අවිද්‍යාවෙන් මෙහෙයවෙන සමාජයක්.

    ඒ හින්ද අපි ලෝකෙ අනිත් ඔක්කොම රටවල් කංසා නිදහස් කළත් කංසා තහනම් එකම දහම් පාසැල් සමාජය විදිහට දිගටම ඉන්න ට‍්‍රයි කරමු.

    කැනඩාවෙ නිදහස් මරිජුවානා සුවඳ
    විඳිනවා සිරගත දූපතක සිට
    හැමදාම අපි ඉන්නෙ නීතියෙන් පිට
    සාමයයි කොලපාට මුනිවරයි වරද
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    කංසා කියන්නෙ නිදහස

    30712931_10156139471080185_6461753407318960287_n.jpg


    කංසා නීතිගත කිරීම ගැන මට තියෙන්නෙ පුරවැසියෙක් හැටියට මගේ නිදහස, අයිතිය සහ ගෞරවය සම්බන්ද එකක්. මම කැමැත්තෙන් පරිභෝජනය කරන මොනම භාන්ඩයක් හෝ සේවාවක් සමාජයට හානිදායක නොවේ නම් ඒක තහනම් කරන්න, පරිභෝජනය සීමා කරන්න ජනතා කැමැත්තෙන් පත්වුනු රජයකට සදාචාර සම්පන්න අවසරයක් නෑ කියන එකයි මගේ පිලිගැනීම. පුරවැසියෙක් විදිහට මගේ කැමැත්තට එරෙහිවීම, ඒ වෙනුවෙන් දඩුවම් පැමිනවීම, එය වරදක් කරගනිමින් පීඩා පැමිනවීම කියන්නෙ වැඩිහිටියෙක් ලෙස මගේ ගෞරවය, නිදහස අයිතිය කියන කාරණා ගැන ප‍්‍රශ්න ඇති කරන තත්වයක්. රජයක් කියන්නෙ මට ජීවත්විය යුතු ආකාරය කියල දෙන්න ආපු ආයතනයක් නෙමෙයි. ආන්ඩුවකින් හෝ පොලිසියකින් මගේ විනය හදන්න ඕන කියල මං විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසා කංසා හෝ වෙනත් ඕනෑම මත්ද්‍රව්‍යයක් විසින් සමාජයේ අනෙකාට හිරිහැරයක්, පීඩාවක් ඇති කරනවා කියල ප‍්‍රමාණවත් සාක්ෂි නැතුව එය පාවිච්චිය වරදක් කිරීම රජයක බලහත්කාරයක්. පුරවැසියෙක් හැටියට මට කරන අවමානයක්.

    bigstock-Rolling-A-Joint-77044475.jpg


    මම ඒ මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරනවා වෙන්න පුළුවන්. ඒත් මට හෝ වෙනත් කිසිම කෙනෙකුට එය පාවිච්චි කිරීමට කෙනෙකුට ඇති අයිතිය උදුරාගන්න බෑ. සියලූ මත්ද්‍රව්‍යයන් කියන්නෙ මනසේ විවිධ තලයන්වල සැරිසැරීමට තියෙන ප‍්‍රවේශපත‍්‍ර. රොකට්ටුව, ගුවන් යානය, සබ්මැරීනය වගේම මනස ඇතුලෙ එහේ මෙහේ යාත‍්‍රා කරන්න තියෙන මාර්ග. ඒ ගැන පැනවෙන හැම තහංචියක්ම විවිධ රටවල දේශයන්වල සැරිසැරීමට අපිට ඇති අයිතිය පැහැර ගැනීමක් හා සමානයි.

