Habarana Accident

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඌ බීලද කොහෙද බන්.නිව්ස් එකක් නැහැ මේක ගැන.වීඩියෝ එක විතරයි තිබ්බේ.:yes:

    පරීක්ෂා කරද්දී රාළහාමිත් එල්ලගෙන ධාවනය කරලා - පොලිස් අණ නොතැකූ මාලිගාවත්තේ කොල්ල කල්ලියට සිදුවූ දේ

    දිවයිනේ ප්‍රදේශ ගණනාවක මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙක් සමග නවීන මෝටර් රථයක් ඇතුලු භාණ්ඩ තොගයක් හබරණ පොලීසිය මගින් අද (19) උදෑසන අතුඅඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

    මෙහිදී පොලිස් නිළධාරියෙකුට තුවාල සිදුවි පොළොන්නරුව රෝහලට ඇතුලත්කර ඇත.

    අද අලුයම හබරණ පොලීසියට කඩුගන්නාව පොලී‍සියෙන් ලැබුණු තොරතුරුක් අනුව සැකකාර මෝටර් රථය හබරණ වටරවුම අසලදී හබරණ රථවාහන පොලීසියේ පොලිස් කොස්තාපල් (73279) බණ්ඩාර සහ පොලිස් කොස්තාපල් (73451) උඩුවැල්ල යන නිළධාරීන් විසින් පරීක්ෂාකර ඇති අතර එහිදී මොටර් රථය නවත්වා නැවත ධාවනකර ඇත.

    එහිදී පොලිස් කොස්තාපල් උඩුවැල්ල මහතා මෝටර් රථයේ එල්ලී නැවැත්වීමට උත්සාහකර ඇති අතර එහිදී මෝටර් රථය අසල තාප්පයක හා කන්ටේනර් රථයක ගැටී ඇත.

    මෝටර් රථයේ පැමිණි සැකකරුවන් ඵලාගොස් ඇති අතර පොලිස් වැටලීම් වලදී හබරණ- සෙවණ ගම, ත්‍රීකුණාමලය පාර සහ හතරැස්කොටුව ප්‍රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සැකකරුවන් විසින් නිට්ටඹුව, කඩුගන්නාව, පොළොන්නරුව, ගොකරැල්ල ආදී ප්‍රදේශවල වෙළඳසැල් කිහිපයක් මංකොල්ලකැ ඇති අතර සැකකරුවන් කාත්තන්කුඩි, වැලිකන්ද, කිරුළපන, මාළිගාවත්ත ප්‍රදේශවල පදිංචි මුස්ලිම් ජාතිකයන් බව පෙලීසිය සඳහන් කරයි.

    මොටර්රථය මාළිගාවත්ත ප්‍රදේශයෙන් කුලීපදනම මත ලබාගත් රථයක් වන අතර කාර් කැසට් තොගයක්, රෙදිපිළි, ජංගම දුරකතන උපාංග, බුදු පිළිම ආදිය සහ යකඩ කටුවක් සහ මිටියක් ද අත්අඩංගුවටගෙන ඇත.