so whats the big deal ?
ඕක අපහාසයක් වෙනවනම් වෙන්නේ අපේ එවුන් " මේක අපිට අපහාසයක්" " මේක අපිට අපහාසයක් " කියල කෑ ගැහුවොත් තමා.
අපි ඉස්සරලම තේරුම් ගන්න ඕනෑ ලංකාව ඉන්නේ මොන තත්වයේද කියල. අපේ රට ගැන ඔය වගේ දෙයක් කියවිල තියෙන්නේ, උන්ට අපිට අපහාස කරන්නට ඕනෑකමකට නෙමේ. එවුන් ලංකාව කියල දකින විදිය අනුව. අපි කොච්චර කෑගැහුවත් අපි එහෙම නෙමේ කියල උන්ට ගානක් නැහැ.
ලංකාවෙ මිනිස්සු කවදාවත් හිතලවත් නැහැ මේ තත්වයෙන් ගොඩ එන්නේ කොහොමද කියල. අපි හිතන විදිය අනුව නෙමේ අපේ රටේ ප්රතිරූපය හැදෙන්නේ, අපි කරන දේවල් අනුව.
අපි හැමදාම හිතාගෙන ඉන්නේ අපි තමා ලෝකේ හොදම ජාතිය කියල. ඒක හරි, මොකද ඕනෑම රටක මිනිහෙක් එහෙම තමා හිතන්නේ, එහෙම තමා හිතන්න ඕනෑ. නමුත් අපි එහෙම හිතාගෙන හිටියට අපේ රට ඒ තත්වයට එන්නේ නැහැ, අපි ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනෑ. කැප වෙනවා කියන්නේ ත්රෙඩ් එකක් දාගෙන මේ වගේ දෙයකට විරෝධය පාන එක නෙමෙයි. අපි කරන්න ඕනෑ අපි සාදාචාරමත් ජාතියක්, හැදිච්ච ජාතියක් කියල ක්රියාවෙන් පෙන්වන එක.
මේවා කීවම මටත් කොටි ටැග් වදී, සෘණ රෙප් එයි. කමක් නැහැ
ඔයාල රටට ආදරෙයි වෙන්න පුලුවන්. නමුත් මම මගේ රටට ඇත්තටම ආදරේ හින්ද මේ ටික කීවේ.




its trueTry to clearly understand the bolt line , Srilankan = Refugee


ලංකාවෙන 1983 ඉඳන් 2009 වෙනකං "සරනාගත" හැටියට ඉන්ග්රීසි බැරි විශාල ප්රමාණයක් පිට වුනා. ඒක අපි ඔක්කොම දන්න කරුණක්. ඒකෙන් කීදෙනෙක් සැබෑ සරණාගතයොද නැද්ද කියන එක වෙනම ප්රශ්ණයක්. නමුත් ඒ පිරිස් වෙන රට වල ඉන්නෙ "සරණාගත" හැටියට. අමතක කරන්න එපා සරණාගත හැටියට කොටින්ගෙන් බේරෙන්න ගිය කත්තියත් ඔය අතර ඉන්නවා.
ඒ හින්දා ලංකාවෙන් සරණාගත හැටියට වෙන රටක කෙනෙක් හිටියා කියන එකෙන් අපහාසයක් වෙන්නෙ නෑ. ලංකාවෙ ඉන්ග්රීසි දන්නෙ නැති පිරිස් ඕනෙ තරං ඉන්නවා. එතනින් කොහොමත් අපහාසයක් වෙන්නෙ නෑ.
ඔය චිත්රපටයෙ කොහෙවත් කියන්වාද කාගෙන් බේරෙන්නෙද ඔය සරනාගත හැටියට ඇවිල්ලා හිටියේ කියලා ? ලංකාවෙ මොන ජාතියකටවත් ඒකෙ ඇගිල්ලක් දික් කරලා තියෙනවාද ඔය තත්පර කීපයක තියෙන දෙබසෙන් ?
සුලු දේකටනෙ උඹලා මැරෙන්න හදන්නෙ.
මේක ලංකාවට අපහාස කරන්න හිතාගෙන ලිව්ව එකක් වගේ පේන්නේ නෑ... තමන්ගේ පෞද්ගලික අත්දැකීමක් දෙබසකට ඇතුල් කිරීමක් වගේ පේන්නේ..
ලංකාවේ ඉතින් ඕනම දෙයක් බටහිර කුමන්ත්රනයක්නේ...........



මේ කතාව ඇත්ත... මේ ෆිල්ම් එකේ script writer මේ වගේ ලංකාවෙන් ආපු සරණාගතයන් දැකලා ඇති... විශේෂයෙන්ම කැනඩාවේ...මේක ලංකාවට අපහාස කරන්න හිතාගෙන ලිව්ව එකක් වගේ පේන්නේ නෑ... තමන්ගේ පෞද්ගලික අත්දැකීමක් දෙබසකට ඇතුල් කිරීමක් වගේ පේන්නේ..
ලංකාවේ ඉතින් ඕනම දෙයක් බටහිර කුමන්ත්රනයක්නේ...........
![]()




"ඕනම දෙයක් බටහිර කුමන්ත්රනයක්නේ." 



