හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල හෙවත් එච්.ආර්.ජෝතිපාල නම් අසාහය ගායකයා මිය ගොස් අදට වසර 25කි. මියගොස් වසර 25ක් ගත වී ඇතත් අපට ශ්රවනය වන ඔහුගේ ගීත ප්රමානයේ අඩුවක් වී නොමැත.සෑම ගුවන් විදුලි නාලිකාවක්ම පැය දෙක තුනකට වරක් නොවරදවාම ඔහුගේ ගීතයක් ප්රචාරය කරනු ලබයි.නවක ගායන තරු අභිශේකයක වලදී ඔහුගේ ජනප්රිය ගීත කිහිපයක් නොවරදවාම ගායනා කරනු ලබයි. ජෝති අප අතරින් වෙන් වී වසර 25ක් ගත වුවද අප රටේ අදටත් ජනප්රිය ගායකයා ඔහුම බව කිසිදු විවාදයක් නැත.
ඔහු පොදු ජනතාවගේ ගායකයා විය.ඔහුගෙන් පසු ඔහුගේ ජනප්රියත්වයට ලගා විය හැකි ගායකයෙකු ශ්රී ලංකාවෙන් බිහි නොවීය,ඉදිරියටත් එය එසේම වනු ඇත.
FB