    රජයක් විසින් කළ යුත්තේ ඒ මත්ද්‍රව්‍යයේ ඇති හානි පිළිබඳ පුරවැසියන් දැනුවත් කිරිමේ ප‍්‍රවේශයන් ගන්න එකයි. හානි අවමවන තාක්ෂණයන් සහ ක‍්‍රමවේදයන් හඳුන්වාදෙන එකයි. ඒ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයන් දිරිමත් කරන ක‍්‍රියාමාර්ග නොගැනීමයි. ඒක පාවිච්චි කරනවද නැද්ද කියන එක වගකීමක් ඇති පුරවැසියන් විසින් කරගත යුතු දෙයක්. රජයක් අවශ්‍ය නෑ තාත්තගේ වැඬේ කරන්න. අපේ රටේ කාලෙක ආණ්ඩු කරන්න අප්පච්චි කෙනෙක් ඕනවෙලා හිටියට ඒක රජයක කාර්යය නෙමෙයි.

    2483715-36977282.jpg


    ඒත් ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ද නොයෙක් හේතු කියමින් ලෝකෙ පුරාම රජයන් මත්ද්‍රව්‍ය තහනමට වැඩ කරනවා. මේ නීති හරහා දඩ ගැසීමේ සහ සිරගත කිරීමේ සිට වෙඩි තබා මරා දැමීම දක්වා පීඩනයන් ජනතාව මත මුදාහරිනවා. ඒ හරහා පුරවැසියන්ගේ නිදහස නෙමෙයි ජීවිත පවා ඍජුව අවතක්සේරු කරනවා විතරක් නෙමෙයි වක‍්‍රව ඒ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට සහ බෙදා හැරීමට පාතාල ක‍්‍රමවේදයන් නිර්මාණය වෙන්න අවශ්‍ය තත්ව සම්පාදනය හරහා ජන ජීවිත අවදානමේ හෙලනවා. මත්ද්‍රව්‍ය තහනම වෙනුවට කළමනාකරණය කියන ප‍්‍රවේශය ගන්න රජයන් පරිනත වුනා නම් ලෝකෙ පුරාම පාතාල ක‍්‍රියාදාමයන් බොහොමයක් අවම කරගන්න තිබුන. ඒත් ආන්ඩු සහ තහනම් ව්‍යාපාර අතර ඞීල් එක වෙනස්. ඒක ඇත්තටම ජනතා සුබසාධනය සම්බන්ද කාරණයක් නෙමෙයි. ලාබය සම්බන්ද කාරණයක්.

    උදා විදිහට ඉතිහාසයේ කිසිම දවසක කංසා ඕවර්ඩෝස් වීමෙන් සිද්ද වුන මරණයක් ලෝකෙ කොතනකින්වත් වාර්තා වෙලා නෑ. ඒ වෙනුවට අනුමත ඖෂධ ඕවර්ඩෝස් වීමෙන් අවුරුද්දකට 40,000ට ආසන්න පිරිසක් මැරෙනවා. ඒත් කංසා පාවිච්චිය නීති විරෝදී කරලා හානි සිදුවෙන බවට සාක්ෂි තියෙන ඖෂධ නිදහස් කරනවා.

    විශේෂයෙන්ම කංසා ගත්තොත් ඒකෙන් සිදුවෙනවා කියල කියන හානිය පවා දුම්කොල සහ ඇල්කොහොල්වලට වඩා බෙහෙවින්ම අඩුයි. කංසා වලට කෙනෙක් ඇබ්බැහිවෙන්න තියෙන්නෙ 0.91ක ඉඩක් විතරයි. ඒ කියන්නෙ ඇබ්බැහියක් නෑ කියන එකයි. ඒත් නීතිගත සිගරට් වලට කෙනෙක් ඇබ්බැහිවීමේ ප‍්‍රතිශතය 30%ක් වෙනවා. ඒක කොකේන් තරමෙම ඇබ්බැහියක්. කොටින්ම මහා මත් රකුසා කියන හෙරොයින්වලට කෙනෙක් ඇබ්බැහිවෙන ඉඩකඩ තියෙන්නෙත් 5%ක් විතරයි. ඒත් සිගරට් නීතිගතයි. කංසා නීති විරෝධීයි. මේ තහනම පිටිපස්සෙ තියෙන්නෙ කොහෙත්ම මිනිස්සුන්ගෙ සෞඛ්‍ය සම්බන්ද කාරණා නෙමෙයි. අපේ වගේ රටක නං ඔහේ වෙන රටවල් කරන දේ කරගෙන යාමක් විතරයි.

    කංසා කියන්නෙ තහනම් කළ යුතු ශාඛයක් නෙමෙයි වහවහා වගා කළ යුතු ශාඛයක් කියන එකට ලෝකෙ පුරාම විවිධාකරයෙන් ජනතා හ`ඩනැගීම් සිද්ද වුනා. පිළිකා රෝගීන් වෙනුවෙන් කංසා මගින් ලබා දිය හැකි ප‍්‍රතිකාරවල පටන් ආතතිය ලිහිල් කිරීමට, ග්ලූකොමා රෝගීන්ට, දියවැඩියාවට ආදී එකීනොකී අටඅනූවක් ලෙඩවලට කංසා මගින් නිපදවිය හැකි ඖෂධ ගැන පර්යේෂණ කෙරුනා. බොහොමයක් ධනාත්මක ප‍්‍රතිඵල ලබාගත්තා. ඒ වගේම අනෙක් පැත්තෙන් කංසාවලට විරුද්දව සෞඛ්‍ය බලධාරීන් විසින් ගතානුගතිකව ගොඩනගාගෙන සිටි කාරණා උන්මත්තක වීමේ සිට අපරාධවලට යොමුවීම, ගේට් වේ ඩ‍්‍රග් එකක් හැටියට ක‍්‍රියාකාරීම වගේ දේවල් පදනම් විරහිත බව ඔප්පු කෙරුණා.

    උදා විදිහට අපරාධකරුවො ගත්තොත් ලෝකෙ පුරාම වුනත් කංසාවලට හෝ වෙන මොනම ඩ‍්‍රග් එකකටත් වඩා සිගරට් සහ ඇල්කොහොල්වලට සමීප අය. කංසා වගේ දෙයක් නීති විරෝදී හින්ද නීතියට එපිටින් තියෙන සමාජ පරිසරවල වැඩිපුර සැරිසරන ඉඩකුත් ස්වභාවිකව තියෙනවා. මේ දේවල් එක්ක තාර්කිකව බැලූවොත් කංසාවලට වඩා ඇල්කොහොල් හෝ ටොබැකො අපරාධවලට සම්බන්දයි කියලයි නිගමනය කරන්න වෙන්නෙ. ඒත් කංසා එතනට සම්බන්ද කිරීම මිනිස්සුන්ව දැන දැන නොමග යැවීමක්.
    ගේට්වේ ඩ‍්‍රග් එකක් කියන කාරණය වුනත් මෙහෙමමයි. බොහොමයක් මත්ද්‍රව්‍ය වර්ග පාවිච්චි වෙන්නෙ ඇල්කොහොල් එක්කයි. ඒත් ඇල්කොහොල් ගේට්වේ ඩ‍්‍රග් එකක් විදිහට ගන්නෙ නැති සෞඛ්‍ය ලොක්කො එහෙම කිසිදු සාක්ෂියක් නැති කංසා ගැන එහෙම භීතියක් මවනවා. භීතිය හරහා තහනම සාධාරණීකරනය කරනවා.
    \
    කංසා ගත්තොත් මත්ද්‍රව්‍යයක් විදිහට මෙහෙම අපවාදයට සහ අපකීර්තියට බඳුන් කරන්න කලින් දීර්ග ආධ්‍යාත්මික ඉතිහාසයක් තියෙන ගහක්. ආයූර්වේදයට වගේම භාවනාවට කංසාවලින් කොහෙත්ම වෙන්ව පවතින්න බෑ. කංසාවලට ත්‍රෛලෝකවිජයා කියන නම හැදෙන්නෙම ඒ තියෙන ආධ්‍යාත්මික ශක්තිය මුල් කරගත්ත කාරණා හරහා. මේ ආසියාතිකව ඇති ආධ්‍යාත්මික උරුමයත් බටහිර කංසා තහනම හරහා අපේ රජයන් අපෙන් උදුරාගත්තා. ඒක ඇත්තටම රජය විසින් කරපු අපරාධයක් හැටියටයි ගන්න වෙන්නෙ.

