HDD, SSD සහ SSHD අතර වෙනස !

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    HDD, SSD සහ SSHD අතර වෙනස !



    Seagate.SHDD.boost-time-chart.jpg

    seagate-hybrid-sshd-hdd-ssd-gaming-storage-guide.jpg


    හරි පුංචි වෙලාවක් ලැබුනා ඉතින් අද ලැස්ති උනේ මොකක්ද මේ HDD, SSD සහ SSHD අතර වෙනස කියලා බලන්නයි. සේරටම කලින් තමන් කරන්න යන වැඩේට හරියන Hard Disk එකක් එහෙමත් නැත්තම් storage device එකක් තීරණය කරන එක ඉතාමත් වැදගත් දෙයක්. සාමාන්‍ය පරිඝනකයකදී නම් එක එතරම් වැදගත් නැ. මොකද හුගක් විට Operating System එකේ loading time එක තප්පර ගානකින් වේගවත් වීම එහෙමත් නැත්තම් file copy process එකක් වේගවත් වීම ගැන සාමාන්‍ය පරිශීලකයෙකුට එතරම් ලොකු තේරුමක් නැති නිසා. එත් සමහර කාරණා වලදී මේ HDD එකක් තෝරාගැනීම ඉතාමත් වැදගත්. උදාහරණයක් විදියට Network file share එකකට සාමාන්‍ය HDD එකක් දැම්මොත් users ලා ගොඩක් මේකට එකම වෙලාවේ access කරනකොට මේ share එක ගොඩාක් ස්ලෝව් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කොම්පැනියකට වගේ නම් මුල්‍යමය විදියට බලපානවා. ඒ කෙසේ වෙතත් මෙන්න මෙහෙමයි මේ HDD, SSD සහ SSHD අතර වෙනස්කම් වෙන්නේ.


    Hard-Disk Drives (HDDs)

    දැනට සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී හුගක්ම දුරට පාවිච්චි වෙන්නේ මෙන්න මේ කියන Hard Disk Drives. හැමෝම දන්නවනේ මේක ඇතුලේ තියෙන්නේ circular type disk platter එකක් හෝ ඊට වැඩි ගණනක්. ඉතින් මේ platters කැරකෙනකොට head එකක් මගින් data read write කරන එක තමයි කරන්නේ. එක පැත්තකින් මේ විදියේ HDD use කරන එක සාක්කුවට හොඳයි. මොකද මිල ගණන් ඉතාම පහල මට්ටමක තියෙන්නේ. හැබැයි ඉතින් මේ ජාතියේ disk drive වල read/write speed එක එහෙමත් නැත්තම් Disk I/O එක ගොඩාක් පහල මට්ටමක තියෙන්නේ. එකට හේතුව තමයි අර කලින් කියපු circular type disk platters පාවිච්චි කරලා මේක හදලා තියෙන එක. මේ නිසා data access කරන්න සැලකිය යුතු මට්ටමේ කාලයක් යනවා. ඒ වගේම මේ disk vibration තත්ත්ව වලට සංවේදී වගේම විවිදාකාර errors ඇති වෙන්න පුළුවන් සම්බාවිතාව වැඩි හෙල්ලිම් ගැස්සීම් වලදී.






    Solid-State Drives (SSDs)


    SSD Disk එහෙමත් නැත්තම් Solid State Drives ගැන කතා කරනකොට මේවා ගොඩාක් අර කලින් කියපු Hard Disk Drives වලට වඩා ඉදිරියෙන් සිටින්නේ තාක්ෂනය අතින් වගේම ගුණාත්මක බාවය අතින්. ඒ වගේම සාමාන්‍ය HDD එකක් වගේ නෙවේ හොඳ මට්ටමේ SSD එකකට පුළුවන් තප්පරයට මෙගාබයිට් 550 ක් write කරන්න. ( මොකද විවිදාකාර brand එනවනේ
    icon_wink.gif
    ) ඉතින් මේ වේගය අර අපි කලින් කතා කර HDD වගේ 275 ගුණයක විතර වැඩි වීමක්. හොඳම SSD එකක් නොවුනත් හැම SSD එකක්ම අනිවාර්යයෙන්ම 200 MB/s වලින් ඉහල writing speed අගයක් ගන්නවා. සාමාන්‍ය HDD එකක් file access එකකට milliseconds 7 ක් 8 ක් වගේ කාලයක් ගන්නකොට මේ SSD එකට පුළුවන් ඒ ක්‍රියාවලිය milliseconds එකකටත් අඩු කාලයකදී කරන්න. හේතුව වෙන්නේ මේක ඇතුලේ අර කලින් වගේ කැරකෙන platters නැ ඒ වෙනුවට තියෙන්නේ flash memory එක නිසා අර කලින් වගේ vibration එකකදී උනත් මේ SSD Disk එකක් හොඳම විදියට preform කරනවා.






    Solid-State Hybrid Drives (SSHDs)


    සරලවම මේ SSHD කියන්නේ SSD Disk වලයි HDD වලයි එකතුවකට. මේකෙදි අර HDD වලදී වගේම data store කරන්න බාවිතා කරන්නේ magnetic platters ඒ උනාට speed එක වැඩි කරන්න මේකෙදි පොඩි වෙනසක් කරලා තියෙනවා. ඒ තමයි වැඩිපුරම access කරන files වල cache එකක් තියාගන්න internal flash memory එකක් හදලා තියෙනවා. එකම data එක වරින් වර දිගටම access කරන තැනකදී මේ SSHD එකක් use කරලා ඉතාමත් හොඳ performance ලබාගන්න පුළුවන්. තවත් දෙයක් තමයි මේකේ තියෙන්නේ සීමිත flash මතක ප්‍රමාණයක් නිසා cache කරන්න පුළුවන් file ප්‍රමාණය සීමිතයි. ඉතින් මේකේ improve වෙන speed එක affect වෙන්නේ හැම වෙලේම සීමිත file ප්‍රමාණයකට.

    Z

    seagate_sshd.jpg


    එහෙනම් මේ ගැන දන්නා දේවල් ඔයාලත් පහලින් comment කරන්න. පස්සේ දවසක ආපහු මේ වගේ පොස්ට් එකකින් හම්බ වෙමු.
    icon_biggrin.gif




    ඉඩක් තිබුනොත් ටිකක් මගෙ බ්ලොග් එක පැත්තෙ ටිකක් ඇවිල්ල " ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි.

    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!





    http://goo.gl/kf4bLO

    images





     
    Last edited: