ටොකියෝ සරසවියේ කෘෂිකර්ම අංශයේ මහචාර්යවරයෙක් වූ හිඩෙසබුරෝ යුඑනෝ 1924 දී සුරතලයට ඇති කරන්නට බල්ලකු ලබාගෙන ඌට හචිකෝ යන නම තැබුවේය.
ඌ සිය මව් බැල්ලගේ අට වන පැටවා වූයේය. ‘හචි’ යන්නෙහි අරුත ‘අට’ වූ අතර ‘කෝ’ යන්නෙහි අර්ථය කුමාරයා හෝ ආදිපාදවරයා යන්න වූයේය. ඒ අනුව ‘හචිකෝ’ යන සම්පූර්ණ නමේ අරුත අට වන කුමරු හෝ අටවන ආදිපාදවරයා යන්නයි
මහාචාර්යවරයා විසූ නිවහන ආසන්නයේ ෂිබුයා දුම්රියපොළ පිහිටා තිබිණි. ඔහු ටෝකියෝ සරසවියට ආවේ ගියේ දුම්රියෙනි. උදෑසන මහාචාර්යවරයා සමඟ දුම්රිය පොළට යාම පුරුද්දක් කර ගත් හචිකෝ සවස මහාචාර්යවරයා ආපසු පැමිණෙන වේලාවට දුම්රිය පොළට ගොස් බලා සිටින්නට ද පුරුදු වූයේය.
පස්වරුවේ ටෝකියෝ සිට දුම්රිය පැමිණෙන තුරු වේදිකාවට වී හිඳගෙන බලා සිටින හචිකෝ දුම්රිය ස්ථානයේ සේවකයන්ට ඉතා හුරු පුරුදු දර්ශනයක් වූයේය. තම ස්වාමියා දුම්රියෙන් බැස ගත් විගස වලිගය වනමින් ඔහු වෙත දිව ගිය හචිකෝ ඊළඟට ඔහු හා ඔහුගේ නිවෙස කරා ගමන් ගත්තේය.
දුම්රිය ස්ථානයේ සිටි මඟීන්ට කිසිම දිනෙක හචිකෝගෙන් කරදරයක් බාධාවක් සිදු වූයේ නැත. උගේ අරමුණ සම්පූර්ණයෙන්ම යොමු වී තිබුණේ තම ස්වාමියා කෙරෙහි පමණි.
උදෑසනත් සන්ධ්‍යාවේත් ෂිබුයා හි මාවත් දිගේ ගමන් කරන මහාචාර්යවරයා සහ හචිකෝ එහි ප්‍රදේශවාසීන්ට ද හුරු පුරුදු දසුනක් විය.
1925 මැයි මාසයේ එක් උදෑසනක හචිකෝ සිය ස්වාමියා දුම්රිය පොළට ඇරලවා ආපසු නිවසට පැමිණියේය.
සන්ධ්‍යාවේ ඌ යළි ෂිබුයා දුම්රිය ස්ථානයට ගියේ ටෝකියෝ සිට දුම්රියෙන් එන ස්වාමියා පිළිගෙන ඔහු නිවසට කැඳවා ගෙන එන්නටය. එහෙත් එදින මහාචාර්යවරයා ආපසු පැමිණියේ නැත.
එදින පමණක් නොව යළි කිසි දිනෙක මහාචාර්යවරයානොපැමිණෙන බව හචිකෝ දැන සිටියේ නැත. සරසවියේදී හදිසි හෘද රෝගයකට ගොදුරු වූ මහාචාර්යවරයා අවසන් හුස්ම හෙළා තිබිණි.
ඊළඟ වසර නවය පුරා තම ජීවිතය අවසන් වන තුරුම සෑම සන්ධ්‍යාවකම ටෝකියෝ සිට දුම්රිය පැමිණෙන වේලාවට හචිකෝ නොවරදවාම ෂිබුයා දුම්රිය ස්ථානයට පැමිණියේ යම් දිනෙක තම ස්වාමියා තමා වෙත ආපසු පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් මෙනි.
