Hannah Ferguson Hot

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,605
    776
    113
    Hamilton, NZ
    ප්‍රෝන් කියන්නේ ඉස්සට. :lol:


    විශේෂ අවස්ථාවකට ප්‍රෝන් ‘කොක්ටේල්



    av09091317.jpg


    මධ්‍යම ප්‍රමාණයේ ඉස්සන් 10 ක්
    කොක්ටේල් සෝස් මේස හැඳි 3 ක්
    මැන්ගො සල්සා තේ හැඳි 01 ක්
    සැරසීම සඳහා තක්කාලි තීරු 1 යි
    සිහින්ව කපා ගත් සලාද කොළ 2 යි
    කළු ඔලිව් ගෙඩි 1 යි
    ඇපල් තීරු (අවානක ආකාරයට)
    කොක්ටේල් සෝස් හදා ගන්නා අයුරු
    මයෝනිස් සෝස් මේස හැඳි 4 කට තක්කාලි කෙචප් (සෝස්) මේස හැඳි 4 ක් සහ අවශ්‍යනම් බ්‍රැන්ඩි තේ හැඳි 1/2 ක් දමා හොඳින් මිශ්‍ර කරන්න.

    මැන්ගො සල්සා හදා ගන්නා අයුරු
    ඉතා කුඩා කොටුවලට කපා ගත් ඉඳුණු අඹ මේස හැඳි දෙකක් රෙඩි බෙල් පෙපර් කුඩා කොටුවට කපා ඉන් තේ හැන්ඳක්, සිහින්ව ලියා ගත් මින්චි කොළයක්, ‘ඔලිව් තෙල් තේ හැඳි 2 ක්, දෙහි යුෂ තේ හැඳී 1/2 ක් දමා රස අනුව ලුණු සහ ගම්මිරිස් එක්කොට හොඳින් මිශ්‍ර කරන්න.
    හැදූ කොක්ටේල් සෝස් සහ මැන්ගො සල්සා ශීතකරණයේ තබා අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනයට ගත හැකියි.
    ප්‍රෝන් කොක්ටේල් එක ඇසිරීම සඳහා කොක්ටේල් ග්ලාස් එකක් පාවිච්චි කරන්න.
    තම්බා පොතු ඉවත් කරගත් ඉස්සන්, ලුණු, දෙහි සහ ඔලිව් තෙල් දමා විනාඩි 5 - 10 ක් පදම් කරගන්න.
    කොක්ටේල් සෝස් එකේ මිශ්‍ර කළ සිහින්ව ලියූ සලාද කොළයක් ග්ලාස් එකේ අඩියට ම දමන්න. ඒ උඩට පදම් කරගත් ඉස්සන් රටාවකට අසුරන්න. තම්බා ගත් බිත්තරයෙන් තීරුවක් කපා එය ද ඇපල් තීරු අවානද දෙකට පැලූ කළු ඔලිව් ගෙඩිය ද තක්කාලි තීරුවද ඉස්සන් මත රටාවකට තබන්න. කොක්ටේල් සෝස් එක, සරසා ගත් ඉස්සන් උඩින් වක්කර, මැන්ගො සල්සා ටික මැදින් තබන්න. ඉස්සන් මේ සියලු රසවල දවටමින් කෑ හැකි අතර මෙය ආහාර රුචිය වඩවන ‘ඇපටයිසර්’ එකක් ලෙස ද ගත හැකියි. පුංචි අයගේ සාදයකට වුව ගැළපෙන අතර, එවැනි විටෙක කොක්ටේල් සෝස් එකට බ්‍රැන්ඩි තේ හැඳි 1/2 නොදමා හදන්න.
    හැමදාම කන විදියෙන් මිදී, ඉස්සන් මේ විදියටත් හදා ගෙදර අයට රස විඳින්න දෙන්න ඔබට පුළුවන්.
    උපදෙස් හිල්ටන් හෝටලයේ විධායක සූපවේදී රොහාන් ප්‍රනාන්දුපුල්ලේ.

    ඉනෝකා


    ඇත්ත කියපන්. google කරලා මුලින් ආපු ලින්ක් එක කොපි පේස්ට් කරා නේහේ තෝ. :rofl: නොදකින් පකේයා ඕක පෙන්නන්ද තෝ මට PM එකකකුත් ගැහැව්වේ. ඕවා වැඩක් නැ තව නෙදර්ලන්ත ජීවිතේ ෆෝටෝස් ටිකක් දාෆන්. :lol: