'Hairgate' iPhone 6 අලුත්ම_ලෙඩේ මෙන්න

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    'Hairgate' iPhone 6 අලුත්ම_ලෙඩේ මෙන්න

    iPhone 6 එකේ අලුත්ම ලෙඩේ මෙන්න

    මෑතකදී නිකුත්වූ ඇපල් අයි ෆෝන් 6 ප්ලස් දුරකථනය මෑතකදී ලොවපුරා වඩාත් කතාබහට ලක්වුයේ එය නැවී යාම හේතුවෙනි. මෙය අන්තර්ජාලය පුරා "බෙන්ඩ් ගේට්" නමින් ජනප්‍රිය විය. පළමුවරට අයිෆෝන් දුරකථනය නවා තිබුනේ "අන්බොක්ස් තෙරපි" නම් යුටියුබ් චැනල් එකෙහි හිමිකරුවන අතර පසුව ඔහුට එල්ලවූ චෝදනා හේතුවෙන් ඔහු ප්‍රසිද්ධියේ මහමග සිටි කිහිපදෙනෙකු ඉදිරියේ අයි ෆෝන් දුරකථනයක් නවා පෙන්වා තිබුණි.

    මෙම තත්වය හමුවේ ඇපල් සමාගම එම දෝෂය පිළිගත්තත් එය ඇතිවන්නේ ඉතාම කලාතුරකින් බව ප්‍රකාශකොට තිබුණි. තවමත් නොවිසිදුණු "බෙන්ඩ්ගේට්" ගැටළුව හමුවේ අයිෆෝන් දුරකතනයේ තවත් ගැටළුවක් පැන නැගී තිබේ. ඒ අයි ෆෝන් දුරකතනයෙන් ඇමතුම් ලබාගන්නා විට දුරකථනයෙහි බඳේ හා ඉදිරිපස වීදුරුව අතරතුර කොටසට බොහෝ දෙනෙකුගේ රැවුල හසුවීමේ ප්‍රවණතාවයක් ඇතිවී තිබීමයි.

    අයිෆෝන් 6 දුරකථනය භාවිතා කරන සැලකියයුතු පිරිසකට මෙම ගැටලුවට මුහුණ පෑමට සිදුව ඇති අතර ඔවුන් මෙය හඳුන්වා ඇත්තේ "නිර්මාණයේ දෝෂයක්" ලෙසය. නව දෝෂය සමාජ ජාල තුල පැතිරෙනුයේ "හෙයාර්ගේට්" යනුවෙනි.



    1412644186036_wps_27_image001_png.jpg


    1412644194591_wps_28_image006_png.jpg


    1412644099649_wps_26_TOKYO_JAPAN_SEPTEMBER_19_.jpg


    1412644473277_wps_29_wahnker_Twitter_https_twi.jpg


    1412644535732_wps_30_maxcento_Twitter_https_tw.jpg





    nethfm (pics:dailymailuk)




    :rofl::rofl: