Harry Potter Invisibility cloack හැරී පෝටර්ගේ නොපෙනී යන කබාය

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Harry Potter Invisibility cloack හැරී පෝටර්ගේ නොපෙනී යන කබාය


    විශ්මය ජනක වු මායාකාර චිත්‍රපටියක මනංකල්පිත වු යමක් විද්‍යාවේ දියුණුවත් සමඟ සැබෑවක් බවට පත්වීමත් ඇත්තටම “මාරයි“ නේද? :shocked:

    මොකද නොපෙනී යන්න කවුද අකමැති.. :P

    හැරී පෝටර් පළමු චිත්‍රපටියේ විනිවිද පෙනෙන නොපෙනී යන කබායක් ඇද ගෙන යන හැරි පෝටර්ව කාටත් මතක ඇති..
    1.gif


    මතක නැති අය මේ පින්තුරේ දැක්කාම මතක් වෙයි..

    Chamikawpblogspotcom2-14.jpg


    කොහෝම වුනත් මෙවැනි අදහසක් මුලින්ම ඇවිල්ලා තියෙන්නේ 1993 දි තිරගත වුන Invisible man නම් වුනු චිත්‍රපටියකින් ලු... :P


    the_invisible_man_by_stevedore.jpg

    අද "ඉසව්ව" පැත්තට දාන්න කියලා යන්නෙත් ඒ වගේ දෙයක් කියාලා මාතෘකාව දැක්කාම හැමෝම දන්නවනේ... :rofl::rofl:


    ආ.. ඒක ඇති දැන් 2011 ට එමු... :P


    පහුගිය ඔක්තෝම්බර් මාසේ අන්තර්ජාලයේ පුවතක කියවුනේ හැරී පෝටර්ගේ නොපෙනී යන කබාය විද්‍යඥයින් සොයා ගනී.. එය දැනටමත් වතුර යට වැඩ කරනවා කියලයි. ඉතින් ඒ ගැන හා ඊට සම්බන්ධ විස්තර ටිකක් තමා මේ...
    3.gif

    පින්තුර විස්තර විඩියෝ සියල්ලම අන්තර්ජාලයෙන්...

    කියවලා බලලා මේ ගැන අදහසක් එකතු කරන්න කියලත් ඉල්ලනවා... :):)


    ගිය ඔක්තෝම්බර් මාසේ ඇමරිකානු ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් විනිවිද පෙනෙන කාබන් පරමාණු ඉතා කුඩා කරමින් ඒවා මිලියන ගනනින් එකතු කොට මිනිසා විසින්ම සැදු කාබන් නැනෝටියුබ් නැමැති කඩදාසි භාවිත කරමින් සිදුකල පර්යේෂණයකට පසු මෙවැනි කබා නිපද වීමට එමගින් හැකිවේයයි පවසනවා...:shocked:


    මතුපිටක සිට පරාවර්තනය වී පැමිණෙන ආලෝකය ඇසට ලගා වීමට පෙර විහිදවා දැමීමේ ක්‍රමවේදයක් මේ සඳහා ඔවුන් භාවිතා කරන අතර එය දැනටමත් ජලය තුලදි සාර්ථකව සිදුවෙනවා...

    මේ තියෙන්නේ එහි අවස්ථා දෙක... :nerd:
    බලන්න :eek::eek:
    පලවෙනි රූපයේ Invisibility cloak වචනය

    දෙවනි එකේදී නැතිවෙලා ගිහිල්ලා...

    Chamikawpblogspotcom3-13.jpg


    එය හරියට අපි දකින මිරිඟුව වගේලු..:nerd:

    විඩියෝ යට තියෙනවා..
    :D

    ප්‍රධාන පර්යේෂක Ali Aliev මහතා එම පර්යේෂණය සිදුකරන අයුරු
    යු ටියුබයට එකතු කර අතර එය සැබැවින්ම සිදුවන බව දැකිමෙන් ඔහු සතුටු වන බවත් මෙය විද්‍යාවේ නව මාවතක් බවත් ප්‍රකාශ කරයි..