    කංසා තහනම උඩ රටේ කීදෙනෙක් අත්අඩංගුවට ගන්නවද? හිරගෙවල්වල දානවද? තහනමේ බොරු කණ්ණාඩි ගලවලා බැලූවොත් වෙලා තියෙන්නෙ ගහක් වවපු සාමාන්‍ය මිනිහෙක් අපරාධකාරයෙක් හැටියට හංවඩු ගැහීමක්. සමාජයට හානියක් නොකළ කවුරුන් හෝ මිනිහෙක් වරදකාරයෙක් කිරීම හරහා ඔහුට හෝ ඇයට පාතාල ජීවිතයක් ගත කරනවා විනා වෙනත් විකල්පයක් අහිමි කිරීමක්. හිරගෙවල් කියන්නෙ අපරාධකරුවන් නිර්මාණය කරන විශ්ව විද්‍යාල මිස පුනරුත්තාපන ආයතන නෙමෙයි. කංසා තහනම හරහා නිකරුනේ සාමාන්‍ය මිනිස්සු අපරාධකාරයන් බවට පත්කරනවා.
    ඒ වගේම මේ නඩු සහ හිරගෙවල් පුරවමින් පවත්වාගෙන යන්න සිද්ද වෙන වියදම්. මේවා ඇත්තටම ජනතා මුදල් නාස්ති කිරීම් විතරයි. සමාජයට හානිදායක නොවෙන යම් නිෂ්පාදනයක හෝ සේවාවක යෙදීම වරදක් කරමින් ඒ මිනිහට ලේබල් ගසමින් දඩුවම් කරන්නට මිනිස්සුන්ගෙ බදු සල්ලිම වියදම් කිරිම තකතීරුකමක්. කංසා තහනම ඉවත් කිරීම හරහා මේ වියදම් කපාහැරීමෙන් රජයට ලොකු ඉතිරියක් කරන්න පුළුවන් වෙනවා.


    ලෝකෙ පුරාම කංසාවලට පක්ෂ විද්‍යාත්මක සොයාගැනීම් එක්ක සමගාමීව රජයන් විසින් කංසා නීතිගත කිරීමේ රැුල්ලක් පැතිරෙන්න පටන් අරන්. මේක කංසා රැුල්ලකට වඩා ඇත්තටම ආර්තික රැුල්ලක්. මේ හරහා නීතිගත කරන රටවල් අනෙක් රටවලට නැති අවසරයකින් විශාල ලාබ උපයන්න පටන් ගන්නවා. ඇම්ස්ටර්ඩෑම් කියන්නෙ කාලෙකට කලින්ම මේ නිදහස ලබාදෙමින් තමන්ගේ ආර්තිකය පුළුල් කරගත්ත රටක්. ලෝකෙ හැම රටක්ම මේ නිදහස ලබාදුන්නට පස්සෙ අන්තිමට මේක කරන්න බලන් ඉන්න ලංකාව වගේ රටක් ඇත්තටම කරමින් ඉන්නෙ රත්තරං වටින අවස්ථාවක් දිහා ඇස්කන් පියාගෙන බලන් ඉන්න එකයි.

    කංසා පදනම් කරගත්ත ඖෂධ නිෂ්පාදනයට වගේම කඩදාසි (මුල්ම බයිබලය මුද්‍රණය වුනෙත් කංසාවලින් නිෂ්පාදිත කඩදාසි මතයි), කඹ, රූපලාවන්‍ය නිෂ්පාදන ආදී හිතාගන්නවත් බැරි තරම් අලූත් නිෂ්පාදනය තොගයකට දොරවල් ඇරෙනවා. මේ අලූත් ඉල්ලූම වෙනුවෙන් විශාල වගාකිරීමක් අවශ්‍ය වෙනවා. මේ වගාවට ඉදිරිපත් වෙන රටවල් ලාබ උපයනවා.

    5aaa88c819b22795.jpg


    ඒ වගේම මේ නිදහස හරහා විශාල සංචාරක ආකර්ශනයක් ලැබෙනවා. කංසා පදනම් කරගත්ත ආහාරපාන, මනස නිවන විවේකාගාර ආදී අලූත් ප‍්‍රවේශයක් සංචාරක කර්මාන්තයට නිර්මාණය වෙනවා. මේ වෙනුවෙන් ඇදෙන විශාල විදේශිකයන් පිරිසක් විශේෂයෙන්ම අපේ වගේ නිවර්තන කලාපීය ¥පත් වලට නිවාඩු ගත කරන්න එනවා. මේ ආශ‍්‍රිතව නිර්මාණය වෙන ආධ්‍යාත්මික කලාපයනුත් මේ සංචාරක ව්‍යාපාරයට එකතු කිරීමක් වෙනවා.

    මේ වගාවන් හරහා මෙතෙක් ආර්තිකයේ නොපැවතුණු රැකියා රාශියක් අලූතෙන් උත්පාදනය වෙනවා. ලෝකෙ පුරා කංසා නීතිගත කරපු රටවල මේ රැකියා වෙනුවෙන් විශාල ඉල්ලූමක් ඇතිවෙමින් තියෙනවා. ග්‍රෝ මාස්ටර්ස්ලා, ඒ කියන්නෙ නොයෙක් ප‍්‍රබේදවල කංසා වවන එක බාර කට්ටිය, ස්ටෝර් මැනේජර්ස්ලා, කංසාවලින් රසායන එක්ස්ට‍්‍රැක්ට් කරන ටෙක්නීෂියන්ස්ලා, බඞ් ටි‍්‍රම් කරමින් පැලය රැුකබලාගන්නා පිරිස්, කංසා ව්‍යාපාර අයිතිකරුවන් ආදී නව රැුකියා ක්ෂේත‍්‍රයක් මෙතන විවෘත වෙනවා. මං වුනත් කංසා නීතිගත කරපු දවසක මේ හැම දෙයක්ම නවත්තලා මගේම කංසා වගාවක් පටන් ගන්නවා. ඒ සම්බන්ද ප්‍රොඩක්ට් සීරීස් එකක් නිර්මාණය කරනවා. ඒක තමයි මගේ හීනෙ. ආණ්ඩුව මෝඩයෙක් වගේ මේ වෙලාවෙ මගේ හීනෙට හරහට ඉන්නවා.

    කංසා කියන්නෙ තහනම් කරන්න නෙමෙයි පර්යේෂණ පවත්වමින්, විවිධ ඇවනියු නිර්මාණය කරමින් වහාම වගා ආරම්භ කළ යුතු ශාඛයක්. පාඩු ලබමින් අක්කර ගනං කුඹුරුවලට නාස්ති කරනවා වෙනුවට රජය ඉදිරි දැක්මකින් යුතුව වහාම මේ ආර්තික ප‍්‍රතිලාබය ජනතාවට අත්කර දෙන්න පියවර ගත යුතුයි. ඒ වෙනුවෙන් විරුද්දව නැගෙන සාම්ප‍්‍රදායික අතාර්කික මතයන් පරාජය කරන්න දැනුවත් කිරීම් ආරම්භ කළ යුතුයි. ජනතාව හැටියට නිදහස් මනසකින් යුතුව අපි කංසා නීතිගත කිරීම වෙනුවෙන් දිගටම රජයට බලකළ යුතුයි. ආසියාතික කලාපයේ අනෙක් රටවලට කලින් මේ නිදහස ලබා දීම හරහා අපට දිනාගත හැකි සුවිශේෂතාවයන් වෙනුවෙන් මේ ගමන වේගවත් කළ යුතුයි.