ජිම් එකේ පොඩි නමක් තිබ්බ මට ඩිෆෙන්ස් ආර්ට් ප්‍රැක්ටිස් කරපු හින්ද. මට වඩා සෑහෙන්න කාලයක් ගහල හොඳ මසල් මාර්ස් එකක් තිබ්බ උනුත් මාත් එක්ක හෙන ෆිට්. කොල්ලන්ට සපෝර්ට් කරනව, හැම එකා එක්කම හොඳට කතා කරල ඉන්න හින්ද, කෙල්ලන්ට පැනි හලන්න නොයන එකෙක් හින්දයි, ජිම් එකේ අයියත් බොක්ක. පොර හදිස්සියකදි එලියට යනකොට කෙල්ලන්ට කියල යනව මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනව නං, අහගන්නව නං මට කියන්න කියල. උනුත් හෙන ෆිට් ඉතිං. ආවම කියෝනව, එක එක ඒව අහනව වෙලාවකට එපා වෙනව කච කචේ. ඒ ලෙවල් එකේ හිටිය.
දවසක් ටිකක් ලෙඩ වෙලා ඉද්දි ගියා ජිම් එකට. ටික වෙලාවකින් උණ ගැනෙන්න වගේ ආව. ගෙදර යනව කියල හිතල dead lift එකක් ගහන්න ගියාම කලන්තෙ දැම්ම. බලද්දි හැමෝම වටවෙලා. ෆිලුමක් බලනව වගේ මූණට එබීගෙන ඉන්නව. හෙන ලැජ්ජයි. අඩු වෙනකං ඉඳල හෙමීන් සීරුවෙ මාරුවෙලා ආව.