මහාචාර්යවරයාගේ ඥාතීන් හචිකෝ වෙනත් පවුලකට හදා ගන්නට දුන්නත් එතැනින් පලා ආ හචිකෝ යළි ලැගුම් ගත්තේ මහාචාර්යවරයාගේ නිවසේය. රන්වන් පැහැයට හුරු ලා දුඹුරු පැහැ හචිකෝ තම ස්වාමියා තවදුරටත් නිවසේ නැති බව වටහා ගන්නට ඇත. එහෙත් ඌ සුපුරුදු පරිදි දිනපතා ෂිබුයා දුම්රිය ස්ථානයට ගොස් ස්වාමියා පැමිණෙන තුරු බලා සිටියේය.
හචිකෝ ගැන දැන සිටි දුම්රිය ස්ථානයේ සේවකයෝ සහ මඟීහු ඌට ආදරයෙන් සැලකූ®හ. ආහාර පාන ගෙනැවිත් දුන්හ.
මහාචාර්යවරයාගේ ශිෂ්‍යයකුට හචිකෝ පිළිබඳ දැනගන්නට ලැබිණි. ස්වාමියාට අපූරු පක්ෂපාතීත්වයක් දක්වන මේ බල්ලා ගැන ඔහු ලියූ ලිපියක් ටෝකියෝවේ ‘අසාගි ෂිම්බන්’ පුවත් පතේ පළ වූයේය. ඒ සමඟම මුළු ජපානයේම අවධානය හචිකෝ වෙත යොමු විය.
ඌ අයත් වූයේ ‘අකිටා’ වර්ගයටය. ‘අකිටා’ වර්ගයේ බල්ලන්ගේ ස්වාමියාට ඇති පක්ෂපාතීත්වය ගැන පුළුල්ව කතා බහක් ඇති වෙද්දී ජපානය පුරා එම වර්ගයේ බල්ලන්ට අලුතින් සැලකිලි ද ලැබෙන්නට විය.
මහාචාර්යවරයා පැමිණෙන තුරු බලා සිටින්නට ඔහුගේ මරණයෙන් පසු නව වසරක් තිස්සේ ෂිබුයා දුම්රිය ස්්ථානයට ආ ගිය හචිකෝ 1935 මාර්තු 8 දා ෂිබුයා හි වීදියක මිය ගොස් සිටියේය.
ස්වාමියාට අප්‍රමාණ පක්ෂපාතීත්වයක් දැක් වූ මේ බල්ලා හචිකෝ ගේ සිරුර කල් තැබිය හැකි ආකාරයට සකසා යුඑනෝ හි ජපන් ජාතික විද්‍යා කෞතුකාගාරයට යැවුණු අතර අද ද එම සිරුර එහිදී දැක ගන්නට පුළුවන.
ෂිබුයා වැසියෝ 1934 අප්‍රේල් මාසයේදී හචිකෝගේ ලෝකඩ පිළිමයක් තනා එය ෂිබුයා දුම්රිය ස්ථානය අසල පිහිටු වූහ. දෙවැනි ලෝක යුද්ධයේදී ඊට යම් යම් හානි සිදු වූ නමුත්, එය ප්‍රතිසංස්කරණය කොට 1948 අගෝස්තුවේදී යළි ප්‍රතිෂ්ඨාපනය කෙරිණි.
එම පිළිමය ආසන්නයේ ඇති දුම්රිය ස්ථානයේ පිටවීමේ දොරටුව හැඳින්වෙන්නේ ‘හචිකෝ පිටවීමේ දොරටුව’ යනුවෙනි. සෑම වසරකම අප්‍රේල් මස 8 දා ජපානයේ බල්ලන්ට ආදරය කරන සිය ගණන් දෙනා හචිකෝ ගේ ප්‍රතිමාව අසලට පැමිණ ඌ සිය ස්වාමියාට දැක් වූ පක්ෂපාතීත්වය සිහි කොට ඌට
ගෞරව දක්වති.
1987 දී ජපානයේ ප්‍රදර්ශනය වූ ‘හචිකෝ මොනොගාටාරි’ චිත්‍රපටයට පසුබිම් වූයේ හචිකෝය. එම චිත්‍රපටයේ නමේ අර්ථය වූයේ ‘හචිකෝ ගේ කතාව’ යන්නයි. 1923 නොවැම්බර් 10 දා ඕඩාටේ නගරයේ හචිකෝ උපත ලැබූ තැන් පටන් ෂිබුයා හි වීදියකදී 1935 මාර්තු 8 දා මිය යන තරු හචිකෝගේ සම්පූර්ණ ජීවිත කතාව එම චිත්‍රපටයේ අඩංගු වූයේය.
සෙයිජිරෝ කොයාමා අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටය ජපානයේ ප්‍රදර්ශනය වූයේ ඉහළ ආදායම් වාර්තා තබමිනි.
හොලිවුඩය ද ‘හචිකෝ’ නමැති බල්ලාගේ කතාවට ආකර්ෂණය වූයේය. 2009 අගෝස්තුවේ පටන් ලොව පුරා ප්‍රදර්ශනය වූ ‘හචි; අ ඩෝග්’ස් ස්ටෝරි’ ලැසේ හෝල්ස්ට්රෝම්ගේ අධ්යක්්ෂණයක් වූයේය.
රෝඩ් දූපත් හි රූගත කළ එම චිත්‍රපටයේ මහාචාර්යවරයා ලෙස රිචඩ් ගියර් රඟපෑ අතර ජෝන් ඇලන්, ජේසන් ඇලෙක්සැන්ඩර්, එරික් අවාරි, කේරි – හිරොයුකි තගාවා ආදීහු රඟපෑහ. ඩොලර් ලක්ෂ 160 ක වියදමින් තැනූ මිනිත්තු 104 ක ධාවන කාලයකින් යුත් එම චිත්‍රපටයේ තිර රචකයා වූයේ ස්ටීවන් පී. ලින්ඩ්සේය.
කෙසේ වුවත් මෙම චිත්‍රපටයේ කතාව සැබෑ කතාව ඇසුරෙන් වර්තමානය පසුබිම් කර ගත්තක් වූයේය. ජපානයෙන් අමෙරිකාවට එවනු ලබන අකිටා වර්ගයේ බලු පැටවකු හැදෙන්නේ වැඩෙන්නේ පාකර් විල්සන් (රිචඩ් ගියර්) නමැති මහාචාර්යවරයා ඇසුෙර්ය.
ඉතිරිය හචිකෝ ගේ සැබෑ කතාවට සමාන වෙයි. හචිකෝ ලෙස මෙම චිත්‍රපටයේ පෙනී සිටියේ ‘චිකෝ’ නමැති අකිටා වර්ගයේ බල්ලාය. හචිකෝ ගේ ජීවිතයේ විවිධ වයස් මටටම් සඳහා ලයිලා සහ ෆොරස්ට් යන බලු පැටවු ද පෙනී සිටියහ.
හචි – අ ඩෝග්’ස් ස්ටෝරි රූගත කෙරුණේ බ්‍රිස්ටල්, වූන් සොකට් හා කිංග්ස්ටන් යන අමෙරිකානු ප්රදේශවලය. සැබෑ කතාව ජපානයේ හා එරට ෂෝවා යුගය පසුබිම් කර ගත්තක් වුවද මෙම චිත්‍රපටයට පාදක වූයේ නූතනය සහ අමෙරිකාවයි
ජපාන ජාතික විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති හචිකෝ ගේ සිරුර
ෂිබුයා දුම්රිය ස්ථානය අසල ඇති හචිකෝ ගේ පිළිමය
හචිකෝ
හචිකෝ වෙනුවෙන් නිපදවූ හොලිවුඩ් චිත්‍රපටය
Hachiko A Dogs Story[2009]BRRip H264

Download Torrent

තවමත් කාර් එකේ අපි කොහේ හරි ගිහින් ආවහම, ඩ්‍රයිවින් දොර අරිනකම් බලාගෙන ඉන්නවා, තාත්තද ආවේ කියලා බලන්න......