    Ali Aliev මහතා

    Chamikawpblogspotcom1-15.jpg


    මේ තියෙන්නේ ඒ විඩියෝව... :nerd::nerd:


    ස්විඩනයේ පර්යේෂකයින් පිරිසක් මේ පිළබඳව වැඩි දුරටත් පර්යේෂණ සිදුකරනුයේ යුධ ටැංකි සඳහා මෙය යොදා ගෙන උෂ්ණත්වය සොයා ගෙන එන මිසයිල වලින් ආරක්ෂා විම ඉටු කර ගැනීමටයි...:baffled::baffled:

    දැක්කා නේ??? :P

    මේ අවුරුද්දේ එහේම වෙද්දි 2010 දි එනම් ගිය අවුරුද්දේ ස්කොට්ලන්තයේ ඇන්ඩෘ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇන්ඩෘ ඩි පැල්කෝ සමග එකතු වෙච්ච පර්යේෂකයන්

    මෙටෆෙලෙක්ස් (Metaflex)

    metaflex1.jpg

    නම් වු මුලද්‍රව්‍යක් යොදා ගෙන ආලෝකයේ දිර්ඝ තරංග ආයාම ලෙස වස්තුවට වැලැක්වීම වලක්වා එම වස්තුව ඇසට පෙනීම වැලැක්වීම සඳහා පරීක්ෂා කටයුතු කල අතර එම මුලද්‍රවයේ අනු තවත් කුඩා කරමින් එයින් මෙටාමැටීරියල්(Metamaterials) නැමති ද්‍රව්‍යක් නිපද වු අතර ඝන ද්‍රව්‍යක් වු එහි අංශු තව තවත් කුඩා කරමින් එමගින් නැමෙන සුළු වු "මෙටාමෙම්බුෆ්ස්" නැමැති ද්‍රව්‍යක් සාදා

    metaflex2.jpg

    එයින් කිහිපයක් එකතු කරමින් නැමෙන සුළු රෙදි වර්ගයක් නිපදවා ඇත. එමගින් මෙම විශ්මය ජනක වු මායාකාර කබාය නිපද විය හැකි බවයි ඔවුන් ප්‍රකාශ කර තිබුනේ... :shocked::shocked::shocked:

    අනික මෙම මෙටාමෙම්බුෆ්ස් මගින් සාමාන්‍ය කාච වලට වඩා බලයෙන් වැඩි කාච නිපද වන්නට පුළුවන් හැකියාවත් ලැබිලා... :P


    2009 දි ඇමරිකානු ඩියුක් සරසවියේ පර්යේෂකයන්
    'broadband ground-plane cloak'
    ලෙස හැදින්වු ආලෝකය හරවා යවන තාක්ෂණයක් සොයා ගත්තත් එය එතරම් සාර්ථක වී නැත. :no:ක්‍රෝනෙල් සරසවියේ ද පර්යේෂකයින් මේ කබාය නිර්මාණය කිරිමේ කටයුතු ගැන පර්යේෂණ කලත් මෙවැනි සාර්ථක ක්‍රම ලැබි නැත..:no::no:


    කොහෝම වුනත් මේ යන විදිහට නම් ඉක්මනටම නොපෙනී යන කබායක් ගන්න නම් බැරිවෙන එකක් නෑ..
    11.gif

    හැබැයි මේක හොදට වඩා නරක දේවල් වලටත් යොදා ගන්න ඉඩකඩ වැඩියි නේද? :P

    මොකද ඉතින් නොපෙනී ඉදගෙන කියක් දේවල් අපිට කරගන්න පුළුවන්ද නේද? :cool:
    මේ දැනුත් මැවි
    මැවි පේනවා...
    7.gif
    7.gif


    උපුටා ගැනීම.. චාමිකයගේ බ්ලොග් ඉසව්ව..
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එලකිරි.............
    අපත් සමග බෙදාගැනීමට ස්තූතිය...............